More
    spot_img
    BusinessBurger King මෙනුවෙන් තක්කාලි ඉවත් කෙරේ

    Burger King මෙනුවෙන් තක්කාලි ඉවත් කෙරේ

    -

    spot_img

    Burger King – තියුණු ලෙස මිළ ඉහළ යෑම නිසා ඉන්දියාවේ Burger King ජාලය සිය මෙනුවෙන් තක්කාලි ඉවත් කර ඇත. “තක්කාලි භෝගවල ගුණාත්මකභාවය සහ සැපයුම පිලිබඳ අනපේක්ෂිත තත්වයක් නිසා” මෙම තීරණය ගත් බව ඔවුන් පවසයි. ආර්ථික විද්වතුන්ගේ අදහස වුයේ අයහපත් කාලගුණික හේතුන් නිසා ඇති වූ වගා හානි වෙළෙදපොලට තක්කාලි සැපයිමට බධාවක් වී ඇති බවයි.

    Burger king

    මෙම සතිය මුලදි ඇමරිකානු සැන්ඩ්විච් නිෂ්පාදකයෙකු වන Subway ද තක්කාලි තම මෙනුවෙන් ඉවත් කළේය. ඉන්දියාවේ ආහාර උද්ධමනය 2020 ජනවාරි මාසයේ සිට ඉහළම අගයට පැමිණ ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි. මෝසම් වැසි නිසා බෝග සහ සැපයුම් දාම කඩාකප්පල් වීමත් සමග ජූලි මාසයේදී තක්කාලි කිලෝවක මිල රුපියල් 250 (US$3) දක්වා ඉහළ යෑමත් සමගම මෑත මාස වල ඉන්දියාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිළද ඉහළ ගොස් තිබේ.

    Burger king

    Burger King India තම නිල වෙබ් අඩවියට “අපේ බර්ගර් වල තක්කාලි නැත්තේ ඇයි?” යනුවෙන් නව අංශයක් එක් කර තිබිණි. එම ජාලයේ හිමිකරු පැවසුවේ “ඉතා උසස් තත්ත්වයේ ප්‍රමිතීන්” තමන් අනුගමනය කරන බවත් තක්කාලි ඉක්මනින්ම මෙනුවට පැමිණෙන බවත්ය. “එතෙක් ඔබ ඉවසීමෙන් සහ අවබෝධයෙන් සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වන” බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    -BBC News ඇසුරෙනි-

    Latest news

    Thunderstorm risk ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අවදානමක්

    Thunderstorm risk - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

    High blood pressure අධි රුධිර පීඩනය හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ වැඩි වීමක්

    High blood pressure - මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් 70% ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන්...

    A arrested ගල්කිස්සේ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    A arrested - ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට...

    Has disappeared වෙන්නප්පුව මුහුදු තිරයේ දිය නෑමට ගිය සිවිදෙනෙකු අතුරුදහන් එක් අයෙකුගේ සිරුර හමු වේ

    Has disappeared -  වෙන්නප්පුව මුහුදු තිරයේ දී දිය නෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය පවසනවා. මින්...
    - Advertisement -spot_img

    Narendra Modi පකිස්ථානය ගෙව්වේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරාගත් වන්දිය

    Narendra Modi - ඉන්දු - පාකිස්ථාන සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා තිබෙනවා. අගමැති...

    A Fire නිවසක් ගිණිගෙන තරුණියක් මරුට

    A fire - අද අලුයම කොට්ටාව විහාර මාවතේ, පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගන්න අවස්ථාවේ නිවස...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page