Sydney Towle නම් අමෙරිකානු Tik Tok තරුවක් තම පිළිකා තත්වය ගැන නවතම තොරතුරු පවසා තිබෙනවා. 25 හැවිරිදි Tik Tok තරුවට පිත්තාශයේ පිළිකාවක් වැළඳී ඇති බව මෑතකදී සොයාගත් අතර වෛද්‍යවරු පවසන්නේ මේ පිළිකා තත්වය දුර්ලභ එකක් බවත් වැඩිපුරම එයට ගොදුරුවන්නේ වයස 50 ඉක්මවූ පුද්ගලයන් බවත් ය. එය ඉක්මනින් සිරුර ආක්‍රමණය කරන බවත් ඔවුන් පවසනවා. Sydney Towle පසුගිය ජුනි 17 වැනිදා Tik Tok ඔස්සේ සිය තත්වය රසිකයින්ට හෙලි කලේ හඬා වැටෙමින්.

මේ මස අගදී තමාට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත්, නිවාඩුවක් ගත කිරීම වෙනුවෙන් තමා යොදාගත් ගමනක් ඒ හේතුවෙන් අවලංගු කිරීමට සිදු වූ බවත් ඈ පවසා සිටියා. තත්වය එතරම් හොඳ නැති බව වෛද්‍යවරු පවසන බව ඈ සඳහන් කළා. සැත්කම වෙනුවෙන් දින හතරක් පහක් රෝහල් ගතව සිටින්නට නියමිත බවත්, මේ වන විට තමාට රසායනික ප්‍රතිකාර ලබා දෙන බවත් ඇය සඳහන් කළා. තමා තවමත් බලාපොරොත්තු තියාගෙන සිටිනා බවත්, තම ජීවිතය මෙවැනි අන්දමක් ගනීවි යැයි තමා කිසිදා නොසිතූ බවත් ඇය පැවසුවේ කඳුළු අතරින්. Sydney Towle හට Tik Tok රසිකයන් 812000 ක් සහ Instagram රසිකයින් 63000 කට අධික පිරිසක් සිටිනවා. ඔවුන් තමාට ශක්තියක් බැව් ඇය පැවසුවා.
– People ඇසුරිනි –



