Virat Kohli – ඊයේ (ජුනි 03) ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) අවසන් මහා තරඟයෙන් Royal Challengers Bangaluru කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ ප්‍රතිවාදී Panjab King කණ්ඩායම ලකුණු 6 කින් පරාජය කරමින්. කඩුළු 9 ට ලකුණු 190 ක් රැස් කිරීමට Royal Challengers Bangaluru කණ්ඩායම සමත් වූ අතර විරාට් කෝලි ලකුණු 43 ක් ලබාගත්තා. කෝලි වසර 18 ක් පුරාවට Royal Challengers Bangaluru කණ්ඩායම සඳහා ක්‍රීඩා කළා.
තරඟය අවසානයේ ඔහු කඳුළු සලමින් සිය බිරිඳ අනුෂ්කා ෂර්මාව සිප වැළඳගත්තේ රසිකයන්ගේ ප්‍රීති ඝෝෂා මැදින්. මෙය විරාට් කෝලිගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වනු ඇත. මෙම ජයග්‍රහණය තමාට තම කණ්ඩායමට මෙන්ම රසිකයන්ට විශාල ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් වසර 18 ක් පුරාවටම තම තරුණකාලය කැප කළ බවත් තමන් උපරිමය සිදුකළ බවත් සිහිනයක් වැනි මේ ජයග්‍රහණය හමුවේ තමා බොහෝ හැඟීම්බර වූ බවත් විරාට් කෝලි පවසා සිටියා.
– hauterrfly ඇසුරිනි –