Interviewsමට, මම මීට කලින් ආදරය කළ අය ගැන අයිතියක්...

මට, මම මීට කලින් ආදරය කළ අය ගැන අයිතියක් සහ ඉරිසියාවක් දැනෙනවා – Shah Rukh Khan

-

spot_img

ඔහුගේ සිනමා ගමන ඉතිහාසගත වන එකක්.වෙහෙස නොබලා සාර්ථකත්වය කරා පියනැගූ ඔහු නිහතමානී තරුවක් ලෙස ප්‍රකටයි. මේ King Khan නොහොත් Shah Rukh Khan සමගින් ෆිල්ම් ෆෙයාර් සිදුකළ කතාබහක්.

• ඔබ ගැන ඔබ සිතන්නෙ කොහොමද ?

මම කරන්න ඕන දේවල් කරමින් සිටින, සැලසුම්සහගත කෙනෙක්.දිගු නිවාඩුවකට පස්සෙ මං ආයෙමත් වැඩ කරන්න පටන් ගන්නවා. මට මානසික නිදහස ඕනේ . ඕනවට වඩා අනිත් අය එක්ක ගැවසෙන්න මං අකමැතියි.මං දන්නෙ නෑ ඒ ඇයි කියලා.සමහරවිට ඒ දැන් මම ටිකක් වයසින් වැඩි නිසා වෙන්න පුළුවන්.

• ඉස්කෝලෙදී යාළුවො ඔබට කතාකලේ කොහොමද ?

“Mail Gadda”.මොකද මම ඉස්සර සීඝ්‍රගාමී දුම්රියක් වගේ දුවනවා.ඒ වගේම මට ලස්සන කොණ්ඩයකුත් තිබුණා.

• පාසල් කාලෙ දී අමතක නොවෙන සිදුවීම් මොනවද ?

එහෙම සිද්ධි ගොඩක් තියෙනවා.මම නිතරම පන්තියෙ දි බොරුවට කලන්ත වුණා.ඒ වගේම වැඩිපුර ලකුණු ඉල්ලලා ගුරුවරුන් ට කරදරයක් වුනා.

• ඔබ ගැන ප්‍රසිද්ධ කරුණු දෙකක් ?

මම පෙප්සි බොන්න කැමතියි. සෙරෙප්පු දාන්න මං කැමති නෑ.

• ඔබට කිසිවෙකුගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ කාගෙන්ද සමාව අයදින්නෙ ?

මගේ රසිකයන්ගෙන්.මට නිතර ඔවුන් එක්ක ගතකරන්න නොහැකිවීම ගැන.මගේ දරුවන් එක්කත් මට ඉන්න ලැබෙන කාලය අඩුයි.නමුත් මං හිතනව ඒ ගැන මං එයාලගෙන් සමාව ගන්න ඕන නැහැ කියලා.

• ආදරයේ දී අවශ්‍යම දේවල් මොනවද ?

විශ්වාසය. එකට ගත කරන හැම මොහොතක්ම ආදරයෙන් සහ සිනහවෙන් ගත කිරීම.තවමත් මට මම මීට කලින් ආදරය කළ අය ගැන අයිතියක් සහ ඉරිසියාවක් දැනෙනවා.ඒ නිසා අයිතිවාසිකම සහ ඉරිසියාවත් ප්‍රේමයේම කොටසක් කියලා මං හිතනවා.

• මිනිස් සිරුරේ ඔබ කැමතිම කොටස මොකක් ද?

Collar Bone Area එක.

shah rukh khan

• ඔබට කටේ දාගන්න ලැබුන අමුතුම දේ මොනවද ?

Shaving Cream (රූගත කිරීමක් අතරතුරදී )

• ඔබේ බිරිඳ ගෞරි ගැන එතරම් ප්‍රසිද්ධ නැති කරුණු දෙකක් ?

ඇය නර්තනයට දක්ෂයි. ගෞරි සාමාන්‍ය, මධ්‍යම ප්‍රාන්තික පන්ජාබ් යුවතියක්.

• ඔබේ ජීවිතයේ අමතක නොවෙන දුරකථන ඇමතුම මොකක්ද ?

