More
    ArtSongs of Paradise හීන විශ්වාස කරන අයට ලෝකය වෙනස්...

    Songs of Paradise හීන විශ්වාස කරන අයට ලෝකය වෙනස් කරන්න පුළුවන්

    -

    spot_img

    Songs of Paradise – අපි කාටත් අපේම හීන තිබෙනව. මේ හීන කරා යන මාවතේ දි අනිවාර්යයෙන්ම මුණගැහෙන දෙයක් තමයි බාධක. අභියෝග, බාධක ආවම ගොඩක් දෙනා අධෛර්යමත් වෙනව. තමන්ගෙ හීන සැබෑ කරගැනීම අතරමග නතර කරලා දානව. මේ කතාව සමාජ සම්මතයන්, නීති, රීති කිසිවක් නොසළකා තමන්ගෙ හීන සැබෑ කරගත් ගැහැණියක් ගැන. ඇය කාශ්මීරයේ පළමු ගායිකාව රාජ් බෙගම්. ඇයව හඳුන්වන්නේ Nightingale of Kashmir යන නමින්. Songs Of Paradise ඇගේ ජීවිත කතාව ඇසුරෙන් නිමවුණ චිත්‍රපටයක්. 

    Songs of Paradise

    එවකට (1950) සේබා තරුණ ගැහැණු ළමයෙක්. කාශ්මීරයේ අතිශය සම්ප්‍රදායික ගම්මානයක උපත ලැබූ ඇය මවත් පියාත් සමග ජීවත්වුණා. ඇගේ පියා ඇඳුම් මසන්නෙක්. මවට අවශ්‍ය වුණේ දුවට ඉක්මනින්ම විවාහයක් කර දෙන්න. ඒත් සේබට ඕනෙ වුණේ සිංදු කියන්න. නයිටිංගේල් කුරුල්ලෙක් තරම් ලස්සන හඬක් ඇය සතුවුණා. ඒක පුරුෂ ආධිපත්‍යය දැරූ සමාජයක්. ඇත්තටම ඒ ප්‍රදේශයේ උරුමක්කාරයන් පිරිමින්. ගැහැණු හිටියෙ ගෙවල් ඇතුළෙ සැඟවිලා. එහෙම තැනක ඉඳගෙන සේබා සංගීතය ඉගෙන ගත්තා. පන්ති කාමරයෙ ගැහැණු ළමයෙක්ට හිටියෙ ඇය විතරයි. තරඟයකින් ජයග්‍රහණය කරලා ගුවන් විදුලියේ ගායනා කරන්න ගියාම එතැන හිටියෙත් පිරිමි විතරයි. ඔවුන් ඈ දිහා බැලුවෙ අප්‍රසාදයකින්. ඒත් සේබා බොහොම දක්ෂ කෙනෙක් බව ඒ හැමෝම ඉක්මනින්ම වටහා ගත්තා.

    Songs of Paradise

    ගුවන් විදුලියේ ඇගේ ගීත රට පුරා ඇහුනත්, ඇගේ ප්‍රදේශයේ අය ඈ දිහා බැලුවෙ හොඳ විදිහකට නෙමේ. ඔවුන්ට නින්දා කළ එකියක් දිහා බලන අයුරිනුයි ඔවුන් ඈ දිහා බැලුවෙ. ඒ විතරක් නෙමේ සිද්ධකළ “අවමානයට” සේබ ගෙ දෙමව්පියන්ටත් හිරිහැර විඳින්න සිද්ධ වුණා. ඒත් ඇය ඇගේ හීනවලට මියැදෙන්න ඉඩක් දුන්නෙ නැහැ.

    Songs of Paradise

    සමාජය වෙනස්වීම්වලට හරි බයයි. ඒ ඇතුළෙ ඉඳගෙන වෙනස් වෙන්න, හීනවලට යන්න උත්සාහ කරන අයටත් ඔවුන් බයයි. ඒ නිසාම ඔවුන් එවැනි අයෙක් දුටු වහාම කෙනෙහිලිකම්, නින්දා, අපහාස කිරීම අරඹනවා. නමුත් ඒ කිසිවක් මායිම් නොකර හීන කරා යන උදවිය කවදා හෝ තමන්ගෙ හීනයට යනවා. එදාට ඔවුන්ට ලෝකයේම ආදරය ලැබෙනවා. සිදුකළ වෙනස ආදරයෙන් වැළඳගන්න කැමති දහසක් දෙනා ඔවුන් හා එක් වෙනවා. ලෝකය වෙනස් කරන්නෙ තමන්ගෙ හීන විශ්වාස කෙරුව මිනිස්සු !

    Songs of Paradise

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page