NovelsRath Dothaluරත් දෝතළු - 48

රත් දෝතළු – 48

-

spot_img

රත් දෝතළු – 48

අඳුරු වූ අහසේ යාන්තමට දිස්වන මළානික සඳ එළිය දෙස මා බලාසිටියේ හිස් දෑසිනි. සවස ඇද හැළුණු වර්ෂාව දැන් නම් පායා ඇත. පරිසරයේ වූයේ වෙනදා නොමැති සීතලකි. රාත්‍රියේත් යළි වැස්සක් ඇද හැළෙනු ඇතැයි කියා මට සිතිණි. මා දැන් මෙහි පැමිණ මාසයක් වූ මුත් මට දැනුණේ එය වසර ගණනාවක් ගතවූවාක් මෙනි. විනිෆ්‍රීඩා මහත්මියගේ කරුණාවන්ත භාවය නොවේ නම් මෙහි වාසයද සිත් නොදීමට ඉඩ තිබිණි.

“අරවින්දි…”

ඉස්තෝප්පු කුළුණකට බර දී සිටගෙන හුන් මම අහස්ගේ හඬින් වහා හැරී බැලීමි.

“සර්…”

“කොයි වෙලේ බැලුවත් කල්පනාව…”

ඔහුගේ හඬේ වූයේ සරදම් සහගත බවක් වුවද ඔහු සිටියේ දෑස් වලින් පවා සිනහසෙමිනි. සිතේ ඇති වූ අපහාසුතාවය නිසා මම වහා නෙත් බිමට යොමා ගතිමි.

“ඔය තරම් කලපනා කරන්නේ මොනවද මේ කුළුණත් බදාගෙන…?”

මම වහා කුළුණ අතහැරියේ ලැජ්ජා මුසු හැඟීමකිනි.

“කල්පනා කරන්න දේවල් නම් ඕන තරම් තියනවා සර්… එකක් කියලා නෙවේ… එක දෙයක් ගැන හිතලා ඉවරවෙනකොට තව දාහක් දේවල් ඔළුවට එනවා…”

“එච්චර ඉඩ තියනවද ඔය ඔළුව ඇතුළේ…”

ඔහු ඇසුවේ විහිළුවටය. මම නිහඬව සිටියෙමි.

“හරි…හරි… මම ජෝක් එකක් කළේ… ඉතින් කියන්නකෝ එකක් දෙකක්… මටත් දැනගන්න…”

ළය මත දෑත් බැඳගත් අහස් කුළුණකට පිටදී සිටගත්තේ ඉතා උනන්දුවෙන් සවන් දීමට මෙනි.

“ඒවා ඇහුවා කියලා සර්ට වැඩක් තියේවිද… අපේ ප්‍රශ්න අපිම විසඳගන්නවා හැරුණාම…”

“හ්ම්ම්… විසඳගන්න බැරි වුණත්… අඩුම තරමේ… ඔය හිතවත් සැහැල්ලු වෙයිනේ… අනික ඉතින් ඕනම කෙනෙක්ගේ ජීවිත වල විසඳගන්න මොනවාම හරි ප්‍රශ්නයක් තියනවානේ…”

“සර්ලට නම් තියෙන්නේ ව්‍යාපාරික ගැටළුනේ… අපිට වගේ ප්‍රශ්න සර්ලට නැහැනේ…”

මුවේ මඳහසක් නංවා ගැනීමට යත්න දරමින් මම කීවෙමි.

“පිටින් පේන්නේ එහෙම තමා… ඒත් ඉතින්… එක් එක්කෙනාගේ ප්‍රශ්න එක් එක්කෙනාට සාපේක්ෂයි…”

මම එය දනිමි. අපිට තිබෙන ප්‍රශ්නය නම් එදා වේල කන්නේ කෙසේද කියාය. අහස් වැනි ධනවතුන්ගේ ගැටළු වන්නේ සිය ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නේ කෙසේද කියාය.

“ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්… පිළිතුර දාර්ශනිකයි…”

කොහේ හෝ තැනක තිබී කියවූ බවක් මට මේ මොහොතේ හදිසියේ සිහි විය.

“ඉතින්… අම්මලාට කතා කළාද…?”

මා කිසිත් නොකියූ නිසාදෝ ඔහු යළි මා විමසුවේය. අප නිවසේ ජංගම දුරකථන නැතිබව මම ඔහු හා කීවෙමි.

