More
    Interviewsදික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා

    -

    spot_img

    දික්කසාදය සහ ලෙඩේ නිසා මං නිහඬව හිටියා – Samantha Ruth Prabhu

    සිය ආකර්ෂණීය පෙනුමෙන් සේම රංගනයෙන්ද ප්‍රේක්ෂකයින් වසඟ කෙරූ සමන්තා රූත් ප්‍රභූ දකුණු ඉන්දියානු සිනමාවේ වැඩිම වැටුප් ලබන නිළියන්ගෙන් කෙනෙක් ලෙස හැඳින්වෙනවා. වසර කිහිපයක නිහැඬියාවකින් පසු සමන්තා නැවතත් කරළියට පැමිණ තිබෙනවා. රංගන ශිල්පී Naga Chaitanya ගෙන් දික්කසාද වීමත්, Myositis රෝගයට ගොදුරු වීමත් නිසා සමන්තා වසර කිහිපයක්ම රංගන කටයුතුවලින් ඈත්වී විවේකීව සිටියා. පසුගිය වසරේ ඇය චිත්‍රපට අධ්‍යක්ෂක Raj Nidimoru සමගින් විවාහ වුණා. මේ ඇය workout session එකක් අතරතුරදී Vogue India සමගින් කෙරූ කතාබහක්.

    Samantha Ruth Prabhuජිම් එකකට යන පළමු මාසය ඔබ අතින් බොහෝ වැරදි සිදුවෙන බොහොම අභියෝගාත්මක කාලයක් බවයි ඇය පවසන්නේ. පසුගිය කාලයේ සමන්තා දකින්නට ලැබුණේම ව්‍යායාම කරන අවස්ථාවලදී වීම විශේෂත්වයක්. එහි ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් උරහිස් දෙකක්, සිහිනිඟක්, පැතලි උදරයක් සහ සුන්දර දෙපාවලින් යුතු නව පෙනුමක් ඇයට ලැබී තිබේ. අලුත් අවුරුද්ද ඇගේ ජීවිතයේ වෙනසක් සිදුවන වසරක්දැයි ඇසූ විට 38 හැවිරිදි සමන්තා මෙසේ පවසා තිබුණා.

    Samantha Ruth Prabhu

    “ගිය අවුරුද්දෙ මගෙ ජීවිතේ සෑහෙන වෙනස්කම් සිද්ධ වුණා. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ගෙ අවධානෙ ලැබෙනකොට, troll කිරීම් වෙනකොට දැනෙන්නෙ බයක්. මොකද අපි මනසින් වැටෙනකොට, කරදරේ වැටෙනකොට හැමෝම ඒක බලාගෙන ඉන්නවා. ප්‍රසිද්ධ නිසා. කතා පැතිරෙන්නෙ හරි ඉක්මනට. මගෙ පළවෙනි විවාහය, ඊට පස්සෙ දික්කසාදය සහ මට හැදුන රෝගය. ඔය දේවල් නිසා මම තරමක් නිහඬව හිටියා. කවුරුවත් විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙ නැහැ. යාළුකමක්, ආදරයක් පිළිගන්න එක අවධානමක් වෙලා තිබුණා. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න රාජ් නිදිමෝරු කියන පුද්ගලයා නිසා මම දැන් ගොඩක් සතුටින් ඉන්නෙ. කාලෙකට පස්සෙ මට නිදහසේ හුස්ම ගන්න පුළුවන් ගතියක්, පහසුවක් දැනෙනවා. ඉස්සරහට එන්න තියෙන මගේ හැම චිත්‍රපටියක්ම වෙනුවෙන් මට ශක්තිමත්, හොඳ පෙනුමක් තියෙන්න ඕනේ. මම ads වලට එහෙම පෙනී ඉන්නකොට ගොඩක් අය මගේ අත් වහන්න ට්‍රයි කරනව, මොකද මේ muscles ගැහැණියකට ගැළපෙන්නෙ නැහැ කියලයි එයාලා හිතන්නෙ.”

    Samantha Ruth Prabhu

    ඉදිරියේදී තිරගත වීමට නියමිත Maa Inti Bangaaram තෙළිඟු චිත්‍රපටයේ සමන්තා විප්ලවකාරී ලේලියකගේ චරිතයෙන් ඔබ හමුවට එනු ඇති. එහිදී ඇය පිරිමින් සමග කරට කර සටන් කරනු, ගුටි හුවමාරු කරගන්නා අයුරු දැක බලා ගත හැක.

    “මම මීට කලින් සාරියක් ඇඳගෙන ෆයිට් කරලා නැති නිසා ඒක ලොකු අභියෝගයක් වුණා”

    ඇය පවසන්නේ හිනැහෙමිනි. චිත්‍රපට නිෂ්පාදනයට අමතරව ඇය Truly Sma සහ Mile Collective යන clothing brands හඳුන්වා දුන්නා. එසේම චෙන්නායි සුපර් චැම්ප්ස් හි සම හිමිකාරියත් ඇයයි.

    “මගේ සෞඛ්‍යය වෙනුවෙන් ගත්ත විවේකය හේතුවෙන් රඟපෑවෙ නැති වුණත්, මම ව්‍යවසායිකාවක් විදිහට සාර්ථක වුණා. ඒත් ඉතිං මගෙ පළවෙනි ආදරේ තමයි රඟපෑම කියන්නෙ. ඒ නිසා ආයෙම රඟපාන්න ලැබීම සතුටක්.”

