More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 12

    Pini Muthu Palasa පිනි මුතු පලස – 12

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    පරිසරය නිහඬය. සිහින් මඳ අඳුරක් පැවතියේ වැස්සක පෙර නිමිති කියා පාමිනි.බෝධිය අවට පිරිසුදු කර අවසන්ව මාත් තරුෂිත් දෑත් සෝදාගෙන යළි පන්ති කාමරය දෙසට යෑමට සූදානම් වන මොහොතේ රජිව් සමඟ කමල්ද අප අසළට පැමිණියේය.

    “තරූ…අපි යමුද…?”

    ඈ කමල් සමඟ කතා බහට නවතිනු ඇතැයි බිය වූ මම කියන විට ඈ මදෙස බැලුවේ අමුතු යමක් සවන් වැකුණාක් මෙන් මවිතයෙනි. මා රජිව් මඟහැර යාමට සූදානම් වූයේ අන් කිසිත් නිසා නොව පෙර දිනක තක්ෂිලා කී වදන් සිහි වූ නිසාවෙනි. එය මා සිත අනියත බියකින් පුරවා තිබිණි.

    “ඒ ඇයි යන්න හදන්නේ…මං ආව නිසාද…?”

    රජිව්ගේ හඬේ වූ නොමනාපයත් නොසතුටත් නිසා මසිත ගැස්සී ගියේය.

    “අනේ…එහෙම දෙයක් නෙවේ…”

    මම වහා කීවේ ඔහු වැරදි අවබෝධයක් ඇති කරගනු ඇතැයි බියෙනි.

    “එහෙනම්…?”

    ඔහු එක එල්ලේ මදෙස බලමින් අසන විට මම අසරණ වූ දැසින් ඔහු දෙස බැලුවෙමි. දින කීපයක් පටන් ඔහු හා පවසන්නට බලා සිටි දෙයක් මේ මොහොතේදී වුවද කියාගන්නට නොහැකි අසරණ හැඟීමෙන් මසිත පෙළෙන්නට විය.

    “මංදි බයේ ඉන්නේ රජිව් අයියේ…”

    මා සිත හැඳින ගත්තාක් මෙන් තරුෂි කීවේ සිතට යම් අස්වැසිල්ලක් එක් කරමිනි.

    “ඒ ඇයි බය…?”

    රජිව් ඇසුවේ අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.තරුෂි ඔහු හා සියල්ල පැවසුවාය.

    “පිස්සුනේ…ඒ කෙල්ලට මොළේ හොඳ නැහැ…”

    එවර රජිව්ගේ හඬේ වූයේ කෝපයකි.

    “ඒ වුණත් රජිව් අයියේ…මට බයයි…අපි ටික දවසක් කතා නොකර ඉමු…අපි කතා කරනවා දැකලා කවුරු හරි මිස්ට කිව්වොත් එහෙම…”

    අනියත බියකින් මසිත සැළෙන විට මම කීවේ කමල් දෙසත් බලමිනි. ඔහුද මා කී දේ අනුමත කරන්නට මෙන් හිස සැළුවේ සිතට සහනයක් එක් කර වුවද රජිව් නම් සිටියේ එයට කිසිසේත්ම එකඟ නොවන බවක් පළකරන බැල්මකිනි.

    “මං කොහොමද ඔයා එක්ක වචනයක් වත් කතා නොකර ඉන්නේ…ඔයාට පුළුවන්ද එහෙම කරන්න…?”

    මදෙස එක එල්ලේම බලාන ඔහු මා විමසුවේ මා සිත අසරණ වූ හැඟීමකින් පුරවාළමිනි. නැත.මටද එසේ කළ නොහැකි බව මම ඉඳුරාම දනිමි. නමුත් මම බිය වී සිටියෙමි. මමද ඔහු සමඟ කතා බහ කරන්නට ආසා කළ මුත් අපි ප්‍රවේශම් විය යුතු වූයෙමු. කිසිත් මා මුවින් නොපැවසුවද එසේ නොහැකි බව මා මුහුණින් පෙනෙන්නට ඇතිවාට සැක නැත.

    “පණ්ඩිත ආච්චි වගේ කිව්වට මොකද…ඔයාටත් බැහැනේ…නේද…?”

    ඔහු දඟකාර සේ විමසන විට මා මුවටද නැඟුණේ සියුම් ලැජ්ජා මුසු වූ සිනහවකි.

    “මං කියන්නේ හොඳටනේ අනේ…අනික ප්‍රශ්නයක් ඇති වෙයි කියලයි…”

    පහත් හඬින් මම කීවෙමි.

