Ranjan Jayalal – නගරාධිපති ලෙස තමන් වැඩ භාරගත් දිනයේ පය පැටලී වැටීමට සිදුවීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසනවා.
ඒ අනුව තමන් අදාළ ස්ථානයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේදී එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් එහි ඇද තිබූ වයරයක් තමන් ගමන් කරමින් සිටින විට ඉහළට ඇද එසවූ බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ.
ඒ හේතුවෙන් තමන් පය පැටලී වැටුණු බවයි ඔහු ප්‍රකාශ කර සිටිනවා.
පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය දශක ගණනාවක සිට වැටි වැටී නැගිට ආ පක්ෂයක් බවත්, යළිත් සිය පක්ෂය වැටීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.