Interviewsනළුකම කමකට නැති රස්සාවක්

නළුකම කමකට නැති රස්සාවක්

-

spot_img

නළුකම කමකට නැති රස්සාවක් Cillian Murphy

අයිරිෂ් උරුමය දෝත දරාගෙන උපන් Cillian Murphy ඔහුගේ විශිෂ්ට රංගන කුසලතාවත් මුහුදු නිල් පැහැ දෙනෙතත් නිසාවෙන් ලොව පුරා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත්තා. රංගනයට අමතරව ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන්ද කටයුතු කරනවා. 2005 වසරේදී ඔහු සුප්‍රකට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් හා වැඩ කිරීම ඇරඹූ අතර ඉන්පසු නෝලන්ට සිය චිත්‍රපටි සඳහා කිලියන් මර්ෆි නැතිවම බැරි නළුවෙක් වුණා. Breakfast on Pluto (2005) විකට නාට්‍යයේ අයර්ලන්ත කාන්තාවක් ලෙස රඟපෑ කිලියන් ඒ චරිතය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා නිර්දේශ වුණා. ඔහු ලද සම්මාන බොහොමයි. Peaky Blinders කතා මාලාවේ Tommy Shelby ගේ චරිතයත් සමගින් ඔහු ලොව පුරා රසික ආදරය දිනා ගත්තා. ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂනය කල Oppenheimer (2023) චිත්‍රපටයේ Robert Oppenheimer ලෙසින් සිදුකළ විශිෂ්ට රංගනය වෙනුවෙන් කිලියන් මර්ෆි හොඳම නළුවා සඳහා වන ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවා. 

Cillian Murphy

කිලියන් කියන විදිහට රඟපෑම කියන්නෙ අරගලයක්. පරමාණු බෝම්බයේ පියා රොබට් ඔපන්හයිමර් ලෙසින් රඟපෑමට සූදානම් වන විට ඔහු සම්භාව්‍ය සංගීතයට වැඩිපුර සවන් දුන්නේ ඔපන්හයිමර්, බීතෝවන් සහ ස්ට්‍රැවින්ස්කිගේ රසිකයෙක් බව පැවසෙන නිසාවෙන්.

“ඒක හරියට හිතට දැනෙන දෙයක්. චරිතය ගැන දැනගන්න හොඳම ක්‍රමය ඒකයි කියලා මට හිතුනා.” 

Cillian Murphy

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඔහු රඟපෑ Steve චිත්‍රපටිය තිරගත වුණා. එම චිත්‍රපටිය ලේඛක Max Porter ගේ Shy නැමති කෘතියේ අනුවාදයක්. එහි ඔහු වෙහෙසට පත් වුණු ගුරුවරයෙක් විදිහට රඟපානවා.

“මම ඒකෙදි නම් කිසිම සංගීතයක් ඇහුවෙ නැහැ. සංගීතෙ අහන්න ඉඩක් තිබුණෙ නැහැ. ඒක කලබලකාරී පරිසරයක්.”

තමා එම පිටපතට කැමති වූ බව ඔහු පවසනවා. අනූ ගණන්වල එංගලන්තයේ තිබුණ නාහෙට නාහන කොල්ලන් සඳහා වූ පාසලක ඔවුන්ගේ කරදරවලින් හෙම්බත් වූ ප්‍රධාන ගුරුවරයා ලෙසයි ඔහු රඟපාන්නේ. 49 හැවිරිදි කිලියන් සිය වෘත්තිය ජීවිතය පුරාම වෙහෙසට පත් මිනිසුන්ගේ චරිතයන් තුළින් රඟපෑමේ විශිෂ්ටයෙකු වී තිබේ.

“Tommy Shelby වගේ ඇඳුම් අඳින එක, කතා කරන එක, ඇවිදින එක, සිගරට් බොන එක මේ gangster චරිතෙ වෙනුවෙන් මම ලොකු වැඩ කොටසක් කරා. Shy ලිව්ව Max Porter හොඳින් අඳුනනව. පොත ලියලා තිබුණෙත් අයර්ලන්ත භාෂාවෙන්. ඒක හරි පහසුවක් වුණා.” 

Cillian Murphy

කිලියන් විහිළු කරන්නේ ස්ටීව් රූගත කිරීම්වලදී වැඩි හරියක්ම තමා කාංසාවෙන් සිටි බව පවසමින්. වෘත්තීය ජීවිතයෙන් එහා පවුල් ජීවිතයේ ඔහු සිය බිරිඳ සහ පුතුන් දෙදෙනා සමගින් සාමකාමී ජීවිතයක් ගත කරනවා. ඔවුන් ජීවත්වන්නේ ඩබ්ලින්වල මුහුද සමීපයේ පිහිටා ඇති නිවසකයි.