    “මට ඔයා එක්ක කතා නොකර ඉන්න බැහැ මංදාකිණි…එහෙම ඉන්න පුළුවන්ද…?”

    හැඟුම්බර වූ හඬකින් ඔහු අසන විට මසිත පසුබා ගියේය.

    “මංදාකිණි කියන එකත් හරි මචං…මිස් දැන ගත්තොත් විනාශයි…”

    කමල් කතා කළේ මගේ පස ගෙනය.

    “බම්බුව තමා…මම පොඩි බබෙක්ද…?”

    රජිව් ඇසුවේ නොසතුට මුසු වූ කෝපයකිනි.

    “උඹලාගේ අම්මාට උඹව පොඩි බබෙක් වගේ පේනවා වෙන්නත් බැරි නැහැනේ රජිව්…”

    කමල් කීවේ මුවේ තැවරුණු මඳහාසයක්ද සමඟය.එය උපහාසයට ආසන්න වූවක් බව මට පෙනිණි.

    “මංදාකිණි කියන කතාවෙත් ඇත්තක් තියනවා…ටික දවසකට හරි පරෙස්සම් වෙන එක හොඳයිනේ…”

    කමල් ද එසේ කීවද රජිව් සිය මතය වෙනස් කරනට සූදානම් බවක් නොපෙනිණි.

    “උඹත් බයිලා ගහනවානේ…”

    ඔහු කීවේ කෝපයෙනි. තරුෂි මා දෙස බලා සිටියේ ශෝකී බැල්මකිනි.

    “බයිලා නෙවේ බං…සිරා…”

    “හමුනොවී…කතා බහ නොකර ඉන්න ඕන නම් මොකටද බං අපි ආදරේ කරන්නේ…?”

    “නිතර හමුවෙන එකවත්…කතා බහ කරන එකවත් නෙවේනේ ආදරේ කියන්නේ…”

    “ඔව්…වෙන්න පුළුවං…ඒත් මට තියන ප්‍රශ්නේ…මට මංදාකිණිව හමුනොවී ඉන්නවත් කතා නොකර ඉන්නවත් බැහැ… එච්චරයි…”

    එය රජිව්ගේ අවසන් තීරණය වන විට කෙටි සුසුමක් හෙළූ කමල් මදෙස බලා දෙවුර සැළුවේ වෙන යමක් කතා කර පලක් නොමැති බව අඟවමිනි.

    “මංදි…ප්‍රින්සිපල් සර් එනවා අපි යමු…”

    තරුෂි මගේ අතින් අල්ලාගනිමින් කියන විට මම රජිව්ගෙන් සමු නොගෙනම වහා පන්ති කාමරය දෙසට පියවර තැබුවෙමි.

    දින කීපයක් මම රජිව් මඟහැර සිටියේ සිතේ පහව නොගිය බිය නිසා මිස කැමැත්තකින් නොවේ. ගෙවුණ දින කීපය පුරාම ඔවුන් අප පන්ති කාමරය වටා කැරකෙමින් සිටියේ මා හා කතා බහ කිරීමට අවස්ථාවක් සොයමිනි. විවේක කාලයේදී වුවද මම ඔහු මඟහැර සිටියේ තක්ෂිලාගේ උකුසු දෑස් මා ලුහුබඳින බව දැනමය. ඈ මා සමඟ මෙන්ම රජිව් සමඟද වෛරයකින් පසුවන බව මම දැන සිටියෙමි. එයට හේතුවක් මට සිතා ගන්නට පවා නොහැකිය. රජිව් සමඟ නම් ඈ කෝපයෙන් සිටියේ ඔහු ඇයව නොසළකා හැරීමත් පුස්තකාලයේ සිදුවූ සිදුවීමත් නිසාය. ඇරත් ඇයට ඔහුව දිනාගන්නට අවස්ථාවක්ද නොවීය.

    “රජිව් කා එක්කද යාළු වෙන්නෙ කියලා මං මේ බලන් ඉන්නේ…”

    ඈ මාලිකා හා එසේ පවසා තිබිණි. ඒ මා බවක් ඈ දැන සිටියා නම් කුමක් වන්නට තිබුණාදැයි මම සිතුවේ බිය මුසු වූ හැඟීමකිනි.

    “එයා තාම දන්නේ නැහැ..ඔයාලා යාළුයි කියලා…”

    සමන්මලී කීවාය.

    “පරිස්සම් වෙන එක හොඳයිනේ…”

    තරුෂි ඒ මොහොතේ කීවාය.

    “එයාට බය වෙන්න ඕනද අනේ…”

    මාලිකා කීවේ කෝපය මුසුවය.

