More
    spot_img
    InterviewsKim Kardashian බිකිණිය කියන්නේ හරිම සුවපහසු ඇඳුමක්

    Kim Kardashian බිකිණිය කියන්නේ හරිම සුවපහසු ඇඳුමක්

    -

    spot_img
    Kim Kardashian ඇය ලොව සරාගීම සිරුරු හිමි කාන්තාවන්ගෙන් කෙනෙක් මෙන්ම නිරූපිකාවක්,ව්‍යාපාරික කාන්තාවක්,රංගන ශිල්පිනියක් සහ මවක්. සමාජ මාධ්‍යයන්හි අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඇය 2015 වසරේ ලොව බලගතුම පුද්ගලයන් සියදෙනා අතරටද එක්වූවා. මේ ඇය සමගින් Interview Magazine සිදුකළ කතාබහක්.
    • ඔබේ සුරූපීබවේ රහස කුමක්ද?

    ස්තුතියි. මම පරිපූර්ණ අයෙක් නෙමේ. මගේ ජීවන රටාව යහපත්. මම ව්‍යායාම කරනවා. මස් මාංශ භාවිතයෙන් පුළුවන් තරම් වැළකෙනවා. මේ දේවල් මගේ සමෙන් පේනව කියලා මම හිතනවා.

    Kim

    • ඔබේ උදෑසන ආහාර වේල කොහොමද?

    ස්මූති එකක්. අඹ,පීච්,කෙසෙල්,පොල් වගේ පලතුරු. මම ඒවට ප්‍රෝටීන් සහ ග්‍රැනෝලා එකතු කරනවා. ඊළගට Almond milk with tea.

    • අපි නිකමට හිතමු ඔබ ප්‍රසිද්ධ නැහැ කියලා. එහෙමනම් නිවාඩුවක් ලැබුනම ඔබ මොනව කරයිද?

    මගේ සහෝදරියන් සමග Dinner එකකට යනවා. ඒ දේ මම දැනුත් කරනවා.

    • ඔබ නීතිය හදාරනවා?

    ඔව්. මම සිවිල් ක්‍රියාපටිපාටිය සහ අපරාධ ක්‍රියා පටිපාටිය අධ්‍යනය කරමින් ඉන්නවා. ඒක සිත්ගන්නා සුළු සහ බියජනක ක්ෂේත්‍රයක්.

    Kim

    • ගෝලීය උණුසුම වැලැක්වීමට ඔබෙන් දායකත්වයක් ලැබෙනවා කියලා ඔබ හිතනවද?

    පෘථිවියේ කරදර ගොඩක් තියෙනවා. එය බියජනකයි. දේශගුණික විපර්යාස ගැන දැනුවත් මිතුරු මිතුරියන් මට ඉන්නවා. අවශ්‍ය නම් මට ඔවුන්ගෙන් ඒ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. මට කරන්න පුළුවන් දේවල් මම කරනවා. අපි කවුරුත් පරිපූර්ණ නැහැ. අපිට හැමදෙයක්ම කරන්න බැහැ. අපි අපිට කරන්න පුළුවන් ගැළපෙන දේවල් තෝරාගන්න ඕනේ.

    • ඔබ දක්ෂ මොනවටද?

    අලෙවිකරණයට. ව්‍යාපාරික දැනුම මට තිබෙනවා. මට හොඳට උයන්න පුළුවන්.

    • විකිපීඩියාවල ඔබ පිළිබඳව සඳහන් වෙන්නේ නිරූපිකාවක්,සමාජ ක්‍රියාකාරිනියක් සහ මවක් වශයෙන්. එය ඔබට වෙනස් කරන්න ලැබුණොත් ඔබ මොනවද එහි සඳහන් කරන්නෙ?

    ව්‍යාපාරික කාන්තාවක් කියනවට කැමතියි. අම්මා කෙනෙක් සහ දවසක එය නීතීඥවරියක් වෙයි. ඇත්තටම මිනිස්සු හිතන දේවල් මම ගණන් ගන්නෙ නෑ. විකිපීඩියා එකේ මං ගැන මොනවද තියෙන්නෙ කියලා හොයන්න මම උනන්දු වෙන්නෙ නැහැ.

    Kim

    • ඔබට නොමැති ඔබට අවශ්‍ය දේ මොනවද?

    තව ටිකක් නිදාගන්න ආසයි. ම්ම්..මම දන්නෙ නෑ ඒ මොනවද කියලා.සමහරවිට “කාලය” වෙන්න පුළුවන්.

     

    • මම ඔබෙන් තවත් ප්‍රශ්න අහන්නද?

    මං ගැන තව තව මෝඩ දේවල් දැනගන්න ඔයාට ඕනනම් ඔයාට අවශ්‍ය ඕන දෙයක් අහන්න.

    • ඔබ ප්‍රදර්ශන භාණ්ඩයක් වගේද?

    ඇත්තටම නැහැ.

     

     

    • ඔබව ආතතියට පත් කරන්නේ මොනවද?

    ප්‍රමාද වීම. පරක්කුවෙලා වැඩ කරන්න මම අකමැතියි.

    • සරාගී Kim Kardashian ගේ ප්‍රියතම ඇඳුම?

    බිකිණි එක. වර්ගය මොකක්ද කියන්න නං දන්නෙ නැහැ. නමුත් බිකිණි එක කියන්නේ හරිම සුවපහසු ඇඳුමක්.

     

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page