More
    SportsLPL 2024 Auction Date - දැනටමත් ගිවිසුම් ගත ක්‍රීඩකයින්

    LPL 2024 Auction Date – දැනටමත් ගිවිසුම් ගත ක්‍රීඩකයින්

    -

    spot_img

    LPL 2024 Auction Date තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට පස්වරු 12.00ට කොළඹ හිල්ටන් උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සහ විදේශීය ක්‍රීඩකයින් 420ක් වෙන්දේසිය සඳහා ඉදිපත් කර ඇත. ක්‍රීඩකයින් 420 දෙනාගෙන් 154 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන අතර අනෙකුත් ක්‍රීඩකයින් විදේස් ක්‍රීඩකයින් වේ.

    සමස්තයක් වශයෙන්, වෙන්දේසියේදී ඉදිරිපත් වන කණ්ඩායම් පහෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සාමූහික මුදල් ප්‍රමාණයක් හිමි වන අතර, සෑම කණ්ඩායමක්ම ඇමරිකානු ඩොලර් 500,000 ක මුදලක් ආයෝජනය කරනු ඇත.

    සියලුම කණ්ඩායම් හිමිකරුවන් තම කණ්ඩායම් පිහිටුවීම සඳහා වෙන්දේසියට ගෙන එන මුදල් ප්‍රමාණයෙන් අවම වශයෙන් සියයට 90ක් ආයෝජනය කරන බවට කණ්ඩායම්වලට සහතික විය යුතුය.

    2023 LPL ක්‍රීඩක වෙන්දේසියේ වෙන්දේසිකරුවා වූ චාරු ශර්මා 2024 LPL වෙන්දේසියේ ද වෙන්දේසිකරුවා වනු ඇත. ඔහු දැනටමත් කොළඹට පැමිණ ඇත.

    කණ්ඩායම් සඳහා දැනටමත් ගිවිසුම් ගත ක්‍රීඩකයින්

    කොළඹ – චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සධීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ෂඩාබ් ඛාන්, ග්ලෙන් ෆිලිප්ස්

    දඹුල්ල – ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුස්තාෆිසුර් රහමන්, ඊබ්‍රහිම් සද්‍රාන්

    ගාල්ල – භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහිෂ් තීක්ෂණ, ටිම් සීෆර්ට්, ඇලෙක්ස් හේල්ස්

    යාපනය – කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, අස්මතුල්ලා ඕමාර්සායි, නූර් අහමඩ්

    මහනුවර – වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ඩ්‍රේ ෆ්ලෙචර්, කයිල් මේයර්ස්

     

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page