    වරෙක රජිව් පන්ති කාමරයේ හිඳ අනුකම්පා මුසු බැල්මකින් මදෙස බලා සිටිනු දැක මසිත ශෝකයෙන් පිරී ගියේය. මා සිතේ අනුකම්පාවක් නොවූවා නොවේ. ඔහු ගිම්හාන අත හා සමන්මලී අත පණිවුඩ එවා තිබුණද මම ඔහු හමුවට නොයා සිත හදාගෙන සිටියේ අසීරුවෙන් පාලනය කරගත් සිතිනි.

    “පව් බං රජිව් අයියා…කොයි වෙලෙත් මේ පැත්ත බලන්…”

    තරුෂි මට රහසින් කියන විට මා දෑස් ඔහු සොයා දිව ගියේය. එය මාද දුටුවෙමි. ඔහුගේ දෑස් තිබුණේ අප වෙතය. මටද ඔහු සමඟ කතා බහ කිරීමට වුවමනාය. උකුසු දෑස් අප වෙත එල්ල වී ඇති බව දැන, දැනත් මම ඔහු සමඟ කෙසේ සිතේ නිදහස් සිතකින් කතා බහ කරන්නද…?

    “පව් කියලා මාත් දන්නවා…ඒත් මං මොනවා කරන්නද තරූ…මට දුකක් නැහැ කියලාද ඔයා හිතන් ඉන්නේ…හැමෝම අපි ගැන දැන ගත්තොත් ඒක ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා…නැත්ද…?”

    “ඒක ඇත්ත…ඒත් ඔහොම ඉන්න පුළුවන්ද…? කමල් අයියා එක්ක දවසක් කතා නොකර හිටියත් මට පිස්සු වගේ…”

    “එහෙම ඉන්න මටත් හිත හදා ගන්න අමාරුයි තමා…මගේ හිත ගලක් නෙවේ…ඒත් එහෙමයි කියලා අවදානමක් ගන්නේ කොහොමද…?”

    “ඔව්…ඔව්…ඒක ඇත්ත…මිස්ගේ හැටිත් දන්නවනේ…”

    කෙටි සුසුමක් පිට කළ තරුෂි කීවාය.

    දේවින්ද සර් පන්තියට ආ නිසා අපි නැඟී සිටියෙමු. යළි අසුන් ගන්නා විට මා දෑස් ඉබේම රජිව්ගේ පන්තිය කරා දිව ගියේය. එය හිස්ව තිබූ අතර මසිතට දැනුණේ ශෝකී හැඟීමකි.

    නිවසේ වැඩ කටයුතුවල නිරතව සිටින අතරේ වුවද මට සිහි වූයේ රජිව්වමය.සිත එක්තැන් කරගෙන පාඩම් කිරීමට උත්සහ දරන විට ඔහු පොතේ පිටු අතර හිඳ සිනහමුවෙන් මදෙස බලා සිටිනු මට මැවී පෙනිණි. පරිසරය තුනී සීතලකින් පිරී තිබුණේ ඇද හැළෙන වර්ෂාව නිසාය. විවර කොට තිබූ ජනේලයෙන් සීතල සුළඟක් හමා ආවේ සිරුර හී ගඬු නංවමිනි. පෙරළා තිබූ පොත වසා දමා මම ජනේලය අසළට විත් පිටතට නෙත් හෙළුවෙමි. වැස්ස දෙස කොපමණ වේලා බලා සිටියද එපා වීමක් නැත. එය ඒ තරම් සොඳුරුය. කලබලයෙන් එක දිගට අහසින් ඇද වැටෙන වැහි බිඳු දෙස සිතේ කලබලයක් නැතිව නිසොල්මනේ බලා සිටිය හැකිය. එය එපා වීමක් නොවේ. වැස්සත් සිත නිවන භාවනාවක් වැනිය. මා සිත යළිත් වරක් රජිව් වටා සැරිසරන්නට විය. මේ ඇද හැළෙන වර්ෂාවත් සමඟ කුඩයක් යටින් ඔහු හා ඇවිද යන්නට තිබුණා නම් කියා මට සිතුණ මුත් මා එතරම් පිංකාරියක නොවූයෙමි. රජිව් සමඟ තබා මට තනිවම වුවද නිවසින් බැහැරක යෑමට අක්කා අවසර නොදුන්නාය.

    “චූටි නංගී…”

    අක්කාගේ හඬින් මම තිගැස්සී හැරී බැලීමි. සිතට වුවමනා සේ තනිවන්නටද මට ඇගෙන් ඉඩක් නැති ගානය. නොරිස්සුමක් මා සිතේ ඇතිවන විට අක්කා කාමරයට හිස පොවා බැලුවාය. දෑත් ළය හරහා දෑත් බැඳගත් මා ජනේලයට පිටුපා සිට ගතිමි. රජිව් ගේ සිතුවිළි අතරවත් සිරවී සිටීමට මට නිදහසක් නොමැති සෙයකි.

