More
    NewsElephant Attack වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

    Elephant Attack වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

    -

    spot_img

    Elephant Attack – වන අලි ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස වන අලි පහර දීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත්තේ පූනෑව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදීයි. ඥාතියෙකුගේ නිවසකට පැමිණ සිටි පුද්ගලයෙකු එලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි වියේ පසු වූ පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය පැවසුවා.

    මේ අතර තඹුත්තේගම, හුරිගස්වැව, නීරාවිය, නව මකුලෑව ප්‍රදේශයේ පැල් රකිමින් සිටි පුද්ගලයකු අද අලු‍යම වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 16, නව මකුලෑව හුරිගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගයෙක්. මකුලෑව ගම්මානය නීරාවිය රජයේ ගොවිපලට යාබදව පිහිටා ඇති අතර, නිරාවිය ගොවිපල තුළ පිහිටි කැලෑ බද කොටසේ වන අලින් 20ක පමණ රංචුවක් රැඳී සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.

    මේ දිනවල කුඹුරුවල ගොයම් පැසී ඇති බැවින් වන අලින්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි සංවිධානය මඟින් මුර ක්‍රමයට පැල් රැකීමට කටයුතු කර තිබෙනවා. එලෙස පැල් රැකීමට පැමිණි අවස්ථාවේ අදාල පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තාවේ.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page