NovelsRath Dothaluරත් දෝතළු - 04

රත් දෝතළු – 04

-

spot_img

රත් දෝතළු – 04

තාත්තා නිවසට කැඳවාගෙන පැමිණියේ පාලිත මාමාගේ ත්‍රීරෝද රියෙනි. එය තිබීම වාසනාවකි. ඔහු නිවසට ආ පසුව අහළ පහළ කීපදෙනෙකුම තාත්තා බලන්නට නිවසට ආහ.

“අපිට ඉතින් ඉස්පිරිතාලෙට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ සුමනේ අයියා… දන්නවානේ ඉතින්… අපි එදා වේල හම්බකරගෙන කන බොන මිනිස්සු… දවසේ කුළියක් කර නොගත්තා නම් කාලා බීලත් හමාරයි…”

“ඒක හරි ජයතිස්ස… මං නොදන්නවා නෙවේනේ…”

තාත්තා කීය. අම්මා ඔවුනට තේ සාදාගෙන විත් පිළිගැන්වූවාය.

“නන්දිකා මොකට කරදර වුණාද…?”

“මොන කරදරයක්ද මැණිකේ අක්කේ… තේ ටිකක් හදන එක මහ ලොකු දෙයක්ද…?”

අම්මා කීවේ සිනහවක් පාමිනි.

“ගෙවල් දොරවල් වල තියන ප්‍රශ්න අපි නොදන්නවැයි නංගියේ… එහෙම එකේ අපිත් ඇවිත් කරදර කරනවා…”

“ප්‍රශ්න නැත්තේ කාටද මැණිකේ අක්කේ…”

“ඒක නම් හැබෑව නංගියේ… අනේමන්ද මේ කරදර වලින් කවදා නම් ගොඩ එන්නද කියලා…”

ඔවුන්ගේ කතාබහ එසේ කෙරීගෙන යන අතරේ මම එතනින් මෑත්ව සෙමෙන් ගෙතුළට වැදුණෙමි. නංගී පාඩම් කරමින් සිටි අතර මල්ලීට පැදුරේම නින්ද ගොස් තිබිණි.

“අනේ… අනේ චූටියෝ… මල්ලිට නින්ද ගිහින් නේද…?”

මගේ හඬින් නංගී හැරී බැලුවේ තිගැස්මෙනි.

“අනේ… මම මේ දැනුයි එයාට ඉස්කෝලේ වැඩ ටික කියලා දීලා ඉඳගත්තේ… ඔය ඩිංගට නින්ද ගිහින්ද… හොරාට ඉන්නවද දන්නැහැ ලොක්කාක්කේ…”

සැකමුසු හඬකින් නංගී කීවද මල්ලීට සැබෑවටම නින්ද ගොස් තිබිණි.

“මේ කොල්ලා රෑට කාලත් නැහැ…”

“තාත්තට හම්බුණ බිස්කට් පැකට් එකක් කකා හිටියා… බඩගිනි නැතුව ඇති…”

“ඒක තමා බඩගිනියි නොකීවේ…”

පුටුව මත වනා තිබූ තාත්තාගේ සරමක් ගෙන මල්ලීට පොරවා පැදුර මත ඉසිර විසිර තිබූ පොත් ටිකත් එකතු කොට පාසැල් බෑගයට දමා මම පිටතට පැමිණියේ පාඩම් කරමින් සිටි නංගීට බාධාවක් නොකරය. පිටුපස දොරින් මිදුලට බැස මම ඇට්ටේරියා ගස යට තනා තිබූ ලී බංකුව මතට විත් හිඳගතිමි. රාත්‍රියේ පිපුණු ඇට්ටේරියා මල් සුවඳින් පරිසරය පිරී තිබිණි. සිහින් සරින් හමා ඇදුණු සුළඟේ වූයේ නුහුරු සීතලකි. තාරුකා මල් වසා ගත් අඳුරු අහසේ කළු පැහැති වළාකුළු පාව ගියේ රාත්‍රියේ මහා වැස්සක් ඇද හැළෙනු ඇති බවට අනතුරු අඟවමිනි. ඈත අහසේ වරින් වර ඇදී යන විදුලි රේඛා කීපයක්ද මා දෑසට හසු විය. මා මුවින් සුසුමක් ගිළිහී ගියේ නොදැනුවත්වම නොවේ. එය අප හැමදෙනා කෙරෙහිම උපන් අනුකම්පා මුසු වූ හැඟීමක් නිසා හදින් නැඟුණකි. අපි දුප්පතින් වී ඉපදුණේ කුමන නම් පාපයක් නිසාද කියා මම නොදනිමි. තව දුරටත් නිවසට වී කල්ගත කළ නොහැක. තාත්තාට දැන් සුවය. රැකියාවක් සොයාගෙන යා යුතුමය. ඔහුට බෙහෙතක් හේතක් කරගැනීමට හෝ අතේ මුදල් තිබිය යුතුය. මගේ අදහසට තාත්තා එකඟ නොවනු ඇති මුත් මේ වතාවේ නම් ඔහුව කෙසේ හෝ එකඟ කරගත යුතුමය. එසේ නොවුණහොත් මටත් සිදුවන්නේ අම්මාට මෙන් කිරිගසක් බදා ගෙන ඒ හා ඔට්ටුවෙමින් ජීවිතය ගෙවා දමන්නටය.

