NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 54

Tharu Mal Viyan තරු මල් වියන් – 54

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

ශාමින්ද පැමිණි බවක් හෝ ඔහු තමා සොයමින් සිටින බවක් හෝ නොදත් අංජලී තමාට ලැබුණු උසස්වීමේ තනතුර භාර ගැනීමේ සූදානමකින් පසු වූවාය. ඔහු නුවර පුරා තමා සොයමින් සැරිසරන බව ඈ දැන සිටියා නම් ඈ මේ සියල්ල හැර දමා ඔහු සොයා දිව යනු ඇතිවාට සැක නැත. නමුත් ඈ කෙසේ සිතන්නද..? තව නොබෝ දිනකින් ඇය නුවර හැර දමා කුරුණෑගල ප්‍රදේශයට යන්නීය. ඔවුන් යළි හමු නොවනු ඇත. මෙරිටා පවසන දෙයකට එකඟ වී හෝ ඈ අඩුම තරමේ මාමාගේ හෝ නිවසට ගියා නම් ඇයට ශාමින්ද මෙසේ ඈ සොයමින් වෙහෙසෙන බව දැනගන්නට ලැබෙනු ඇත. නමුත් දෛවය මේ මොහොතේ වුවද කාරුණික නොවීය.

මේ දින කීපයේම වෙහෙස වී ශාමින්ද සිටියේ වඩා තෙහෙට්ටුවට පත්වය. තිසංග යළි නිවසට ගියේ මේ දින කීපයේ දමා තිබූ නිවාඩු දින ගණන අවසන් වූ නිසාත් යළිත් දින කීපයකට නිවාඩු ගෙන නැවත පැමිණීමේ අරමුණිනුත්ය. ඔහු මේ මොහොතේ යළි පැමිණෙමින් සිටින බව ශාමින්දට ඇමතුමක් දෙමින් පවසා තිබිණි. ඔහු රිය පැදවූයේ අංජලී පිළිබඳව සිතමිනි. මේ ගෙවුණ දින කීපයේ පවා ඔහුට සුව නින්දක් පවා නොලැබුණ තරම්ය. මේ සියල්ල මෙසේ සිදුවූයේ ඔහුගේත් වරදින් කියා ඔහුට මේ මොහොතේත් සිතිණි. අංජලී මෙවන් තීරණයක් ගන්නට පෙර තමාට හෝ පැවසුවා නම් ! ඈ මෙසේ තීරණය කරන්නට ඇත්තේ ඔහුද ඇයව අත් හරිනු ඇතැයි සිතූ නිසාද කියාත් ඔහුට නොසිතා බැරි විය. මව්පියන් ඇයව නිවසට පිළිනොගනු ඇතැයි කියා ඈ සැක සිතුවා වන්නට ඇත. ඈ මෙසේ සිතා තනිව සියල්ල දරා නොගෙන තමාට හෝ දන්වන්නට තිබුණා නොවේද..? ඔහු සිතේ පසුතැවීමකුත් ශෝකයකුත් එකසේ ඇති විය.
ඉදිරියට එන රථය ඔහුට නොපෙනුණේ සිත එහෙ මෙහෙ විසිර අවධානය වෙනතක රැඳී තිබූ බැවිනි. කළබලයට රථය හසුරුවා ගන්නට නොහැකි වූයෙන් එය ඉදිරියෙන් පැමිණි රථයේ ගැටෙනු පමණක් ඔහුට මතකය.
——————————————————————————————————
සිතට මහා අමුතු හැඟීමක් දැනෙමින් තිබුණේ මන්ද කියා අංජලීට සිතා ගන්නට නොහැකිය. එය මහා කිව නොහැකි මුස්පේන්තු හැඟීමකි. මේ දින කීපයේ ඈ රැකියාවට නොගියේ කරගන්නට ඇති යම් යම් කටයුතු කීපයක් තිබූ බැවිනි.

“මොකද ළමයෝ මේ ආතක් පාතක් නැතුවා වගේ කල්පනා කර කර ඉන්නේ…?”

