More
    InterviewsSunny Leone Sex සහ කොන්ඩම් කියන්නෙ ළඟම යාළුවො දෙන්නෙක්

    Sunny Leone Sex සහ කොන්ඩම් කියන්නෙ ළඟම යාළුවො දෙන්නෙක්

    -

    spot_img
    Sunny Leone කියන්නෙ කිසිවෙකුට අමුතුවෙන් හදුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. ඇය රූමත්, සරාගී, නිර්භීත ගැහැණියක් ලෙස හඳුන්වා දීම වඩා නිවැරදියි. එහෙත් ඔබ දන්නා පරිදි ඇයව හඳුන්වා දුන්නොත් pornographic actress කෙනෙක් විදිහටයි ලෝකය ඇයව දන්නෙ. බොහෝ අය ඇයට ආදරය කරනවා. ඇතැම් අයගේ දැඩි දෝෂ දර්ශනයටත් ඇය ලක්වෙනවා. ඒ කෙසේ වෙතත්, සනී ලියොන් දක්ෂ රංගන ශිල්පිණියක්, බිරිඳක් සහ තිදරු මවක්. මේ ඇය ඇගේ රංගන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව MW සමඟ සිදුකළ කතාබහක්.
    • Anamika චරිතයට ඔබ කැමති වුණේ ඇයි?

    මට රහස් නියෝජිතවරියක් විදිහට රඟපාන්න ලැබුණා. අභිරහස්,ක්‍රියාදාම කතාවලට මම කැමතියි.

    • චරිතයට පුහුණු වුණේ කොහොමද ?

    මං වෙඩි තියන්න පුරුදු වුණා. Anamika කතාවෙ රඟපාන්න ලැබීම හරිම විනෝදජනක දෙයක්. ඒක මට වෙනසක් වුණා. මිනිස්සු සමහර වෙලාවට අපි කරන දේවල්වලට කැමතියි. සමහර වෙලාවට අකමැතියි. මං හිතන්නෙ අපි ඒ ගැන නොහිතා වැඩ කරන්න ඕන.

    Sunny Leon

    • ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය මොකක්ද?

    ෂාරුක් ඛාන් සමගින් මියුසික් වීඩියෝ එකක් කිරීම. (Laila main Laila) එය පුදුමාකාර දෙයක්. මම හොඳ, නරක දෙකම සමගින් වැඩ කලා. මේ තැනට මං ආවේ එහෙම.

    • මේ දක්වා ඔබ පැමිණි ගමන ගැන කියන්න.

    එය විස්මිතයි. බාධා, අවහිර, විවේචන මැදින් ආ ගමනක් ඒක. සමහරු මාව අගය කරනවා. මං සෘණාත්මකව හිතන්න කැමති නෑ. අපේ අත්දැකීම්, වැරදි සහ අපිට සිද්ධ වෙන හොඳ දේවල් කියන මේ හැමදේම අපිව පරිණත කරනවා.

    Sunny Leon

    • ඔබ රඟපාන්න කැමති මොන වගේ චිත්‍රපටවලද?

    ක්‍රියාදාම චිත්‍රපටවල

    • අනාගතයේ දී කරන්න කැමති චරිතයක්?

    සුපිරි වීරවරියකගේ චරිතයක් කරන්න කැමතියි.

    • ඔබගෙන් උපදෙසක් අවශ්‍යයි.

    ඔබට කරන්න අවශ්‍ය දේ කරන්න.

    Sunny Leon

    • ඔබේ සැමියාව ඔබට මුණගැහුණේ කොහොමද ?

    ලාස් වේගාස්වල club එකකදියි මට ඔහුව මුණගැහුණෙ. මම මගේ මිතුරිය සමගයි සිටියෙ. ඇය lesbian කෙනක්. ඉතින් ඔහු මාව වැරදියට තේරුම් ගෙන තිබුණා මාත් lesbian කියලා. අපි දුරකථන අංක හුවමාරු කරගත්තා, ඊට පස්සෙයි කතාව පටන් ගත්තෙ.

    Sunny Leon

    • මේවාට තනි වචනයෙන් උත්තර දෙන්න.

    ආදරය – Daniel

    ළමයි – Noah, Asher, Nisha

    බොලිවුඩ් – හීනයක්

    • sex සහ කොන්ඩම් අතර තියෙන්නෙ මොන වගේ බැඳීමක්ද?

    ඒ දෙන්න ළඟම දෙන්නෙක්. sex වලදී අපි පරිස්සම් වෙන්න ඕන. කොන්ඩම් නිසා අපි රෝගවලින් බේරෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකිනවා. මම පුංචි කාලෙදිම sex ගැන දැනගත්තා. ආරක්ෂාකාරීව sex කරන විදිහ ඉගෙනගත්තා.

    Sunny Leon

    • ඔබ වියදම් කරන්නෙ මොනවටද?

    දියමන්ති සඳහා. මම දියමන්තිවලට කැමතියි.

    • ඉදිරියේ දි කරන්න හිතාගෙන ඉන්න දේවල්?

    මගේම රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමයක් පටන් ගන්න කැමතියි. චිත්‍රපටවල රඟපාන්න සහ තව ගොඩාක් දේවල් තියෙනවා.

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page