Newsට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

-

spot_img

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය අතර සන්නිවේදනයක් සිදුව ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ඉරානය සමඟ පවතින සාකච්ඡා ”ඵලදායී” මට්ටමක පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර ප්‍රකාශ තිබෙනවා.‘X‘ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් කථානායකවරයා පෙන්වා දී ඇත්තේ, මූල්‍ය සහ තෙල් වෙළඳපොළවල් තම වාසියට හරවා ගැනීමටත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය වැටී සිටින අර්බුදයෙන් ගැලවීමටත් මෙවැනි ”අසත්‍ය පුවත්” නිර්මාණය කරමින් සිටින බවයි.

එමෙන්ම තමන් වෙත ප්‍රහාර එල්ල කළ ආක්‍රමණිකයන්ට එරෙහිව ”සම්පූර්ණ සහ දැඩි දඬුවම්” ඉරානය අපේක්ෂා කරන බවද ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසනවා.

මේ අතර ඉරාන පාලන තන්ත්‍රය මුළුමනින්ම පෙරළා දමන තෙක් යුද්ධය නතර නොකළ යුතු බව ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් අවධාරණය කර තිබෙනවා.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර දින පහකට අත්හිටුවීමට ගත් තීරණය හමුවේ ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඊශ්‍රායල රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ ආරක්ෂක තර්ජන පවතින මොහොතක රජය අභ්‍යන්තර නීති සම්පාදනයන් පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

රත් දෝතළු – 51

රත් දෝතළු - 51 විනිෆ්‍රීඩා මහත්මිය එතරම් උනන්දුවක් නොපෙන්නුවද විශාකා මහත්මිය දිගටම කතාව කරගෙන යන්නට වූවාය. "එයා ලඟදි ලංකාවට එනවා කිව්වේ......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you