“ලෝකෙට හරි පරිපූර්ණයි වගේ පෙනෙන චරිත කරන්න මගෙ කිසිම උනන්දුවක් නැහැ. එහෙම චරිත ඇතුළෙ අපිට අපිව මුණගැහෙන්නෙ නැහැ. අඩු වැඩි වශයෙන් අපි හැමෝම අරගල කරනවා. හැමෝම උදේට නැගිටලා, මම කොහොමද මේක කරන්නෙ? අද දවසට මුහුණ දෙන්නෙ කොහොමද? අන්තිමට අපි හැමෝම මැරෙන බව දැනගෙනත් ජීවිතේ ඉස්සරහට අරන් යන්නෙ කොහොමද ? හොඳ දේවල් කරන්නෙ කොහොමද? අපේ දරුවන්ව උස් මහත් කරන්නෙ කොහොමද? වගේ දේවල් හිතනවා. මේ ප්‍රශ්න, මේ දේවලට උත්තර ඒ වගෙ චරිතවලින් හොයාගන්න බැහැ කියලා මම හිතනවා. මම ඒවා කරන්නෑ”

ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම ගුරුවරුය. ඔහුගේ සීයා පාසලක ප්‍රධාන ගුරුවරයෙක් වූ අතර නැන්දලා, මාමලාද ගුරුවරු විය.

“මගේ අම්මා වැඩ කරන ගමන් අපි හතර දෙනාවම උස් මහත් කරා. මම දෙමව්පියන්ට කීකරුව හැදුණා. මගෙ හිතේ ඔවුන් ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මගෙ තාත්තට පාසල් පරීක්ෂකවරයෙක් විදිහට උසස් වීමක් ලැබුණා. ඉතින් එයා අපේ ඉස්කෝලෙට එනවා. ඒ ඇවිත් නිතරම මාව පන්තියෙන් එළියට දැම්මා. ඒ ජීවිතේ ලස්සනම කාලයක්. ඒ කාලෙ මම නාහෙට නාහන කොල්ලෙක්. hoodies ඇඳගෙන මුලුවලට වෙලා ඉන්න දරුවො සමාජෙ අඳුන්වන්නෙ කරදරකාරයො විදිහට. ඔවුන්ව ඉස්කෝලෙන් අයින් කරන එක, youth clubs, පුස්තකාල වහලා දාන එක නෙමෙයි කරන්න ඕනෙ. මිනිස්සු එවැනි කරදරකාරී දරුවන්ව නොසලකා හැරියාම, ඔවුන්ට දැනෙන කොන්වීම මහ විනාශයක් කරන්න පුළුවන්.” 

Cillian Murphy

නවතම Peaky Blinders කතා මාලාව The Immortal Man මේ වසරේ මාර්තු මස තිරගත වීමට නියමිතයි. Tommy Shelby ගේ චරිතය නැවත රඟපාන්නට ලැබීම අමුතු දෙයක් බවයි ඔහු පවසන්නේ.

“මගේ ජීවිතයේ හතරෙන් එකක් මම මේ චරිතය රඟපානව වගෙ කියලා තේරුණා. ඒක එක විදිහක පිස්සුවක් වගේ. අපිට ඇත්තටම හොඳ පිටපතක් ලැබුණා. ඒ වගේම රසිකයන් වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරන්න ඕනෙ. ගොඩක් ආකාරවලින් මේ කතාව සාර්ථක එකක් වුණා. මේ චරිතය මේ තරම් මිනිස්සු අතරට යයි කියලා අපි හිතුවෙ නැහැ”

28 Days Later (2002) චිත්‍රපටියේ ඔහුගේ චරිතයට මිනිස්සු තවම ආදරේ බව ඔහු පවසනවා. memes ගැන ඇසූ විට,

“මම කරන හැම මගුලක්ම meme එකක් වෙනවනේ” Cillian Murphy

යනුවෙන් පවසමින් ඔහු හිනැහෙයි. ඔපන්හයිමර් චිත්‍රපටයෙන් පසු ඔහු නිවාඩුවක් ගත කළ බව පවසනවා.

“මම දවසට පැය 16 ක් වැඩ කරා. කාංසාවේ උපරිම තත්වයක ඉන්න කෙනෙක් වගේ රඟපාන්න අනිවාර්යයෙන්ම ලොකු වෙහෙසක් දරන්න වෙනවා. නමුත් ඒක ගොඩක් නළු නිළියන්ට මාතෘකාවක් වේවි කියලා මම හිතනවා. ඔයා ඒක කරේ කොහොමද කියලා හිතන්න එපා. හිතන්න අවසාන ප්‍රතිඵලය ගැන.”

එහි අවසාන ප්‍රතිඵලය නම් ඔහු ඇකඩමි සම්මාන උලෙළේ හොඳම නළුවා බවට පත්වීම සහ ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමයි.

“අහන්න! මම නළුවෙක්, මම එක එක චරිත රඟපානවා. ගොඩක් පැතිවලින් ගත්තම ඇත්තටම නළුකම කමකට නැති රස්සාවක්. නමුත් මම ඒ ගැන පුදුමාකාර විදිහට serious හිතනවා.”

The Observer ඇසුරිනි –

Latest news

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...
- Advertisement -spot_img

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you