More
    NewsRussell Brand චැනල් ෆෝ නාලිකාවේ අලුත්ම හෙළිදරව්ව

    Russell Brand චැනල් ෆෝ නාලිකාවේ අලුත්ම හෙළිදරව්ව

    -

    spot_img

    Russell Brand – එංගලන්ත ජාතික හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වන Russell Brand හට සිය කලා ජිවිතයේ කීර්තිමත්ම කාල පරිච්ජේදය තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ චිත්තවේගීය අපයෝජනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. මෙම චෝදනාව එල්ලවී ඇත්තේ The Sunday Times, The Times සහ Channel 4 Dispatches ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකදීය. මෙම විමර්ශනයේදී අපවාදාත්මක සහ කලහකාරී හැසිරීම් සම්බන්ධවද ඔහුට චෝදනා නැගී ඇති අතර විමර්ශන වාර්තාව සන්ඩේ ටයිම්ස්හි පළවී ඇති අතර, Dispatches වාර්තා චිත්‍රපටය, Russell Brand – In Plain Sight නමින් ඊයේ [16 වෙනි සෙනසුරාදා] චැනල් 4 නාලිකාව මඟින් විකාශය කොට තිබෙනවා.

    Russell Brand

    2006 සිට 2013 දක්වා කාලය තුළ තමන්ව ලිංගික අතවරවලට ලක් කළ බවට කාන්තාවන් හතර දෙනෙකු ඔහුට එරෙහිව චෝදනා කරයි. එක් කාන්තාවක පවසන්නේ බ්‍රෑන්ඩ් ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේදී ඇයව දූෂණයට කළ බවයි. එදිනම ඇය ප්‍රතිකාර ලැබු බව සනාථ කරන වෛද්‍ය වාර්තා ඇති බව . ටයිම්ස් පුවත්පත පවසයි. තවත් කාන්තාවක් පවසන්නේ ඔහු තමන්ව වයස අවුරුදු 16 දී අපයෝජනයට ලක්කළ බවත් එවකට ඇය පාසල් වියේ පසුවූ බවත්ය. එම සම්බන්ධතාවයේදී ඔහු තමාව “දරුවා” ලෙස හැඳින්වූ බව ඇය පවසා සිටි. ලොස් ඇන්ජලීස්හි ඔහු සමඟ වැඩ කරන අතරතුර බ්‍රෑන්ඩ් තමාට ලිංගික අතවර කළ බවත්, එය වෙනත් කෙනෙකුට පැවසුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු තමාට තර්ජනය කළ බව තවත් කාන්තාවක් කියා සිටී. ඔහු විසින් ලිංගික අතවර කළ බව කියන හතරවැනි කාන්තාව පවසන්නේ ඔහු ඇයට ශාරීරිකව හා චිත්තවේගීයව හිංසනය කළ බවයි.

    Russell Brand

    චෝදනා ප්‍රකාශයට පත්වී පැය කිහිපයක් ඇතුළත, රංගන ශිල්පියා වයඹ ලන්ඩනයේ Wembley Park Theatre හි ප්‍රසංගයක් ඉදිරිපත් කර තිබු අතර පැයක පමණ කාලයක් පැවති මෙම ප්‍රසංගයේදී ඔහුට නැඟෙන චෝදනා ගැන සඳහන් කර ඇති නමුත් ඔහුට කතා කළ නොහැකි දේවල් ඇති බව ඔහු ප්‍රේක්ෂකයන්ට පවසා තිබිණි. වීඩියෝවක් නිකුත් කරමින් ඔහු තමාට එරෙහිව එල්ල කරන “බරපතල අපරාධ චෝදනා” ප්‍රතික්ෂේප කළ අතර තමාට තිබු සියළු සබඳතා “සෑම විටම සම්මුතිවාදී” බව පැවසු ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමාට එරෙහිව රූපවාහිනී සමාගමකින් සහ පුවත්පතකින් “ආක්‍රමණශීලී ප්‍රහාර” එල්ල කරන බවයි.

    -CNN News ඇසුරෙන් by Steven McIntosh

    Photo Credit: www.famouspeople.com / www.pamedia.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page