Hartal in the North – මුලතිව්,මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට හා තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලීම් කරමින් අද උතුරු නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවා තිබුණා. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් හර්තාලය කැඳවා තිබුණද අද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු,පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.
හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද,වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ප්‍රකාශ නිකුත් කොට තිබුණා හර්තාලය පැවැත්වු නගරවල වෙළඳ සැල් රැසක් විවෘත කොට තිබු අතර,වෙළඳසැල් කිහිපයක් වසා දමා තිබෙන අයුරුද දැක ගැනීමට හැකි වුන බවත් උතුරේ ජන ජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වු ආකාරයද දැක ගැනීමට හැකි විය.