Interviewsමං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා

මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා

-

spot_img

මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා – Tamannaah Bhatia

කොලිවුඩයට නැතිවම බැරි නිළියක් ලෙසින් හැඳින්වෙන Tamannaah Bhatia කොලිවුඩ් සිනමාවේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් නිළියක්. දෙමළ, තෙළිඟු මෙන්ම හින්දි චිත්‍රපටවලද රඟපෑ ඇය මේ වනවිට චිත්‍රපටි 89 කට පමණ සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 2026 වසරද ඇයට බොහෝ කාර්යබහුල වසරක් වී ඇති බවයි පෙනී යන්නේ. මේ වසරේ තමන්නා VVAN – Force of the Forest, O Romeo, Ranger, V. Shantaram, Mana Shankara Vara Prasad Garu වැනි චිත්‍රපටවලින් රසිකයින් හමුවට ඒමට නියමිතයි. ව්‍යවසායිකාවක්ද වෙන ඇය නුදුරේදීම ඇයගේම ආභරණ සන්නාමයක් නිකුත් කිරීමටත් බලාපොරොත්තුව සිටී.

• ඔයා කොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා දෙකම බොහොම පහසුවෙන් තරණය කළා.මේ ෆිල්ම් industries, එතකොට භාෂාව වගේ දේවල් සිනමාවට ආව මුල්කාලෙ අභියෝගයක් විදිහට දැණුනෙ නැද්ද? 

Tamannaah Bhatia

කොලිවුඩ්වල වැඩ කරන්න ගන්නකොට මම ගොඩක් තරුණයි. භාෂාව ඉගෙන ගන්න එක අත්‍යවශ්‍ය වෙලා තිබුණෙ. හැම භාෂාවකට ඒවට අනන්‍ය වුණු දේවල් තියෙනවා. හැසිරීම් පවා. ඒ අය එක්ක කතා කරනකොට මම තේරුම් ගත්ත වැදගත්ම දේ තමයි සංස්කෘතියත් තේරුම් ගන්න ඕන කියන දේ. මොකද මම හැදුනෙ වැඩුනෙ ඉස්කෝලෙ ගියේ මුම්බායිවල. ඉතින් මට භාෂාව විතරක් නෙමේ සංස්කෘතියත් ඉගෙන ගන්න වුණා. මම ලොකු වුණේ හින්දි ෆිල්ම් බලමින් නිසා, මට ඒ සංස්කෘතිය තේරුණා. ඉතින් අන්තිමේ මට ඔය දෙකම ගැන අවබෝධයක් ලැබුණා. අවුරුදු 10ක්, 12ක් මම කොලිවුඩ්වල වැඩ කරා. මාව කොච්චර කොලිවුඩ්වලට අයිතිවෙලාද කිව්වොත් පස්සෙ මට සිද්ධ වුණා මම මුම්බායිවල කියලා මුම්බායිවල අයටම කියන්න. මේ තැන් දෙකම මගේ ගෙදර වගේ. එකක් මගේ දෛවය. අනික මම උපන් තැන.

• බාහුබලි චිත්‍රපටියෙන් නිළියක් විදිහට වගේම ගැහැණියක් විදිහට ඔයා ඉගෙන ගත්තෙ මොනවද?

මම වැඩිපුරම ඉගෙන ගත්තේ චිත්‍රපටිය ගැන. අපිට ගොඩක් දේවල් පරිකල්පනය කරන්න සිද්ධ වුණා. VFX ගැන සහ චිත්‍රපටයක් වැඩි දියුණු කිරීමට එය භාවිතා කරන ආකාරය ගැන මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අත්හදා බැලීම් කරන හැටි ගැන විශ්වාසයක් ආවා. ඇත්තටම ඒකෙන් පස්සෙ මම මිනිස්සුන්ගේ අදහස් ගොඩක් සීරියස් ගන්න එක නැවැත්තුවා. ඒ වගේම මම ගැන විශ්වාසය වැඩි කරන්නත්, මගේ පර්සනැලිටි එක ගැන මටම තේරුම් කරලා දෙන්නත් ඒක හේතුවක් වුණා.

• ඔයා commercial entertainer වල ඉඳලා OTT දක්වාම ඇවිත්. දැන් ඔයා චරිත තෝරගන්නෙ කොහොමද?

චිත්‍රපටයක් හදනවා කියන්නෙ ලොකු කණ්ඩායමක් එකතුවෙලා කරන වැඩක්. ඉතින් හොඳ කණ්ඩායමක් තෝරගෙන ඒ අයට එකතු වෙන එක මට වැදගත්. සාමාන්‍යයෙන් OTT චිත්‍රපටියක් බලනකොට ඒක ලේඛකයෙකුගේ සහ නළුවෙක්ගෙ මුසුවක් කියලයි මට හිතෙන්නෙ. සිනමාව හැමතිස්සෙම අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක්. මම ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා.

