More
    spot_img
    FoodGulab Jamun ගුලාබ් ජාමුන්

    Gulab Jamun ගුලාබ් ජාමුන්

    -

    spot_img

    Gulab Jamun ගුලාබ් ජමුන්

    හරිම කිරි රස ෂුගර් සිරප් එකක දමා පිලිගන්වන මෙම පැණි බෝල රසවත් ඉන්දියානු අතුරුපසක්. ලංකාවේ ඉන්දියානු අවන්හල් වලත්, දමිල නිවෙස් වලත් ගුලාබ් ජමුන් නිතරම හදනවා. ඇත්තටම පොඩි කාලෙකින් ඉතා රසවත් මේ අතුරුපස හදන්න පුලුවන්. මම ඩුබායි ඉන්න කාලේ අපි නිතරම මේ ගුලාබ් ජමූන් කෑවා. ඒවා නම් මාරම රසයි. නියම ගී ඔයිල් දාල රසට හදනවා.
    ඉතින් මාත් මේ විදියට හැදුවා. ට්‍ර්යි කරලා බලන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය :

    කිරිපිටි 100 g
    පාන් පිටි මේස හැදි 3
    රුලං පිටි මේස හැදි 1 (රුලං පිටි නැත්නම් පාන් පිටි එකතු කරන්න )
    බේකින් සෝඩා හෝ බේකින් පවුඩර් තේ හැදි බාගයක්
    මෙල්ටඩ් බටර් හෝ ගිතෙල් මේස හැදි 1
    ලුණු තේ හැදි කාලක්
    ෆ්‍රෙෂ් මිල්ක් හෝ කිරි පිටි
    බැදීමට තෙල්

    කිරිපිටි, රුලං,පාන්පිටි, ලුනු, බේකින් සෝඩා මේ සියල්ල එකට දමා කලවම් කරන්න .

    ඉන්පසු මෙල්ටඩ් බටර් හෝ ගී එකතුකර ඇගිලි තුඩු වලින් හොදින් අනා ගන්න. එයට කිරි ටික ටික එක කරමින් ඩෝ එක හදාගන්න. ඉන්පසු එය විනාඩි 10 ක් 15 ක් වහල තියන්න.

    Gulab Jamun

    ඒ අතර ෂුගර් සිරප් එක හදා ගන්න.

    සීනී 150 g
    වතුර 150ml

    සීනි වලට වතුර, කරදමුංගු ඇට 3ක්, කුරුදුපොත්තක් දමා මද ගින්දරේ උණු කර ගන්න ටිකක් උකු වෙනකන්. ඉන්පසු ලිපෙන් ඉවත්කර පසෙකින් තබා ගන්න .

    දැන් අර ඩෝ එකෙන් පුංචි බෝල හදාගන්න ලස්සනට දෙහි ගෙඩි ප්‍රමාණයට.

    දැන් මේ බෝල ටික දෙපැත්ත හරවමින් අඩු ගින්දරේ රන්වන් පාට වෙනකන් බැදගෙන රස්නේ පිටම ෂුගර් සිරප් එකට දාල පැය පහක් හයක් තියන්න. ගුලාබ් ජමූන් එකට සීනී සිරප් එක හොදට උරාගන්න ඕන. හදලා රස බලන්නකෝ කොහොමද කියලා.කන්න කන්න ආස හිතෙනවා.

    Latest news

    Anura kumara disanayake අපි පූර්ණ ජයග්‍රාහකයන් නෙමෙයි

    Anura kumara disanayake - යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද...

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...

    At Bandaranaike Airport තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

    At Bandaranaike Airport - බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්...

    Warrant issued – මහින්දානන්දට වරෙන්තු

    Warrant issued - හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක්...
    - Advertisement -spot_img

    NPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

    NPP - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන්...

    Cannes රතු පලස මත මී මැසි ප්‍රහාරයක්

    Cannes - පසුගිය සිකුරාදා පැවති ( මැයි 16) 78 වන වාර්ෂික කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ඇවිදිමින් සිටියදී...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page