More
    FoodGinger Cookies තේ වෙලාවට ඉඟුරු බිස්කට්

    Ginger Cookies තේ වෙලාවට ඉඟුරු බිස්කට්

    -

    spot_img

    Ginger Cookies – ඉඟුරු අපි කවුරුත් කැමති දෙයක්. ඉඟුරු දාලා තේ එකක් බොන්න, ජින්ජර් බියර් එකක් බොන්න ගොඩක් අය ආසයි. මූඩ් ෆික්ස් කරන, ප්‍රතිශක්තිය වැඩි කරන ඉඟුරු සිරුරට ගුණදායකයි. ස්නැක් එකක් විදිහට, තේ වෙලාවට කන්න ජින්ජර් කුකීස් නියමයි.

    Ginger Cookies

     

    අවශ්‍ය ද්‍රව්‍ය Ginger Cookies

    •පිටි 550g
    •දුඹුරු සීනි 700g
    • බටර් 200g
    • බිත්තර 3
    •ජින්ජර් පවුඩර් 14g
    •කුරුඳු කුඩු 30g
    •බේකින් පවුඩර් තේ හැඳි 1/2
    •බේකින් සෝඩා තේ හැඳි 1/2
    • දෙහි යුෂ තේ හැඳි 1/2

    සාදන අන්දම

    පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, ජින්ජර් පවුඩර්,කුරුඳු කුඩු හොඳින් මිශ්‍ර කරගන්න. සීනි සහ බටර් බීට් කරගෙන එයට බිත්තරය බැගින් එක් කරමින් බීට් කරන්න. ඉන්පසු එයට පිටි මිශ්‍රණය එකතු කර හැන්දකින් මිශ්‍ර කර ගන්න. දැන් දෙහි යුෂද එක් කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඔබ කැමති හැඩයකට කපා බේකින් තැටියට තෙල් කොලයක් එලා, එය මත කැපූ කුකීස් ටික අතුරාගන්න. සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 10-12ක් බේක් කර ගන්න. උදුනෙන් ඉවතට ගත් පසු කුකීස් ටික නිවෙන තෙක් බේකින් තැටියෙන් තබන්න. නිවුනු පසු කෑමට ගන්න.

    Ginger Cookies

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page