“එතකොට ගෙදර විස්තර දැනගන්නේ කොහොමද…?”

ඔහු ඇසුවේ මවිතයෙනි. නිවසේ දුරකථනයක් නැති බව කීම ඔහුට අදහාගන්නට බැරි තරම් දෙයක් මෙනි.

“ගෙවල් කිට්ටුව මාමා කෙනෙක් ඉන්නවා… එයාට කතා කරලා තමා… හදිසියක්ම වුණොත් විතරක් කතා කරන්න මැඩම්ගේ නම්බර් එක දුන්නා…”

“හ්ම්ම්…”

ඔහු කෙටි සුසුමක් හෙළීය.

“දැන් මොනවද එත්කොට අනාගත බලාපොරොත්තු…?”

හදිසියේ ඔහු අසන විට මම ඔහු දෙස බැලීමි.

“එහෙම ලොකු බලාපොරොත්තු මට නැහැ සර්… නංගිටයි මල්ලිටයි හොඳට උගන්නලා… ගෙයක් දොරක් හදාගෙන අම්මා තාත්තා එක්ක ජීවත් වෙන එක තමා…”

“දෙමව්පියන්ට සළකන එක යුතුකමක්…”

“අපේ හැමදේම අම්මායි තාත්තායි තමා සර්…”

“හැමදේම අම්මායි තාත්තායි කිව්වේ… ඒ අතරේ වෙන කෙනෙක් නැත්ද…?”

තිගැස්මෙන් යුතුව මම ඔහු දෙස බලනවිට ඒ මුවේ වූයේ මුව කොණින් පෑ සරදම් සහගත සිනහවකි. ලැජ්ජාමුසු හැඟීමකින් මසිත යළි පිරී ගියේය. පාසල් කාලය මා සිහියට නැඟිණි. උසස් පෙළට පෙනී සිටින අවදියේදී අප පන්තියේ සිටියේ පිරිමි ළමුන් දෙතුන් දෙනෙකු පමණි. බොහෝ පිරිමි ළමුන් සාමාන්‍ය පෙළ ලියා අවසන් වූ විගසම විවිධ රැකියා අවස්ථා සොයාගෙන පාසල් දිවියෙන් සමුගත්තේය. ආදරය ඉල්ලා කිසිවෙකු මා පසුපස පැමිණියේ නැත. එවැන්නක් පිළිබඳව මට සිතන්නට ඉඩක් තිබුණේ හෝ එවැනි මානසික නිදහසකින් මා සිටියේ නැත. පවුල් බර ඉහටත් උඩින් මා හිස මත පැටවී තිබිණි. තාවකාලික බැඳීමක් ඇතිකරගෙන පසුවට දුක් විඳින්නේ මන්ද කියා මම නිතර සිතුවෙමි.

“පවුල ගැන හිතනවා ඇරුණාම මට වෙන හිතන්න දෙයක් තිබුණේ නැහැ… අනික බැඳීම් කියන්නේ හැමවෙලේම දුකක්…”

“ඒක ඇත්ත…”

ඔහුද මා සමඟ එකඟවෙමින් කීය.

“ඉතින් ඇයි සර් තාම මැරි කළේ නැත්තේ…?”

එවිට ඔහු උස් හඬින් සිනහසෙන්නට වූ නිසා මම ඔහු දෙස බලා සිටියේ නොමනාපය රැඳි දෑසිනි.

“ඔන්න ඉතින් රවනවා…”

සිනහව නවතාගෙන ඔහු කීය.

“ඒකට ඔය තරම් හිනා යනවද…?”

“හිනා ගියා…”

“ඒ මොකද…?”

“මාත් ඒ වගේම හිතන නිසා…”

“ඒ කිව්වේ…?”

“ඒ කිව්වේ… මැරිකරන්න අදහසක් මටත් නැහැ… ඇත්තටම කිව්වොත් බැඳීමකට හිරවෙලා ජීවත් වෙන්න මාත් ආස නැහැ…”

මම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි. ඒ කතාව විශ්වාස කළ නොහැකිය.

“ඒත් ඉතින් සර්ට නම් මැරි කරන්නම වෙනවනේ…”

“කරන්නම වෙනවා කිව්වේ…?”

ඔහු නළල රැළි නංවමින් ඇසීය.