    50 හැවිරිදි රාජ් නිදිමෝරු සහ සමන්තා හමුවූයේ 2021 වසරේ ෆැමිලි මෑන් කතා මාලාවේ දෙවන අදියරේ රූගත කිරීම් අතරතුරයි. 2024 දී Citadel: Honey Bunny සඳහා ඔවුන් නැවත හමුවූවා. ඔබ සමග එකම වහල යට සිටින තැනැත්තා හා වැඩ කිරීම අභියෝගයක් බවයි සමන්තා පවසන්නේ.

    “අධ්‍යක්ෂවරයා ඔබ මෝඩයෙක් හරි රඟපාන්න බැරි කෙනෙක් හරි කියල හිතයිද කියන දේ ගැන වද නොවී මගේම විදිහට චරිතය කරන්න පුළුවන්. ඔහුට මාව දාලා යන්න බැහැ. ඔහු මගේ ළඟ නිසා මම තව තවත් දියුණු වෙනව කියලයි මට හිතෙන්නෙ.”

    Samantha Ruth Prabhu

    සමන්තා යළිත් ව්‍යායාම කිරීම අරඹයි. මාංශ පේශිවල දැවිල්ල ඇති කරන සහ ප්‍රතිශක්තිකරණයට බාධා පමුණුවන Myositis රෝගය වැළඳී වසර හතරක් ගතවූ පසු මේවන විට ඇය ශාරීරිකවත්, මානසිකවත් යහපත් අයුරින් නැවත ඇයව ගොඩනගා ගෙන තිබේ.

    “මම උදේ ඇහැරිලා යාඥා කරනවා. ඊට පස්සෙ හිරු එළිය ලබාගෙන, භාවනා කරනවා, ඒ නිසා රාජ්ව මුණගැහෙන්න යන්න කලින් මම පැය එකහමාරක හොඳ කාලයක් ගත කරනවා. අවුරුද්දක් තිස්සෙ මම හැම දවසකම එකම එළවළු එක්ක කුකුල් මස් කෑවා. මොකද ඒවා මගෙ සෞඛ්‍යයට හොඳ නිසා. ඒ වගේම journaling කරා. මම අසනීප වුණාම ඩොක්ට කෙනෙක් කිව්වා මගේ හැඟීම් ලියන්න කියලා. පළවෙනි මාස හයේම මම ලිව්වෙ, ‘මට වේදනාවක් තියෙනවා. මට මහන්සියි’ කියලා. ඒවා සෘණාත්මක අදහස්. 2023 දෙසැම්බර් මාසෙ මම ‘හැමදේම හොඳයි’ කියලා ලිව්වා. පස්සෙ මම තීරණය කරා මොනව වුණත් positive දේවල් ලියන්න. මාස කීපයකට පස්සෙ මට තේරුණා මම තවදුරටත් මාවම රවට්ට ගන්නෙ නැහැ කියලා. මට තේරුණා අපි සුබවාදීව හිතනකොට හැම දෙයක්ම හොඳ අතට හැරෙන්න ගන්නව කියලා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 16 ක්. දිග කාලයක්. මම ප්‍රශංසා හෝ විවේචන සීරියස් ගන්නෙ නැහැ. ඔවුන් මට දේවදූතයෙක් කිව්වත් ග්‍රහලෝකයේ නරකම පුද්ගලයා කිව්ව වුණත්”

    Samantha Ruth Prabhu

    කතාබහ පුරාවටම සමන්තාට කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් ලැබෙනු පෙනේ. ඇය ඒවා නොසළකා හරින්නේ ආචාරශීලී වෙමිනි. මේ දිනවල ඇය කාර්යබහුලය. නමුත්, මොහොතකින් ඇගේ සැමියාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනු පෙනේ. වහාම දුරකථනය අතට ගන්නා සමන්තා ,

    “බාබු, මම විනාඩි 15 ක් 20 කින් වගේ ගෙදර එන්නම්,”

    යැයි පවසයි. ඇමතුම නිමවීමත් සමඟම අප කතාබහද අවසන් කරන සමන්තා,

    “තවම අවුරුද්දෙ මුලනේ. මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ගොඩක් හොඳ එකක් වෙයි කියලා. අවුරුද්ද ඉවර වෙද්දි අපි ආයෙ හමුවෙමුකෝ”

    යනුවෙන් පැවසුවාය.

    Vogue India ඇසුරෙනි-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

    Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

    නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 45

    රත් දෝතළු - 45 රාත්‍රියේ සුව නින්දක් නොලැබුවද පසුදින සුපුරුදු වෙලාවටම මට ඇහැරිණි. තේ සාදාගෙන බෝතලයට දමා මම එයත් රැගෙන...

    Beauty hacks ලස්සන වෙන කුස්සියේ රහස්

    Beauty hacks ලස්සන වෙන කුස්සියේ රහස් පැහැපත් සමක්, නිරෝගී හිසකෙස්, ශක්තිමත් නිය පෙළක් ලබා ගන්න ගොඩක් අය සිහින මවනවා. ආලේපන,...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page