More
    spot_img
    FoodPrawns Fried rice - ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු

    Prawns Fried rice – ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු

    -

    spot_img

    Prawns Fried rice – ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

    පිස ගත් බත්( බාස්මතී හෝ කීරිසම්බා )
    ( අද මම කීරිසම්බා වලින් හැදුවේ . බත් උයද්දී ඒකට කරදමුංගු ඇට දෙකක්,‍රම්පේ කෑල්ලක් ,බටර් පොඩ්ඩක් දාල උයාගත්තේ.) කැමති නම් ස්ටොක් වෝටර් ( මස් , මාළු තැම්බූ වතුර) වලින් උනත් උයාගන්න පුලුවන් .එතකොට රයිස් එක තවත් රසයි .

    🔸පිරිසිදු කරගත් ඉස්සො (මම පොතු පිටින්ම ගත්තේ)
    ලුනු,ගම්මිරිස්, සෝයා සෝස් දාලා සීසන්වෙන්න තියන්න. පැය බාගයක් විතර.( කැමති නම් පොත්ත අයින් කරලා ගන්න )

    🔸කපාගත්, කැරට් , ලීක්ස් , ගෝවා,

    🔸ලොකුවට කපා ගත් බී ලූණු ගෙඩියක්

    🔸කපා ගත් කැප්සිකම් හෝ මාලූ මිරිස් ටිකක්

    🔸 ගම්මිරිස් කුඩු, චිලී ෆේස්ට්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සීනී පොඩ්ඩක්

    🔸චොප් කරගත් ඉගුරු , සුදුලූණු

    🔸තෙල් හෝ බටර්

    🍤තෙල් හෝ බටර් මේසහැදි 3 – 4 ක් පෑන් එකට දාලා රත්වුනාම ඉස්සො ටික බැදගන්න යාන්තමට. ඉස්සෝ ටික බැදී ගෙන එද්දී චොප් කරපු ඉගුරු සුදුලූණු කැමති නම් කරපිංචා ටිකක් ඒකටම දාල බැදෙන්න හරින්න. ඒ ටික සුවදට බැදෙද්දී ලොකුවට කපාගත් බී ලූණු , කැප්සිකම් හෝ මාළු මිරිස් ටිකක් කෑලි මිරිස් චුට්ටක් , ගම්මිරිස් කුඩු, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් ටිකක්, ටොමැටෝ සෝස් පොඩ්ඩක් ,උම්බලකඩ චිලිෆේස්ට් , සීනී පොඩ්ඩක් මේ ඔක්කොම දාල කලවම් කරන්න.දැන් ඒකට කපාගත් කැරට්, ගෝවා එක්කර කලවම් කරන් පිසගත් බත් එකතු කර වැඩි ගින්දරේ හොදින් මිශ්‍ර කර රස අනුව ලුණු එක්කරන්න. අන්තිමට ලීක්ස් එකතුකර කලවම් කරලා ලිපෙන් ඉවත් කරන්න . ( බිත්තර කැමති නම් එකතු කරන්න .මම බිත්තර එකතු කරේ නෑ. )

    Prowns Frid Rice 2

    Latest news

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
    - Advertisement -spot_img

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

    Challengers - ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page