“සර්ගේ පවුලේ අය වුණත් ආසාවෙන් බලන් ඇතිනේ සර් මැරි කරනකල්…”

“පවුලේ අයගේ ආසාවටද කෙනෙක් මැරි කරන්න ඕන… නැතිනම් තමන්ගේ කැමැත්ත ආසාව වුවමනාව නිසාද…?”

ඔහු තර්කයක් නැඟීය.

“එහෙම නෙවේ… මැඩම් වුණත් ආසාවෙන් ඇතිනේ…”

“සුදු මම්මා එහෙම කතාවක් කිව්වද…?”

“ඔව්… සර්ට හොඳ කෙනෙක් හොයන්න ඕන කිව්වා… කවුරු හරි නැට්ටිච්ව්යක් සර්ගේ කරේ එල්ලෙන්න කලින්…”

සිනහසෙමින් මම කියන විට ඔහුද මඳහසක් පෑවේය.

“එහෙම ලේසියෙන් මගේ කරේ නම් එල්ලෙන්න බැහැ…”

“ඔව්… මැඩම් එහෙමත් කිව්වා… සර් එහෙම අහුවෙන ජාතියේ කෙනෙක් නෙවේ කියලා…”

“ඔව්… බැඳීමක් කියන්නේ වදයක්…”

ඔහු එසේ කියා ගෙතුළට ගියේ සුබ රාත්‍රියක් පතමිනි. මමද ගෙතුළට ආවේ දොර වසා අඟුළු ලාගෙනය. එදින නිවාඩු දිනයකි. දහවල ආහාරයෙන් අනතුරුව විනීෆ්‍රීඩා මහත්මියද කෙටි නින්දකට වැටුණු පසු මමද කිරීමට කියා කිසිත් නොවූ බැවින් පොතකුත් රැගෙන මුළුතැන්ගෙයි දොර අසල වූ සුව පහසු අසුනේ හිඳ ගෙන එය කියවන්නට ගත්තේ විනීෆ්‍රීඩා මහත්මිය කතා කළොත් එතනට ඇසෙන නිසාය. පරිසරයේ වූයේ මන්දාරමක සලකුණුය. අදත් වැස්සක් කොයි මොහොතේ හෝ ඇද හැළෙනු ඇති බව අහස කියා පෑවේය. මේ දින කීපයේම එසේ වැසි ඇද හැළිණි. කියවමින් සිටි පොත රසවත් නවකතාවක් වූ මුත් එය කියවමින් සිටි මට නින්ද යන්නට ඇත. මා අවදි වූයේ කිසිවෙකු මා සමීපයේ සිටින බව දැන තිගැස්මෙන් යුතුවය. තිගැස්මෙන් මා දෙනෙත් විවර කරන විට ඔහුද තිගැස්සී ගියේ මා එකවරම අවදී වූ නිසා වන්නට ඇත. අහස් මා ඉදිරියේ සිටගෙන සිටි අතර මම කළබලයෙන් නැඟී සිටින්නට උත්සාහ දරන විට ඔහු මා වළකාලීය.

“අරවින්දි… සොරි… මං ඔයාව ඇහැරවන්න හිතුවේ නැහැ… ඇයි ඇඳට ගිහින් නිදාගන්නේ නැත්තේ…?”

“මම පොත කියවන්න මෙතන්ට ආවේ සර්… දන්නේම නැතුව නින්ද ගිහින්…”

මම නැඟී සිටිමින් කියන විට මා උකුළ මත වූ පොතද ඔහු දෙපා මුළ ඇද වැටිණි. ඔහු වහා නැවී එය අහුළාගෙන මා වෙත දිගු කළේ එයට බැල්මක් හෙළමිනි.

“හ්ම්ම්… හොඳ පොතක්…”

ඔහු මවෙත එය දිගු කරන විට මම දෝතින්ම එය ගතිමි. ඔහුගේ දිගු ඇඟිලි තුඩු යාන්තමට මගේ අතේ ස්පර්ෂ වන විට මා ගත සීතලව හිරිවැටී යනු මට දැනිණි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
- Advertisement -spot_img

රත් දෝතළු – 46

රත් දෝතළු - 46 පාලිත මාමා සමඟ කතා බස් කළේ බොහෝ දිනකිනි. නිවසේ තොරතුරු මා දැනගත්තේ ඔහුගෙනි. නිවැසියන් සුවෙන් පසුවන...

දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා - Samantha Ruth Prabhu සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you