More
    Artව්‍යාජ අනන්‍යතාවලට රැවටෙන්න එපා!

    ව්‍යාජ අනන්‍යතාවලට රැවටෙන්න එපා!

    -

    spot_img

    ව්‍යාජ අනන්‍යතාවලට රැවටෙන්න එපා! – Identity (2025)

    ගොඩක් දෙනා කැමතියි අනිත් අයව මෙහෙයවන්න. තමන්ගෙ බලය අනිත් අයට පෙන්නන්න. මෙතනදි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ රැවටීම. ව්‍යාජ “අනන්‍යතාවයක්” එහෙම නැතිනම් සැබෑව වසංකොට වෙස්මුහුණකින් මිනිස්සු රැවටීම. සත්‍යය නම් එවැනි ව්‍යාජ මිනිසුන්ට තමන්ගේම කියා අනන්‍යතාවයක් නැහැ. භයානකම දේ තමයි මේ වගේ අයට පුළුවන් ලෝකෙ තියෙන ඕනම නරක වැඩක් කරන්න. ගොඩක් වෙලාවට අපි කෙනෙක් ගැන තේරුම් ගන්නෙ ඔහු හෝ ඇය විසින් සමාජය ඉස්සරහ නිර්මාණය කෙරුව අනන්‍යතාවයෙන්. ඒ ව්‍යාජ අනන්‍යතාවයට පිටුපසින් ඇති සැබෑව ඊට හාත්පසින්ම වෙනස් අමිහිරි එකක් විය හැකියි. 

    Identity

    යුවතියන් බ්ලැක්මේල් කරන, ඇඳුම් සාප්පුවක සේවකයෙක් වුණ අමර්ව නාඳුනන පුද්ගලයෙකු විසින් පුළුස්සා මරා දමනවා. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීම පොලිස් පරීක්ෂක ඇලන්ට භාරවෙනවා. ඇලන්ට ඉන්නවා සිද්ධිය ඇසින් දුටු ඇලීෂා නම් වූ සාක්ෂිකාරිය. ඇලීෂා කියනව ඡායාරූපයකින් තමාට ඝාතකයව හඳුනාගත හැකි බව. ඒ අනුව ඔහු හරන් නැමති sketch artist ව ගෙනවිත් ඇලීෂගෙ විස්තරයට අනුව ඝාතකයව චිත්‍රයට නගන්නැයි පවසනවා. හරන් විසින් අඳින ලද චිත්‍රය හරන්ගේ මුහුණටම අතිශය පුදුම සහගත ලෙස සමාන බව පොලිස් පරීක්ෂක ඇලන්ට වැටහී යනවා. එසේනම් ඝාතකයා ඔහුද..?

    Identity

    සමහරවිට අපේ සමීපතමයන්ට පවා අපිට විශ්වාස කළ නොහැකි අනන්‍යතාවයන් තිබෙන්නට පුළුවන්. මිනිස් ස්වභාවය එයයි. කෙටි ජීවිත කාලයක් තුළ, තමන්වත් හරිහැටි නොදන්නා හේතුවක් මත ඇතැමුන් ව්‍යාජයන් සිදුකරමින්, අයහපත වපුරුවමින් ජීවත්වෙනවා. එවැනි අශිෂ්ට සමාජයක බොහොම කලාතුරකින් යුක්තිය උදෙසා සටන් වදින වීරයන් දක්නට ලැබෙනවා.

    Identity

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page