    “ඇයි…?”

    නොරිස්සුම මුසුව මම ඇසුවෙමි.

    “මම හිතුවේ මෙයා පාඩම් කරනවා කියලා…”

    දොර රෙද්ද ගසා දමා අක්කා කාමරය තුළට විත් යහන මත හිඳ ගත්තාය.

    “එහෙම හිතුවා නම් ඉතින් කතා නොකර ඉන්න එපැයි…බාධා නොකර…”

    උපහාසය මුසු හඬකින් මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

    “මෙයාගේ කට නම් තියනවා…දැන් කෝ… ඔය පාඩම් කරනවද…?”

    නොමනාපයෙන් මෙන් අක්කා ඇසුවාය.

    “මෙච්චර වෙලා පාඩම් කර කර තමා හිටියේ…කම්මැලි නිසා මේ පුටුවෙන් නැඟිට්ටා විතරයි…”

    අලුතින් ඇති වූ නොරුස්සුමෙන් මම එකටෙක කීවෙමි.

    “හරි…හරි…ඕකට මූණ පුම්බ ගන්න ඕන නැහැ…මාත් මේ කඩේ වහලා දැම්මා…මේ වැස්සේ මෙලෝ මිනිහෙක් එළියට බහින්නේ නැහැ…ඒක නෙවේ චූටි නංගී…”

    අක්කා මෙතරම් කුළුපඟව මා හා කතා බහ කරන්නේ කුමක් හෝ දෙයක් කීමට බව නම් මට වහා වැටහිණි.

    “මොකක්ද…?”

    උනන්දුවක් මා සිතේ ඇති නොවුවද මම විමසුවෙමි.

    “අද කඩේට බඩු ගන්න ටවුමට ගියානේ…”

    “ඉතින්…?”

    “මම ෆ්‍රිජ් එකක් බැලුවා…”

    “ආහ්…”

    මම වුවමනාවට එපාවට කීවෙමි.

    “අම්මා එවපු සල්ලි වලින් මම ෆ්‍රිජ් එකක් ගන්න කියලා හිතුවා…බාගයක් සල්ලි බැඳලා…ගෙවන්න ගන්න පුළුවං…අයිස් පැකට් ටිකක් හදලා දාගත්තා නම් ඉස්කෝලේ ඇරිලා යන ළමයි වුණත් අර ගනියි…නැත්ද…?”

    ඈ තම අදහස මා ඉදිරියේ පවසා සිටියේ මගේ අවසරය පැතීමට නම් නොවන බව මම ඉඳුරාම දැන සිටියෙමි. මෙපමණ කලක් ඈ අම්මා එවූ මුදල් පරිහරණය කළේ මගෙන් අසා දැයි ඇසීමට මුව පොපියෑවද මම මුණිවත පිරුවෙමි. පාසලේ අවශ්‍යතාවයකට වුවද මම ඇගෙන් මුදල් ඉල්ලන්නේ නොකමැත්තෙනි. ඒ දෙන්නේද දහසකුත් ආඩපාලි කියමිනි. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් වළකා ගතිමි.

    “ඔයාට කැමති දෙයක් කරගන්න…”

    අක්කා කාමරයෙන් පිටකර ගැනීමේ වුවමනාව නිසා මම කීවෙමි. ඈ නැඟිට ඉවතට ගියේ මුහුණ පුරා ඉහිරුණු සිනාවක්ද සමඟය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Syria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 22 ක් මරුට

    Syria  - සිරියාවේ දමස්කස් (Damascus) නගරයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.IS ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රියේ ( ජුනි 22) එල්ල...

    Strong earthquake ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

    Strong earthquake - උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන්...

    Keheliyaගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට

    Keheliya - මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන...

    New Mayor of Colombo කොළඹ පුරපතිනිය රාජකාරී අරඹයි

    New Mayor of Colombo - කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් ලබාදීමත්, නගරයට යන එන ජනතාවට එය කාර්යක්ෂම නගරයක් බවට පත්...
    - Advertisement -spot_img

    Strong earthquake ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

    Strong earthquake - උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන්...

    Sydney Towle Tik Tok තරුවට දුර්ලභ ඝනයේ පිළිකා රෝගයක්

    Sydney Towle නම් අමෙරිකානු Tik Tok තරුවක් තම පිළිකා තත්වය ගැන නවතම තොරතුරු පවසා තිබෙනවා. 25 හැවිරිදි Tik Tok...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page