More
    InterviewsSnatah Jayasuriya: 96 ටීම්  එකෙන් තව පහක් මේ ටීම්...

    Snatah Jayasuriya: 96 ටීම්  එකෙන් තව පහක් මේ ටීම් එකට දැම්මත් මේ ගේම ගහන්න බෑ.

    -

    spot_img
    Snatah Jayasuriya යන නම ලෝකයේ කිසිඳු ක්‍රිකට් ලෝලියෙකුට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවෙයි. එතරම් ඔහුගේ නම ක්‍රිකට් ක්‍රීඩාව තුළ සන්නාමයක්. “සනා” යන ආදරණිය ඇමතුමෙන් ලොව සුවහසක් ක්‍රීඩා ලෝලීන් හඳුනන සනත් ජයසුරිය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත සංචාරය සහ ඔහුගේ නවසීලන්තය සමඟ බැඳුණු ක්‍රිකට් මතක ගැන කළ කතාබහකි මේ.
    • මුලින්ම අපි,ඔබේ නායකත්වයෙන් 2000-2001 වසරවල නවසීලන්තයේ පැවති තරඟාවලිය සහ එහිදී ලැබූ ජයග්‍රහණය පිළිබඳව පොඩ්ඩක් කතාකරමුද? 
    මට මේ තරඟාවලිය ගැන විශේෂ මතකයක් විදිහට කියන්න තියෙන්නේ, අපි නවසීලන්තයට  එන්නේ දකුණු අප්‍රිකාවේ ඉඳලා. 3-1 විදිහට  ඒ තරඟාවලිය පරාද වෙලා. අපිට දිනන්න පුළුවන් වුණේ අවසාන තරඟය විතරයි. ඒ තරඟ පරාජයත් එක්ක අපිට ඕන වුණා නවසීලන්ත තරඟාවලිය දිනන්න. අපිට එක්දින තරඟ 5ක් තිබුණා. නවසීලන්තය සමඟ තරගයක් ඒ තරම් ලේසි නෑ. ඒත් අපි ඒ තරඟාවලිය 4-1 විදිහට දිනුවා.
    • මෙවර නවසිලන්ත තරඟාවලියට ඇන්ජලෝ මැතිව්ස් ගෙනාව වගේ එදා ඒ තරඟාවලියට කාලයක් කණ්ඩායමේ හිටියේ නැති අරවින්ද ද සිල්වා ගෙන්වලා තිබුණා. ඒක ජයග්‍රහණය සඳහා බලපෑමක් වුණාද?
    අපිට ඔය වගේ තරඟාවලියක් ජයග්‍රහණය කරන්න අත්දැකීම් තියන පළපුරුදු ක්‍රීඩකයෙකුගේ සහය ඕන වෙනවා. ඒකයි අපි ඒ වෙලාවේ අරවින්ද අයියත් එක්ක කතාකරලා,එයාගේ ෆිට්නස් බලලා ඒ තරගයට ගෙන්නුවේ. අද වුණත් එහෙමයි. හොඳ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරනකොට ඇදගෙන යන්න මැදට පළපුරුදු ක්‍රීඩකයෙක් දාන්න ඕන. මං හිතන්නේ අද වෙනකොට ඇන්ජලෝ මැතිව්ස් ආපු එකත් හොඳ තත්වයක් කියලා අපිට පේන්න තියනවා. ක්‍රිකට් විචාරකයන් පවා ඒ ගැන කතා කරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒ වගේම අලුත් ක්‍රීඩකයන්ටත් පළපුරුදු ක්‍රීඩකයෙක් ඉන්න එක්ක හයියක්. අපි ඒ වෙලාවේ අරවින්ද අයිය ගන්න තීරණය කරපු එක වැඩ කරා. බෝලින්,බැටින්,ෆීල්ඩින් හොඳ තත්වයකට ඇවිත්, මාත් ලකුණු අතරට ඇවිත් ඒ තරඟය අපි දිනුවා. මට මතක හැටියට ඩැනියල් විටෝරි කැප්ටන් හිටියේ. හතරවෙනි මැච් එක විතරයි අපි ලකුණු 13කින් පරාද වුණේ. නවසීලන්තය එක්ක තරඟයක් දිනන්න අපිට ලේසි නෑ. ඒ රටේ දේශගුණය,පිටියේ තණකොළ පවා අපිට බලපෑම් කරනවා. අපේ කණ්ඩායම පහුගිය දවස්වල වෙලින්ටන් වල සෙල්ලම් කරපු ටෙස්ට් මැච් එක වුනත් බලන්නකෝ. හුළඟ තදටම තිබුණා. ඒත් නවසීලන්තය ලකුණු හාරසිය ගානක් ගැහුවා. අපිට ගහන්න පුළුවන් වුණේ එකසිය ගානයි.
    • මෙවර නවසීලන්ත කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයින් වෙනුවට ඉන්නේ අලුත් මුහුණු. මේ තත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් වෙයිද?
    ඔව්, මේ වගේ අවස්ථාවක් එන්නේ බොහොම කලාතුරකින්. නවසීලන්තයේ සීනියර් ප්ලේයර්ස්ලා හුඟක් ඉන්නේ ඉන්නේ IPL වල. ඊළඟ වර්ල්ඩ් කප්  එක තියෙන්නේ ඉන්දියාවේ නිසා ඒ ගොල්ලන්ට ප්ලෑන් එකක් ඇති. අපිට දැන් තියෙන්නේ ගහන්නත් ඕනේ. ප්‍රෙෂර් එකත් වැඩි. මං කියන්නේ ඔය ප්‍රෙෂර් එක ඔලුවට ගන්නැතුව කැප්ටන් සීනියර් ප්ලේයර්ස්ල එක්ක එකතුවෙලා මොරාල් එකේ ගැහුවොත් ඉතුරු මැච් ටික ගොඩදාගන්න පුළුවන්. මේ යන විදිහට ඒක අමාරුත් නෑ.
    Sanath Jayasuriya
    • සනත් ජයසුරිය නවසීලන්තයේදී හයේ පාරවල් වැඩියෙන් ගහන එකේ රහස මොකක්ද?
    හයේ පාරවල් ගහනෙක ඇත්තටම හිතලා කරන දෙයක් නෙමෙයි. හැබැයි සමහර ග්‍රවුන්ඩ් වල දුර අඩුයි. ඕක්ලන්ඩ් වල ග්‍රවුන්ඩ් එකේ එක පැත්තක් දුර අඩුයි, ඉතිං ඒ වගේ වෙලාවට ඒ පැත්ත බලලා ගහනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල ග්‍රවුන්ඩ් එකෙත් එක පැත්තක් දුර අඩුයි. එහෙම නැතුව හයේ පහරවල් වදින්න රට අදාළ නෑ. ඒක බැට්ස්මන්ගේ දක්ෂකම. අනිත් එක පිටිය හුරු වුණාම කන්ෆිඩන්ස් වැඩි. ඒ වෙලාවට බෝලේ ලයින් එක පහු කරනවමයි. අපේ ඉන්නවා එහෙම ගහන්න පුළුවන් ය. දසුන්,කුසල් වගේ යට පුළුවන් ඒක කරන්න. හැබැයි හරි බෝලේ පික් කරගන්න ඕනෑ.ගිය පාර  ඔස්ට්‍රේලියාවේදී අපේ අය  හුඟක් අවුට් වුණේ වැරදි බෝල පික් කරගන්න ගිහින්. මගේ පැත්තෙන් අරගෙන බැලුවොත් මට නවසීලන්තයේදී ටිකක් වැඩියෙන් හයේ පාරවල් වැදිලා තියනවා ඒක ඇත්ත.

