More
    NewsSak Surin පන්සලක දුක්විඳි ඇතා ඩොලර් හත්ලක්ෂයක වියදමින් තායිලන්තයට

    Sak Surin පන්සලක දුක්විඳි ඇතා ඩොලර් හත්ලක්ෂයක වියදමින් තායිලන්තයට

    -

    spot_img

    “Sak Surin” යනු 2001 වසරේදී තායි රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතෙකි. කන්දේ විහාරයට බාර දුන් Sak Surin ට පැවරුණු කාර්යය වූයේ වාර්ෂික බෞද්ධ පෙරහැරේ සර්වඥ ධාතු කරඬුව රැගෙන යාමයි.

    මෙම ඇතාට ප්‍රමාණවත් සැලකිළි, ප්‍රතිකාර නොලැබෙන වග දැනගත් සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් වන Rally for Animal Rights & Environment (RARE) සංවිධානය මේ පිළිබඳව තායිලන්ත රජය දැනුවත් කර තිබේ. Sak Surin ගේ තත්වය දැනගත් තායිලන්ත විදේශ අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය මේ ගැන සාකච්ඡා කර ඇති අතර මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ පිහිටි තායි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පසුගිය අගෝස්තුවේ දී මේ ගැන විමර්ශනයක් සිදු කෙරිණි.

    sak surin

    විහාරස්ථානයේ ජීවත්වූ Sak Surin, දරුණු ආසාදන තුවාලයකින්, දුර්වල සෞබ්‍යය තත්වයෙන් පසු වී තිබේ. ඇතාට ප්‍රමාණවත් සැළකිලි ලැබී නොමැත. ඉන්පසුව ඇතාව දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන ගිය අතර ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්ත පශු වෛද්‍යවරුන් සහ ඇත්ගොව්වෙකු එවන ලදී. කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඉන්පසු ඇරඹිණි.

    තායිලන්ත මන්ත්‍රීවරියක වූ Kanchana Silpa Archa පැවසුවේ ඇතාගේ ඡායාරූප දුටු තමා කම්පාවට පත්වූ බවයි. මේ වන විට Sak Surin නැවත තායිලන්තය වෙත රැගෙන යාමේ කටයුතු සිදුකෙරෙමින් පවතී. ජූලි මාසයේදී ඇතාව ශ්‍රී ලංකාවෙන් රැගෙන යනු ඇත. ඒ තායිලන්ත රජය ඇතුළු සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානවල එකතුවෙන් සහ Thai Bhat මිලියන 24.7 (US$ 700000) ක පිරිවැයක් දැරීමෙනි. Sak Surin ගේ තත්වයට පත්වූ අනිත් ඇතුන්ට වඩා Sak Surin වාසනාවන්ත බැව් Kanchana Silpa Archa මන්ත්‍රිනිය පැවසුවාය. මව්රට බලා ගිය පසු,ප්‍රතිකාර සහ සාමකාමී විශ්‍රාම ගැනීමක් සඳහා Sak Surin ව Lampang හි පිහිටි සත්ත්ව රෝහලක් වෙත රැගෙන යාමට නියමිතයි.

    thaipbsworld.com ඇසුරෙනි.

    Photo: RARE SriLankan, Thai Foreign Ministry

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page