More
    SportsSL vs NZ 2nd ODI 2024 කුසල්ගේ කුසලතාවය සහ...

    SL vs NZ 2nd ODI 2024 කුසල්ගේ කුසලතාවය සහ එක්දින තරගාවලියේ ජය

    -

    spot_img

    SL vs NZ 2nd ODI 2024 – ඊයේ (නොවැ: 17 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත වූ තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙය, මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පස්වැනි එක්දින තරගමාලා ජයග්‍රහණය යි.

    SL vs NZ 2nd ODI 2024

    යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම කැපී පෙනෙන ලක්ෂණයක් වූ අතර වසර පුරාවටම ලකුණු අතර සිටින පිතිකරුවා බවට පත්ව සිටින ඔහු පළමු තරගයේ ලද ශතකයට අමතරව ඊයේ දිනයේ රැස් කර ගන්නා ලද ලකුණු 74 ත් සමඟ 2024 වසරේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 742 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව සිටී. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය අසාර්ථක වූයේ අවිශ්ක ප්‍රනාන්දු වේලාසනම දැවී යෑම හේතුවෙනි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල බිද වැටෙන විට ලකුණු පුවරුව සටහන් වූයේ 65 ක් වශයෙනි. අනතුරුව සිය ඉනිමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් පළමුව සදීර සමරවික්‍රම සමග ලකුණු 28 ක්ද, අනතුරුව ජනිත් ලියනගේ සමග ලකුණු 39 ක්ද රැස් කරමින් ජයග්‍රහණයට අදාළ අඩිතාලම දැමිය. මෙම තරගයේදී කුසල් පන්දුවට පහර දුන්නේ ආබාධයක් සහිතව වුවද, කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සිය වේදනාව පසෙක දමා පන්දුවට පහර දීම පැසසිය යුතු කාරණයකි.

    SL vs NZ 2nd ODI 2024

     

    ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 46 වැනි පන්දුවායේ අවසන් පන්දුවේදී ජය වාර්තා කරගන්නා විට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉනිමේ කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව සිටියහ. තරගය නිමා වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා සිටිද්දී තරගය අවසන් කිරීමට ඔහුට අනගි සහායක් ලබා දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27 ක් රැස් කළේය. මොවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 47 ක් විය. අසීරු උඩපන්දු අවස්ථා 2 ක් ගිලිහී යෑම හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පන්දු රැකීම ඊයේ දිනයේද විශිෂ්ඨ මට්ටමක පැවැතිණි. මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු රැක ගත් උඩ පන්දු තුනත් ලෝන් ඕන් සිට මිඩ් ඔෆ් දෙසට දිව විත් පැතුම් නිස්සංක රැක ගත් උඩ පන්දුවත් කලකට අමතක නොවන මට්ටමේ උඩ පන්දු රැකිම් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවන්ට සිදුවුණා පමණක් නොව තරගය එක් පිලකට පන්දුවාර 47 කට සීමා කරමින් පැවැත්වීමට ද සිදුවිය.

    SL vs NZ 2nd ODI 2024

     

    පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට රැස් කරගෙන සිටියේ ලකුණු 111 ක් පමණක් වුවත් අනතුරුව යවන ලද පන්දුවාර 6 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 62 ක් ලබා ගැනීමට සමත්වූහ. මෙහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් මාක් චැප්මන් සහ මිචෙල් හේ දෙදෙනාා ගොඩනංවන ලද ලකුණු 75 ක සබඳතාවය ඇතුළත එම ලකුණු සංඛ්‍යාව වාර්තාවීම කැපී පෙනිණි. එහෙත් 5 වැනි කඩුල්ල ලකුණු 173 දී බිඳ වැටීමත් සමඟ නවසීලන්ත ඉනිමට කණ කොකා හැඬවීය. ඒ ඉතිරි කඩුලු 6 ම ලකුණු 36 ක් තුළ බිඳ වැටීම හේතුවෙනි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 3 බැගින් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ දැමූහ. නවසීලන්ත ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලකුණු 75 ක් විය. ලකුණු 93 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී එක්වූ මෙම පිතිකරුවන් ඒ සඳහා පන්දු 78 ක් වැය කර තිබිණි. වැඩිම ලකුණු ලාභියා වූ චැප්මන්ගේ ලකුණු 76 පන්දු 81කදී ලබාගත් අතර ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් විය. නවසිලන්ත පිලේ කඩුලු රකින්නා වූ මිචෙල් හේ ඊයේ දිනයේදී තම මංගල අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ලකුණු 49 ක් ලබා සිටියදීය.

    Latest news

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...
    - Advertisement -spot_img

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන් - Chocolate Brownies Chocolate Brownies කන්න කවුද අකමැති? චොක්ලට් චිප්ස්, බටර්, කොකෝවා පව්ඩර් දාලා හදන...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page