අංජලී මිදුලේ බංකුව මත හිඳගෙන කල්පනා කරමින් සිටිනු දැක මෙරිටා ඈ අසලට පැමිණෙමින් විමසුවාය. ඇගේ හඬින් අංජලී වහා හැරී මෙරිටා දෙස බැලුවාය.

“අනේ මන්දා ආන්ටි…මටත් හිතා ගන්න බැහැ…හිතට දැනෙන්නේ මහා මූසළ හැඟීමක්…”

මෙරිටා අංජලී අසලින් හිඳ ගත්තේ වඩාත් උනන්දුවකින් ඈ දෙස බලානය.

“ඇයි ළමයෝ…මොකෝ මේ හිටපු ගමන්…ඔයා මේ ටිකේ මහන්සි වුණානේ…ඒ නිසා වෙන්නැති…වැඩිය හිතන්න එපා…හෙට අනිද්දා අලුත් තැනකට යන්න ඉන්න නිසා වෙන්නැති…ඕක හරි යයි…”

අංජලීව අස්වසන හඬින් මෙරිටා කීවාය.

“අනේ මන්දා…”

සුසුමක් හෙළමින් අංජලී කීවාය.

“දැන් විකීත් එන වෙලාව…ඇයි දන්නැහැ පරක්කු…අපි තේ ටිකක් බොමු…එන්නකෝ යමු ඇතුළට…”

ඈ අංජලී කැඳවාගෙන ගෙතුළට පැමිණියාය. සේවිකාව තේ සූදානම් කරන අතරේ මෙරිටා අංජලී සමඟ කතා බහට වැටුණාය.

“ඔයා ගියාම මටත් පාළුවක් දැනෙයි ළමයෝ…”

ඈ කීවේ සැබෑ ශෝකයකිනි.

“මටත් ආන්ටි…නොයා ඉන්න තිබුණ නම් කියලා මට හිතෙනවා…”

අංජලීද ශෝකය මුසුව මෙන් කීවේ මේ තනතුර භාර නොගෙන සිටියා නම් කියා සිතමිනි.

“පිස්සු…ඔයා යන්නම ඕන…මේක ඔයාට ලැබුණු ලොකු චාන්ස් එකක්…ඒක අතාරින්න හොඳ නැහැ…”

නමුත් ඇගේ සිත මේ වන විට මඩේ සිට වූ ඉන්නක් මෙන් වැනි වැනී තිබිණි. පෙර මෙවන් හැඟීමක් සිතේ නොවීය. දැන් මේ සිදුව ඇත්තේ කුමක්ද කියා ඇයටම සිතා ගන්නට නොහැකිය.

“වැඩිය හිතන්න එපා…හැමදේම හරි යයි…ඔයා කවද්ද දැන් මාමලා ගෙදර යන්නේ…?”

අංජලී ඒ පිළිබඳව කිසිත් සිතා නොතිබුණාය.

“හිමීට යනවා…මං හිතුවේ කුරුණෑගල ගියාට පස්සෙම ගියා නම් හොඳයි කියලා…”

“හ්ම්ම්…එහෙමවත් කරන්න…දැන් යන්න කාලෙකුත් නැහැ තමා…”

වික්‍රම පැමිණියේ ඒ මොහොතේම වාගේය.

“ඔයා අද පරක්කුයි…”

මෙරිටා කීවේ බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙස බලමිනි.

“ඔව්…ටිකක් පරක්කුයි තමා…අදත් ඇක්සිඩන්ට් වෝර්ඩ් එකේ…මං එන්නම් වොෂ් එකක් දාගෙනම…”

විඩාපත්ව සිටි ඔහු මුලින්ම ගියේ ඇඟ පත සෝදා ගැනීමට වුවමනා බව කියමිනි. ඊටත් සුළු මොහොතකට පමණ පසුව ඔහු පැමිණියේ මෙරිටා ඔහුට තේ කෝප්පයක් සූදානම් කරමින් සිටින විටය.

“අද ඇක්සිඩන්ට් දෙකක්…එකක් ඉවර වෙනකොට තව එකක්…උදේ ගෙනාවේ තරුණ කොල්ලෙක් මෙරිටා…මට පුතා මතක් වුණා…”

මෙරිටා වුවමනාවෙන් සවන් දුන්නේ සිය පුතු අලුතින් සිහි වූ බැවිනි.

