More
    spot_img
    NewsDeshabandu : මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක්...

    Deshabandu : මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ

    -

    spot_img

    Deshabandu –මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බව ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසනවා.

    ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනී සිට සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    එසේම, හැකි නම් එම හෝටලයේ හිමිකරු ගෙනැවිත් තමා සමඟ පුද්ගලික තරහක් තිබුණේ ද යන්න විමසන ලෙසත්, තමා මෙම කමිටුව විශ්වාස කරන බවත්, මෙය ඉතිහාස‍යේ ලියැවෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

    එසේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර, තමන් ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ බවත්, එහිදී ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බවයි එහිදී ඔහු සඳහන් කළේ.

    ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදීමට යෝජනා කර තිබූ බවත්, නමුත් තමාට රැකියාවල් දෙකක් කිරීමට නොහැකි බව පවසා තමන් එම තනතුර ප්‍රතික්ෂේප කළ බවයි සාක්ෂි ලබා දෙමින් දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Southeastern University නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කරයි

    Southeastern University - අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම...

    In the Commonwealth අග්‍රාමාත්‍යවරිය කැනඩාවට

    In the Commonwealth - දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

    Qatar closes airspace අමෙරිකානු හමුදා කඳවුරු වලට ප්‍රහාරයක්

    Qatar Closes airspace - කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර...

    Iran israel attack බොරතෙල් මිල යළි ඉහළට

    Iran israel attack - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර,...
    - Advertisement -spot_img

    Qatar closes airspace අමෙරිකානු හමුදා කඳවුරු වලට ප්‍රහාරයක්

    Qatar Closes airspace - කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර...

    Young And Beautiful විවිධාකාරයේ පිරිමි ඇසුරෙන් ඇයට අපේක්ෂා කළ කිනම් හෝ දෙයක් ලැබුණාද?

    Young And Beautiful - ජීවිතේ එක් අවධියක් නිම කරලා, තවත් අවධියක් වෙත පියමනිනකොට විවිධාකාර පරිවර්තන අපි තුළ සිද්ධ වෙන එක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page