මගේ තාත්තගෙ මරණය ගැන කියලා රෝහලෙන් ලැබුන ඇමතුම. එතකොට පාන්දර 2.30 වගේ ඇති. අපි 4 ට විතර රෝහලට ගියා. අම්මා මට තාත්තා මැරුණා කිව්වෙ නැහැ…ඈ කිව්වා, “එන්න,තාත්තට ඔයාව මුණගැහෙන්න ඕන” කියලා.

• අන්තිම වතාවට ඔබට කේන්ති ගියේ කවදද ?

මාස කිහිපයකට කලින්.ඒ වෙලාවට මම නිහඬව ඉන්න උත්සාහ කරනවා.

• ඔබට හිමිවුනා නම් කියලා හිතෙන දෙයක් කියන්න.

තරුවක් වුනාට පස්සෙ මිනිස්සු කියනවා මම ලස්සනයි කියලා. නමුත් මට හිතෙන්නෙ මට මගේ තාත්තගෙ පෙනුම තිබුනනං කියලා. ඔහු අඩි හයක් උසයි. කඩවසම්. මගේ අම්මත් ගොඩක් ලස්සනයි.

• ඉංග්‍රීසි භාෂාවේ සරාගීම වචනය මොකක්ද ?

Sweetheart . ඒක හරි සරාගී වචනයක්. මට හිතෙනවා මං ඒක ලස්සනට කියනවා කියලා.

• ඔබ මිළට ගන්න කැමතිම දේවල් මොනවද ?

සෙල්ලම් බඩු, පොත්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ.

• සමුගැනීමට හොඳම විදිහ මොකක්ද ?

ආදරයෙන් වැළඳ ගැනීමක් .

• ඔබ හිතෙන්නෙ පරිපූර්ණ දවසක් කියන්නෙ මොන වගේ දවසක්ද?

ඒක හවස 2 ට පටන් අරගෙන පාන්දර 5 ට ඉවර කරන දවසක්.වැස්ස,බලන්න ෆිල්ම් එකක් සහ පෙප්සිත් අවශ්‍යයි.

• ඔයාගෙ පෙනුමෙ ලස්සන ම දේ මොකක්ද ?

සමහරු මගේ ඇස් හැඟීම්බරයි කියලා කියනවා. මගේ ඩිම්පල්ස්.. ඇත්තටම මම ඒ ගැන කියන්න දන්නෙ නැහැ…

• ඔබ අභියෝග බාරගන්නේ ඇයි?

එය ගැටලුව නිවැරදි කිරීමට තවත් එක් උත්සාහයක්.මම දිගටම උත්සාහ කරනවා.

• ඔබ විහිළු නොකරන්නේ මොනව සම්බන්ධව ද?

කායික සහ මානසික දුබලතා පිළිබඳව.

• දෙවියන් ව විශ්වාස කරනවද?

සහතිකවම.

• ඔබේ පෞරුෂය ඉස්මතු කරවන ඇඳුම් මොනව ද?

කමීස.

• ඔබේ කැමතිම පොත්?

Adrian Mole සහ Woody Allen ගේ පොත්. Bill Cosby ගේ Fatherhood and Parenthood කෘතිය.

• ජීවිතයේ වැඩිපුරම පසුතැවෙන්නේ කුමක් ගැන ද?

කේන්තිය පාලනය කරගන්න පුලුවන් නම් මම කැමතියි.සමහරවිට ඕනවට වඩා ඉවසීම ගැනත් මට දැනෙන්නෙ පසුතැවීමක්.

• සුපිරි තරුවක් වීමෙන් ලැබෙන හොඳම දේ මොකක්ද ?

රසිකයන්ගේ ආදරය.මාව දකින විට එයාලගෙ මුහුණුවල ඇතිවෙන සිනහව.එයාලා කලබල වෙනවා.ප්‍රීතියට පත් වෙනවා.ඒ ගැන මට ආඩම්බරයකුත් දැනෙනවා.

• දේවදූතයන් සිටිනවා ද?

අප සෑම කෙනෙක් තුළම දේවදූතයන් සිටිනවා.අපට ඉහළින්.මා තුළත් සිටිනවා.ඒ වගේම මට විශ්වාසයි මාත් කාගේ හරි දේවදූතයෙක් බවට.

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

කටට සැරට චිලි පේස්ට්

කටට සැරට චිලි පේස්ට් - Chilli Paste කටට සැරට කන්න කැමති අය ආසම දෙයක් තමයි චිලි පේස්ට්. රයිස්, නූඩ්ලස්, කොත්තු...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you