More
    spot_img
    NewsRecord rainfall වසර 140 කට පසු විශාලතම වර්ෂාපතනය

    Record rainfall වසර 140 කට පසු විශාලතම වර්ෂාපතනය

    -

    spot_img

    Record rainfall – වාර්තාගත ලෙස ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් Hong Kong සහ දකුණු චීනයේ නගර රැසක් දැඩි ගංවතුර තත්ත්වයෙන් පීඩා විදින බවට වාර්තා වේ. හොංකොංහි වීදි සහ දුම්රිය උමං මාර්ග ජලයෙන් යටවීම නිසා පසුගිය සතියේ පාසල් සහ සේවා ස්ථාන වසා දැමීමට බලධාරීන් කටයුතු කළේය. එරට කාලගුණ කාර්යාංශය සදහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ වර්ෂාපතනය වසර 140කට පසු එරටට බලපෑ විශාලතම වර්ෂාව බවයි. හදිසි සේවා ප්‍රකාශ කරන අන්දමට පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර මුදා ගැනීමේ මෙහෙයුම් කීපයක්ද සිදු කර තිබේ. සමහර ප්‍රදේශ වල මීටර් කීපයක් උසට නැගි ජලයෙන් බේරීම සදහා මිනිසුන් උස් ස්ථාන සහ වාහන උඩ නැගී සිටි අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබුණු බවද සදහන් වේ. රටේ ප්‍රධාන දිවයින සහ Kowloon අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන වරාය උමං මාර්ගයද ජලයෙන් යට වූ අතර, හොංකොංහි කදුකර ප්‍රදේශවල නායයෑම්ද වාර්තා විය. සමහර අධිවේගී මාර්ගද අවහිර වු බව සදහන් විය. ඊයේ [ සැප්තැම්බර් 8] බලධාරීන් “කළු අනතුරු ඇගවීමක්” කළ අතර එය ක්‍රියාත්මක වන්නේ පැයට 70mm ඉක්මවන වර්ෂාපතනයකදීය. නමුත් එදින රාත්‍රියේ 158.1mm ක වර්ෂාපතනයක් වාර්තා වු බව හොංකොං නිරීක්ෂණාගාරය නිකුත් කළ නිවේදනයේ සදහන් විය. 1884 වර්ෂාපතන වාර්තා කිරීම ආරම්භ වුදා පටන් එරටට පතිත වු විශාලතම වර්ෂාව මෙය බවද වාර්තා වේ.

    Record rainfall

    මේ අතර හොංකොං දේශසීමාව හරහා ඇති Shenzhen නගරයටද දැඩි වර්ෂාපතනයක් ලැබිමට සමගාමිව දකුණු චීනයේ ඇතැම් ප්‍රදේශ වලටද දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වෙයි. Guangdong පලාතේ සිය ගණනක් ගුවන් ගමන්ද අත්හිටුවා ඇති අතර පහත් බිම් වල සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙසටද දැනුම් දී තිබේ. දකුණු චීනයේ ජනාකීර්ණ වෙරලබඩ ප්‍රදේශවල මිලියන සංඛ්‍යාත ජනතාවක් ජීවත්වෙති. එහි පාලන අධිකාරිය හොංකොං වෙත දැනුම්දී ඇත්තේ ජලාශ වලින් ජලය මුදා හරින බවයි. මෙම තත්ත්වය නිසා ගංවතුර තත්ත්වය උග්‍ර වුයේදැයි හොංකොං වැසියන් ප්‍රශ්න කරන බව සමාජ මාධ්‍යවල සදහන් වනු දක්නට ලැබිණි. නමුත් හොංකොංහි ආරක්ෂක ප්‍රධානී Chris Tang ප්‍රකාශ කළේ එම ජලය මුදා හැරීම තම රටේ ජල ගැලීම්වලට කිසිදු සම්බන්ධයක් නැති බවත් එම ක්‍රියාව දෙරටේම ආරක්ෂාව සදහා ගත් ක්‍රියාමාර්ගයක් බවයි. මේ අතර චීනයේ කාලගුණ විද්‍යා පරිපාලනය සදහන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එරට නිිිරිතදිග කලාපයේ අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

    Record rainfall

    -BBC News ඇසුරෙනි-

    Photo Credit: www.bbcnews.com

    Latest news

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...
    - Advertisement -spot_img

    The Voice 27 වන අදියරේ ජයග්‍රාහකයා

    The Voice 27 වන අදියරේ අවසන් මහා තරඟය පසුගියදා (මැයි 20) පැවැත්වුනා. Adam Levine, John Legend, Kelsea Ballerini, Michael...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page