More
    spot_img
    NewsElection කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    Election කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    -

    spot_img

    Election – දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙසයි.

    මේ සම්බන්ධව අදාළ පක්ෂවල ලේකම්වරු හෝ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින්   දැනුවත් කර තිබෙනවා.ඇති වූ විවිධ ගැටළු මත විවිධ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබුණි.

    මේ හේතුවෙන් ඊට එරෙහිව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.එම පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය, අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට නැවත එම නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

    ඒ අනුව එම නාමයෝජනා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති දේශපාලන පක්ෂ වෙත එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබා දෙන ලෙස එම කොමිෂන් සභාව අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නිලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Mahiyangana යේ වෙඩි තැබීමක්

    Mahiyangana - මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික...

    Announcement පොලිසියෙන් රියදුරන්ට

    Announcement - මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයෙන් තොරව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයින්...

    Celebrations ජනතාවගේ අවුරුදු උනන්දුව

    Celebrations - අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් ජනතාව අද සමරනු ලැබුවා. ඒ, නැකැත්වලට මුල්තැන දෙමින්. ඒ අනුව ඊයේ රාත්‍රී 08.57ට...

    Sinhala Tamil New Year හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය දළඳා මාළිගාවේ

    Sinhala Tamil New Year - සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී...
    - Advertisement -spot_img

    Celebrations ජනතාවගේ අවුරුදු උනන්දුව

    Celebrations - අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් ජනතාව අද සමරනු ලැබුවා. ඒ, නැකැත්වලට මුල්තැන දෙමින්. ඒ අනුව ඊයේ රාත්‍රී 08.57ට...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 61

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිත නවගත්තේගම යනවා යැයි කියා පිටවගොස් දැන් පැයකට ආසන්නය. අම්මා මැසිවිළි නඟමින් සිටියේ ඔහුගේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page