“ඉඩම සින්න වුණොත් අපිට වෙන්නේ පාරට බහින්නයි ලොකු දුවේ…”

අම්මා කී හැටි සිහි වී මා සිතේ ඇති වූයේ බියකි. මැණිකේ නැන්දාත් ජයතිස්ස මාමා හා මුදියන්සේ මාමාත් පිටව යනු දැක මම පිටුපස දොරින්ම ගෙතුළට පැමිණියෙමි.

රැයේ පිපුණු ඇට්ටේරියා මල් සුවඳින් වා තලය තවමත් පිරී ඇත. පෙති ගිළිහී නොගිය මල් බොහෝමයක් තවම ගසේ ඉතිරිව ඇත. ගිළිහී වැටුණු මල් පෙතිද මිදුල පුරාමය. රාත්‍රියේ මහ වැස්සක් ඇද වැටෙනු ඇතැයි කියා සිතුවද තදින් හැමූ සුළඟට වැහි වළා පාව ගියා මිස වැස්සක් නොවැටිණි. නිර්මාණි පැමිණියේ උදෑසන දහයට පමණය. මා බලා සිටියේ ඈ පැමිණෙන තුරුය. ඇගේ වතේ වූයේ සුන්දර සිනහවකි. ඒ දුටු මගේ ප්‍රශ්න බොහෝමයක් විසඳුණා යැයි හැඟීමක් මා සිතේ ඇති වූයේ මාද මවිත කරමිනි. කෙනෙකුගේ සිනහවකට එවන් මායාවක් කළ හැකිද කියා මම සිතුවේ මවිතයෙනි.

“මාමේ කොහොමද දැන්… දැන් නම් ඉහෙන් බහින ලෙඩක් පේන්න නැහැ වගේ…”

ඈ තාත්තා හා කීවේ විහිළුවටය.

“ඒකනේ ළමයෝ… පහුගිය ටිකේ හිටියේ මලා වගේ…”

තාත්තාද පිළිතුරු ලෙස කීවේ සිනහවක් පාමිනි.

“පරිස්සමට මාමේ… ඉතින් අරවින්දි… ඔන්න මම ආවා…”

ඈ මගේ අතින් අල්ලාගනිමින් කීවේ පහව නොගිය සිනහවෙන්මය. මම ඇයව කැඳවාගෙන ගෙතුළට ආවෙමි. මල්ලී සෙල්ලම් කරන්න ගොසිනි. නංගීට අද පාසලේ අමතර පන්තියකි. අම්මාද ජිනපාල මුදලාලිගේ නිවසට ගොසිනි. අපට නිදහසේ කතා බහ කරන්නට සුදුසු වටපිටාවක් එහි විය.

“ඉතින්…?”

ඈ කීවේ කතා බහට මුල පුරමිනි. සුසුමක් හෙළමින් මම ඈ හා බොහෝ දේවල් කතා බහ කළෙමි. රැකියාවක් සොයාගත යුතු යැයි ඈ හා පවසන විට ඇගෙන් පළවූයේ කල්පනාකාරී බවකි.

“ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ අරවින්දි…”

මා සිතට සහනයක් එක් කරමින් ඈ කීවාය. මේ මොහොතේ මා මුවින් ගිළිහී ගියේ සැනසුම් සුසුමකි. අපි දෙදෙන අපේ පාසල් කාලය පිළිබඳව කතාබහ කළෙමු. ඈ සංදීපා ගැනද සිහි කළේ අනුකම්පා මුසුවය.

“ඌට නම් හොඳ පනිෂ්මන්ට් එකක් දෙන්න ඕන…”

කේෂව කෙරෙහි උපන් කෝපයකින් ඈ කීවාය. එය එසේ වනවා දැකීමට මා සිතේද අකමැත්තක් නොවීය. නමුත් කවුද ඔහුට දඬුවම් කරන්නේ.?

“අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමා…”

මම කීවෙමි.

“මෙදා පාර ඇවිත් මොන ජල්ලියක් අල්ලයිද දන්නැහැ… ඔයා එහෙම මුළිච්චි වෙන්න යන්න එපා…”

ඈ අවවාදාත්මක හඬකින් කී අතර මම නැතැයි හිස සැළීමි. අහස එක්වරම අඳුරු වූයේ වැස්සක පෙරනිමිති කියා පාමිනි.

“මම ගිහින් එන්නම් අරවින්දි… වහින්න වගේ…”

“ආවට ස්තූතියි…”

ඈ මා සිපගන්නා විට මම කීවෙමි.

“අම්මලා එක්කත් කතාබහ කරලා ඔයා මට කෝල් එකක් දෙන්න…”

සමුගැනීමට මත්තෙන් නිර්මාණි මතක් කළාය. මම හිස සැළීමි. බලාපොරොත්තුවක් මා සිතේ ඉහිර ගියේය. ඇයත් සමඟ මම කඩුල්ල තෙක් පැමිණියෙමි. නිර්මාණි ගුරු පාර දිගේ නොපෙනී යන තුරුම බලා සිටි මා ආපසු හැරී ගෙතුළට ආවෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

රත් දෝතළු – 47

රත් දෝතළු - 47 ඔහු සිනහසෙමින් මා දෙස බලා සිටියේය. එම සිනහව තුළ වූයේ උපහාසය මුසු බවක් නොව දඟකාර බවකි. "මාත්...

කටට සැරට චිලි පේස්ට්

කටට සැරට චිලි පේස්ට් - Chilli Paste කටට සැරට කන්න කැමති අය ආසම දෙයක් තමයි චිලි පේස්ට්. රයිස්, නූඩ්ලස්, කොත්තු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you