“අනේ…අමාරුද…?”

“ටිකක් සීරියස්…තාම අයි සී යූ…කොල්ලා රට ඉඳන් ඇවිත් තියෙන්නේ යාළු වුණ ගෑණු ළමයා දැන් අවුරුද්දක විතර ඉඳන් ආගිය අතක් නැතිලු…ඒ ළමයා හොයන්න…අනේ මන්දා ජීවිත ගැන නම් කතා කරලා වැඩක් නැහැ…”

අංජලී දෑස් විසල් කරගෙන අසා සිටියාය. ඇගේ හිස කැරකෙන්නාක් මෙනි. බියට පත් ඈ මුවින් කෙඳිරිල්ලක් පිට වන විට මෙරිටාත් වික්‍රමත් වහා ඈ දෙස බැලූහ. සිහිසුන්ව ඇද වැටෙන්නට යන විට ඇයව වත්තන් කරගත්තේ වික්‍රමය.

“ශා…”

ඈ මුවින් පිට විය.
——————————————————————————————————
තිසංගගේ ජංගම දුරකථනයට ශාමින්දගෙන් ඇමතුමක් ලැබුණේ ඔහු බසයෙන් බසින විටම වාගේය.

“මචං මං ආවා…දැන් බස් එකෙන් බැස්සේ…”

තමා අමතන්නේ මිතුරා යැයි සිතාගෙන ඔහු එයට පිළිතුරු දුන්නද එයට ඇමතුවේ වෙනත් අයෙකුය. ඇසූ දෙයින් ඔහු කම්පනයට පත් විය. ශාමින්ද අනතුරකට පත්ව ඇත. ඔහුගේ ජංගම දුරකථනයෙන් ඇමතුම ගෙන තිබුණේ පොලිස් නිලධාරියෙක් බව ඔහු හා පැවසුවෙන් තිසංග වහා රෝහලට පැමිණියේය. ඒ වන විටත් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරවා තිබිණි. තිසංග ගයානිට අනතුර ගැන දැන්වුවද ඔහු දැඩි සත්කාර ඒකකයේ බව පමණක් නොකීවේය.

“අනේ…අයියාට අමාරුද…?”

ගයානිට කෑ ගැසිණි.

“ම්ම්ම්….නැ…හැ…ඒ තරම් නැහැ…”

තිසංගට එකවරම කිසිත් කියා ගන්නට පවා නොහැකි වූ අතර ඔහු අපහසුවෙන් වචන ගළපා ගත්තේය. ගයානි කීවේ ඔවුන් වහා පැමිණෙන බවය. අප්පච්චීටත් අම්මාටත් මේ ගැන කෙසේ කියම්දෝයි කියා ගයානි සිතින් ළතැවෙමින් සිටියාය. බියමුසු හැඟීමක් ඈ සිතේ ඇති විය. ඇයට එක්වරම සිහි වූයේ මියුරවය. ඈ ඔහුගේ අංකය සෙවූයේ ගැහෙන ඇඟිලි තුඩු වලිනි. ඔහුගේ අවවාදය වූයේ පළමුව ඔවුන් රෝහලට යා යුතු බවත් ඉන්පසුව නිවැසියන්ට දැන්විය යුතු බවත් නිසා දැන්ම ඔවුන් කළබල නොකරන ලෙසය. ගයානි එම අවවාදය එසේ පිළිගෙන වහා වහා සූදානම් වූවාය. පසුව මියුර දන්වා සිටියේ තුෂරද රෝහලට යෑමට පැමිණෙන බවත් ඔවුන් තුෂරගේ රථයේ පැමිණෙන බවත්ය. ඉන් ඇගේ සිතට තවත් අමතර සහනයක් දැනුණද ඈ සිටියේ බියට පත්වය. සොහොයුරාගේ ජීවිතයට අනතුරක් නොවේවා කියා ඈ සියදහස් වාරයක් දෙවියන් යැද්දාය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you