Tamannaah Bhatia

• 2020 අවුරුද්දෙන් පස්සෙ නිළියක් විදිහට ඔයා වෙනස් වුණාද? ජනප්‍රියත්වයට වඩා හොඳ දෙයක් කරන්න හිතුව වගේ?

නිළියක්ට ජනප්‍රියත්වය ගෙනල්ල දෙන්නෙ ප්‍රේක්ෂකයින්. ඇත්තටම මගේ මුල්කාලෙ ඉඳලම මට ඕනෙ වුණේ නිළියක් වෙන්න. රංගනය කියන විෂය ගැන අවධානය යොමු කරන්න. මම හිතන්නෑ මම ජනප්‍රියයි කියලා. මගේ උපරිමයෙන් රඟපෑවට පස්සෙ මිනිස්සු ඒවට කැමති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ තේරීම් වෙනස් වෙලා. සිනමාව කියන දේ පරිණාමය වෙනවා. ජීවිත කාලය පුරාවටම නිළියක් විදිහට වැඩ කරන්න මම හිතාගෙන ඉන්න නිසා ඉස්සරහටත් ගොඩක් දේවල් වෙනස්වෙයි කියලා මට විශ්වාසයි.

• මේ වෙනකොට ඔයා සිනමාවට ඇවිත් අවුරුදු විස්සකට ආසන්නයි. කලින්ට වඩා ඔයාට ඔයාගෙම වෙනසක් දැනෙනවද?

මේ අවුරුදු විස්සක ගමන පැහැදිළිවම මාව දියුණු කරලා තියෙනවා. මේ අවුරුදු විස්ස මට ලොකු අවබෝධයක් ලබා දීලා තියෙනවා. කලින්ට වඩා හොඳින් රඟපාන්න මට පුළුවන්. මිනිස්සු ඒක දකිනවා. ඔවුන්ගෙ අගය කිරීම් මට වටිනවා. කාලෙත් එක්ක මම නිළියක් විදිහට, ගැහැණියක් විදිහට ගොඩක් දියුණුවෙලා .

• ඔයාට ආයෙත් අතීතෙට ගිහින් තරුණ කාලෙ ඔයාට උපදෙසක් දෙන්න අවස්ථාවක් ලැබුණොත්, ඒ උපදෙස මොකක්ද?

මාව ගොඩක් විශ්වාස කරන්න. ඔයාගෙ වටේ ගොඩක් අය ඉන්නවා, එයාලා හැමදෙයක් ගැනම ඔයාට උපදෙස් දෙනවා. ඒත් ඔයා අවසානෙ කරන්න ඕනෙ ඔයාට හොඳින්ම දැනෙන දේ. මොකද අන්තිමට ඒක තමයි වටිනම දේ වෙන්නෙ.

• වතාවක් ඔයා කිව්වා ඔයා හැදුණේ වැඩුණේ කැමරාව ඉස්සරහ කියලා. ජනප්‍රියත්වය පෞද්ගලිකත්වයට, සබඳතාවලට බලපෑවෙ කොහොමද?

මට මතක ඇති කාලයේ ඉඳලම මම කැමරාව ඉස්සරහ ඉන්නවා. ජනප්‍රියත්වය ඕනම දෙයක් කරනවනං, ඒකෙන් ඔයාව වැඩිදියුණු කරනව කියලත් මම විශ්වාස කරනවා. ගොඩක් අය බලවත් වෙන්න, ජනප්‍රිය වෙන්න බයයි. මොකද ඒකෙන් ඔයා ගැන ලෝකය දැනගන්න නිසා. තේරීම්, තීරණ ඔයා ගැන ගොඩක් දේවල් ලෝකය දැන ගන්නවා. මම ජීවත්වෙන්නෙ මම විදිහටම විතරයි. ෆිල්ම් හෝල් එකකට, සුපර් මාකට් එකට ගියාම මම දන්නව මිනිස්සු මාව අඳුනගන්නව කියලා. ඒ වුණත් තාමත් මම ඒවට යන්නෙ මම මගේ ජීවිතේ මට ඕනෙ විදිහට ගත කරන නිසා. මිනිස්සු එක්ක ගැවසෙන්න මම කැමතියි. මට හොඳ සමීපතමයන් පිරිසක් ඉන්නවා. පුංචි කාලෙ ඉඳලම මම සමාජශීලි කෙනෙක්.

Tamannaah Bhatia

• ජීවිතේ ජයග්‍රහණ, පරාජයන් හමුවේ දරාගෙන ඉන්න උදව් කරේ කවුද?

