More
    SportsICC Under 19 World Cup සිම්බාබ්වේ සමග තරඟයෙන් ශ්‍රී...

    ICC Under 19 World Cup සිම්බාබ්වේ සමග තරඟයෙන් ශ්‍රී ලංකා පිලට ජය

    -

    spot_img

    ICC Under 19 World Cup තරගාවලියේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ සිම්බාබ්වේ 19 න් පහළ කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි හිදී ඊයේ (21) පැවැති තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබාගත්තා. පන්දුවට පහරදීමේදී දිනුර කළුපහණ පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 60 ක් ලබාගත්තා. ලකුණු 88 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශාරුජන් ශන්මුගනාදන් සමග එක්ව පන්දු 72 කදී ලකුණු 80 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනුර සමත් විය. පන්දු 40 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 41 ක් ලබාගත් ශන්මුගනාදන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය අතර ඕවර 13.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව නැවත තරගය ආරම්භ වන අවස්තාවේ සිම්බාබ්වේ පිලට ඕවර 24 කදී ලකුණු 129 ක් ලබාගැනීමට තිබු අතර, ඕවර 21.1 ක් අවසානයේ ඔවුන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

    ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති ඕවර 4 ක් යවා ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. රුවිෂාන් පෙරේරා සහ විෂ්ව කඩුලු 2 බැගින් දවාගත්තා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...

    SL Vs BAN 3rd T20 අවසන් තරගය අද

    SL Vs BAN 3rd T20 - සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා...

    At Southeastern University සිසුන් පිරිසක් අතර ගැටුමක්, සිසුන් 4කට තුවාල

    At Southeastern University  -  අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.ඒ අනුව,...

    Mahaweli Vienna ඇළට මෝටර් රථයක් පෙරලීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    Mahaweli Vienna - මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩ වැව, 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි...
    - Advertisement -spot_img

    SL Vs BAN 3rd T20 අවසන් තරගය අද

    SL Vs BAN 3rd T20 - සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා...

    Skin Care නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක්

    Skin Care - බාහිරෙන් පැමිණෙන විෂබීජ සහ උපද්‍රවවලින් ඔබේ සිරුර ආරක්ෂා කරන්නේ සම මගිනි. එබැවින් සමේ නිරෝගීබව අත්‍යවශ්‍යම දෙයක් වනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page