More
    NewsRussia හිටපු අණදෙන නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කරයි

    Russia හිටපු අණදෙන නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කරයි

    -

    spot_img

    Russia හිටපු රුසියානු සබ්මැරීන අණදෙන නිලධාරියෙකු වූ Stanislav Rshitsky වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ ඊයේ උදෑසන (ජුලි 11) දකුණු රුසියානු නගරයක් වන Krasnodar හිදී. Stanislav Rshitsky උදෑසන ව්‍යායාම සඳහා දුවමින් සිටින අතරතුර දී වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

    Russia

    සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුවෙමින් පවතින අතර රුසියානු විමර්ශන කමිටුව පැවසුවේ ඝාතනය සම්බන්ධව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සතුව තිබී පිස්තෝලයක් හමුවී තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා කළේ ඝාතකයා Stanislav Rshitsky ව ලුහුබැඳීම සඳහා Strava නම් app එක භාවිතා කර ඇති බවයි. (ව්‍යායාම කරන්නන් බහුලව භාවිතා කරන මෙම app එක මගින් එය භාවිතා කරන්නා සිටින ස්ථානය වෙනත් අයෙකුට දැන ගැනීමට පුළුවන) ප්‍රහාරය එල්ල වූ මොහොත කිසිදු CCTV කැමරාවක දර්ශනය නොවෙන තරමට ඝාතකයා ප්‍රවේශම් වී තිබෙනවා.

    Russia

    – CNN ඇසුරෙනි –

    Latest news

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 39

    රත් දෝතළු - 39 මිදුල දිගේ මම පිටුපසට පැමිණියෙමි. පිටුපස දොර හරින තුරු මම දොර ළඟ පමා වූයෙමි. මඳ වෙලාවක්...

    වියළි දෙතොලට සමුදෙන්න

    වියළි දෙතොලට සමුදෙන්න - Say bye to dry lips දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page