මගේ දෙමාපියන්. ඔවුන් උපරිමයෙන්ම ආදරය සහ සහයෝගය ලබා දෙනවා. ඔවුන් කවදාවත් මාව තනිකළේ නැහැ. මම ශක්තිමත්ව ජීවිතේට මුහුණ දෙන්නෙ එයාලා නිසා. ආදරේ, සහයෝගය මේ හැමදේම දෙන්නෙ එයාලා.

• තමන්නා ගැන ගොඩක් අය නොදන්න දෙයක් තියෙනවද?

මගේ manager හිතන්නෙ මම විහිළුකාරියක් කියලා. මම කැමතියි මිනිස්සුත් මම විහිළුකාරියක් කියලා දැනගන්නවනං.

• ඔයා විවේක වෙලාවට මොකද කරන්නෙ?

සෝෆා එකට වෙලා දවල් හීන බල බලා ඉන්නවා. ඇත්තටම මම අපූරු හීන දකින්නියක්. එහෙම ඉඳීමෙන් මට හරි සතුටක් දැනෙනවා. ඊට පස්සේ යාළුවො එක්ක එළියට යනවා. චිත්‍රපටි බලන්න එහෙම නැත්තම් යාළුවෙක්ගෙ ගෙදරට.

• ඔයා කෑන්ස් රතු පලස මත ඇවිදලා ආකර්ෂණය දිනාගෙන තියෙන කෙනෙක්. ඔයා හිතන විදිහට සුන්දරත්වය කියන්නේ මොකක්ද?

තමන්ව තමන් විදිහට පිළිගැනීම. ඒක හරි අමාරු දෙයක්. මොකද අපි හැමතිස්සෙම කැමරාව ඉස්සරහනෙ ඉන්නෙ. ඔයාව පිළිගැනීම සහ ඔයා කැමති දේවල් පිළිගැනීම. ඒක තමයි ලස්සන කියන්නේ.

• මෑතක ඉඳලා සම්මුඛ සාකච්ඡා වලදී ඔයා හරිම අවංකයි, නිර්භීතයි. කොහොමද එහෙම වුණේ?

මගේ ජීවිතේ අසීරු අවස්ථා තිබුණා. හොඳ වගේම නරක. ඉතින් මම ඒ දෙකත් එක්කම ජීවත් වෙනවා. අවංකවීම මොනතරම් වටිනවද කියලා මට තේරෙනවා. මම මගේ රස්සාව ගැන සීරියස් හිතනව. ඒත් පුද්ගලයෙක් විදිහට මම සීරියස් නැහැ. මම මම විදිහට ඉන්න කැමතියි.

• Industry එකේ වයස තිස් ගණන්වල ඉන්න නිළියන්ට කරන්න හොඳ චරිත තියෙනවද? 

Tamannaah Bhatia

ඔව්, අනිවාර්යයෙන්ම. ඇත්තටම, මම නිළියක් වුණාම මට අවුරුදු 10ක සැලැස්මක් තිබුණා. මම හිතුවා දැන් වැඩ කරන්න පටන් ගන්නවා, ඊට පස්සේ තිස් ගණන් වෙනකම් වැඩ කරනවා, ඊට පස්සේ විවාහ වෙලා බබාලා හදනවා. ඒත් මට හොඳ චරිත ලැබුණෙ විසි ගණන්වල අවසානෙදි. එතකොට industry එක වෙනස් වෙන්න ගත්තා. ලෝකෙ පුරාම. මිනිස්සු වයසට යන්න බය ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. ඒක හරියට ලෙඩක් වගේ සමහරු කතා කරන්නෙ. නමුත් වයසට යනව කියන්නෙ අපූරු දෙයක්. මට තේරෙන්නෑ ඒකට මිනිස්සු මෙච්චර බය ඇයි කියලා.

• අන්තිම ප්‍රශ්නෙ. කාන්තාවක් විදිහට, නිළියක් විදිහට සහ තමන්නා විදිහට ඔයාට කුසගින්නක් දැනෙන දේවල් මොනවද?

මේ වෙලාවෙ නම් මට පීසා එකක් කන්න ඕනේ. මට ඒවා එච්චර කන්න හම්බවෙන්නෙ නැහැ. ඒ ඇරුණම මට අවශ්‍ය හැමදෙයක්ම තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඒව ගැන මම එච්චර වද වෙන්නෙ නැහැ. හැබැයි කෑම කියන්නෙ නං මට ගොඩක් මිස් වෙන දෙයක්. ඒකට කමක් නෑ. මම වැඩිපුරම ආදරේ කරන දේ කරමින් ඉන්නෙ.

Filmfare ඇසුරිනි –

Latest news

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...
- Advertisement -spot_img

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you