     

    • 2006 දී නවසීලන්තයේ මැච් එකකදී මහේල ජයවර්ධන ඔබට අවසාන ඕවරය දාන්න දෙනවා. මතකද ඒ සිද්ධිය?
    ඔව්, මතකයි. ඒ ඕවරයෙන් බෝල පහක්ම මං යෝක් කරා. ඒක හරි අමාරුයි. සැහෙන්න හිතන්න ඕනේ. ඒත් මහේල කිව්වා “සනත් අයියේ වැඩිය හිතන්නෙපා ඔයා දාන්න” කියලා. මටත් හිතාගන්න බෑ. දාපු බෝල පහම හරියට “ඔන්  ද සපෝට්” යෝකර් ලෙන්ත් එකට වැටුණා. මං ට්‍රයි කරා අවසාන එකත් යූක් කරන්න. එත් ෆුල් එකක් වැටුණේ. බැට්ස්මන් හතරේ පාරක් ගැහුවා. සාමාන්‍යයෙන් අවසාන ඕවරේ “ස්පිනර්ස්” ලට  දෙන්නෑ. හොඳ විශ්වාසයක් තියන කැප්ටන් කෙනෙක් තමා ඒ වගේ තීරණයක් ගන්නේ. අපේ හිටියා එහෙම ස්පිනර්සලා. අරවින්ද අයියා,කුමාර් ධර්මසේන වගේ අයට දාන්න පුළුවන්. ඒ වගේම අපේ ධනංජය ද සිල්වාටත් ඒ ටැලන්ට් එක තියනවා. අනික ධනංජය “ඕල්රවුන්ඩර්” කෙනෙක්. එයා අපේ ටීම් එකට ප්‍රයෝජනවත් ක්‍රීඩකයෙක් වෙයි ඉස්සරහට.
    • එක්දින තරඟ වගේම විස්සයි විස්ස තරඟ වලදීත් අපිට නවසීලන්තය අමතක කරන්න බෑ.  මතකද පන්දු විසි ගානකට වේගවත් ලකුණු පනහක් ගහපු නවසීලන්තයේ ඒ තරඟය?
    මං හිතන්නේ ඔය කියන්නේ වෙලින්ටන් වල අලුත් ග්‍රවුන්ඩ් එකේ තිබ්බ තරඟය ගැන. එතකොට විස්සයි,විස්ස තරඟ ටිකක් අලුත්. ෂේන් වෝන් වගේ අය සෙල්ලම් කරපු කාලේ. මගේ මතකයේ හැටියට මං එක ඕවරකට ලකුණු 25ක් වගේ ගහනවා ඇඩම්ස් ට. තරඟාවලිය 1-1 විදිහට සමවෙනවා. ඒක  ඇත්තටම එක බෝලර් කෙනෙක් ටාගට් කරලා ගහපු ගේමක්. අපි නවසීලන්තය එක්ක ගොඩක් සෙල්ලම් කරලා තියනවා.
    • අවසාන වශයෙන්, මේ නවසිලන්ත සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට කොහොම වෙයිද?
    අපේ ටීම් එකේ  කාලයක් එකට හිටපු ප්ලේයර්ස්ලා ඉන්නේ. අවබෝධයක් තියනව. පළපුරුදු ක්‍රීඩකයෙක් විදිහට මැතිව්ස් ඇවිත් ඉන්නවා. සමර් එක නිසා සෙල්ලම් කරන්න අපහසු නෑ. අපි නවසීලන්තය එක්ක ගොඩක් සෙල්ලම් කරලා තියනවා. ප්ලේයර්ස්ලා හොඳට අඳුරනවා. අපිට මේකෙදි ෆිෆ්ටි ඕවර් තරඟ ටික හරියට වටිනවා.අපි ට්‍රයි කරන්න ඕනේ, කොලිෆයිඩ් තරඟ වලට යන්නැතුව වර්ල්ඩ් කප් එකට කොලිෆයිඩ් වෙන්න. සමහරවිට අපේ ටීම් එකට වර්ල්ඩ් කප්  එකට කලින් සෙල්ලම් කරන්න චාන්ස් එක ලැබෙන අවසාන එක්දින තරංග ටික මේ සංචාරේ ටික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුල් පෙළ පිතිකරුවෝ පස් දෙනාගෙන්  එක්කෙනෙක් සීයක් ගහලා අනිත් කෙනා හැටක්,හැත්තෑවක් ගහන්න ඕනේ. එහෙම නැතුව 96 ටීම්  එකෙන් තව පහක් ගෙනල්ලා අපේ ටීම් එකට දැම්මත් මේ ගේම ගහන්න බෑ.
    {අසාම් අමීන් The Sanath Show වැඩසටහන වෙනුවෙන් කළ සංවාදයක් ඇසුරින් සකසන ලදී.}

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page