NovelsSadewtharaSadewthara - 16 සදෙව්තාරා

Sadewthara – 16 සදෙව්තාරා

-

spot_img

Sadewthara – මිහිර ජීවිතය පිළිබඳ අවිනිශ්චිත හා අරාජික කාලයක් තුළ ජීවත්වෙමින් සිටී. මින් දින කිහිපයකට පෙර ඉන් පළමු තැන ගෙන තිබුණේ සිය මවයි. තම සොහොයුරා වූ මධුර රැකියාව අහිමිවීමේ වේදනාවට තමන් විසින්ම ඔහුගේ අත කපාගෙන රෝහල්ගත වීමත් සමඟ, තමා පෙළමින් තිබූ ප්‍රශ්න ගොඩට තවත් සංකීර්ණ ප්‍රශ්නයක් එකතු වූයේය. එක් අතෙකින් දැන් තමා සහ සොහොයුරා යන දෙදෙනාම රැකියා විරහිතව නිවසට වී කාලය කා දමන්නන් වී සිටිති. අනෙක් අතින් මධුර කළ අණුවනකම හේතුවෙන් තමාට සිදුවූයේ නිම්නාට බරක් වීමටය. තමා කෙතරම් පරික්ෂාකාරීව, අනෙකාට කරදරයක් නොවී සිටීමට උත්සාහ කළද, දුක් කම්කටොලු තමා සොයා පැමිණෙන්නේ නැදෑ ගමන් එන්නා සේය. සියල්ල ඉවසා දරා සිටිය හැකිය. එහෙත් මේ සියල්ලට නිම්නා වුවමනාවෙන් මැදිහත් වීම තුළ මිහිර ඇත්තේ අසරණ අඩියේය. මධුර රෝහල්ගත කළ දිනයට පසුවදා, ඇය කොළඹ ජාතික රෝහලට පැමිණ , තමා කිසිසේත් අපේක්ෂා නොකළ අයුරින් සිය සොහොයුරා වෙනුවෙන් වෙහෙසුණාය.

“අපි අයියව ඩිස්චාජ් කරං ගිහිං අපේ හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරමු..”

නිම්නා සිය සොහොයුරා බලන්නට පැමිණි මොහොතේ එසේ කීවාය.

“මේක එච්චර සීරියස් කේස් එකක් නෙවේ නිම්නා….අනික..”

“සල්ලි ගැන ඔයා හිතන්නෙපා අයි විල් ටේක් කෙයාර්..”

මිහිරට මේ සියල්ල අගක්,මුලක් ලිහාගත නොහැකි පැටලිල්ලකි. නිම්නා තමා වෙනුවෙන් මෙතරම් වෙහෙසීම ඇත්තෙන්ම ඔහුට හිසරදයකි.

“නිම්නා…මේක මේ පොඩි කැපුම් තුවාලයක්..රස්සාව නැතිවුණු වේදනාවට එයා කරගත්තු මෝඩ වැඩක් ඒ..”

“ඇයි මොකක්ද අයියගෙ රස්ස්සාවට වුණේ..”

ඉන්පසු තමාට සියලු සිදුවීම් නිම්නාට පහදන්නට සිදුවූයේය. නිම්නා බෙහෙවින් කේන්ති ගෙන සිටි මොහොතක ඇගේ දුරකතනය නාද වනු මිහිරට මතකය.

“ඔයා මේ දැන්ම ජෙනරල් හොස්පිට්ල් එකට එන්න..අපි එතනදි මීට් වෙමු..”

කියා ඇය දුරකතනය විසන්ධි කළාය. මිහිර ප්‍රශ්නාර්ථයකින් නිම්නා දෙස බලා සිටියේ, ඇය මෙතනට කැඳවාගෙන එන්නට යන්නේ කවුරුන්ද යන වග වටහාගත නොහැකි වූ නිසාය.

“මාලක..මට එයා එක්ක මේ ප්‍රශ්නෙ බේරුමක් කරගන්නෝනෙ..දැට් ඉඩියට් ඊස්..”

නිම්නා තොල් විකමින් සිය කේන්තිය ගිලගත්තාය.

“මං හින්ද අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නෑ නිම්නා…මේ තියන කරදර මට හොඳටම ඇති..”

“ඔයා බයවෙන්නෙපා මං එයා ගැන බලාගන්නම්..ඒ වගේම ඔයාගේ අයිය ගැනත්..”

තමාගේ අයියා ගැන ඇය බලාගන්නවායැයි කීවේ කුමන අයුරින්දැයි ඔහුට ඒ මොහොතේ වැටහුණේ නැත. එය අසන්නට තරම් නිදහස් මනසක් ඒ මොහොතේ ඔහු සතුවූයේද නැත. මිහිර ඒ මොහොතේ කල්පනා කරමින් සිටියේ, නිම්නාගේ දුරකතන ඇමතුම නිසාවෙන් මාලක මෙහි පැමිණ කුමන අඩව්වක් අල්ලාවිද යන්න පිළිබඳවය.

“ඔයා මේ සල්ලි ටික තියාගන්න..”

මිහිර කිසිසේත් බලාපොරොත්තු නොවූ මුදලක් ඔහු අත තබමින් නිම්නා කී මොහොතේ, තමා ගල්ගැසී ඇය දෙස බලා සිටියා ඔහුට හොඳ හැටි මතකය.

“මේ වෙලාවේ මං ඉන්නෙ කේන්තියෙන් මිහිර..ඒ ඔයා ගැන නෙවේ..මාලක ගැන..ඒ නිසා මේ සල්ලි එපා කියලා ඒ ගැන ලොකු කතා කියන්න නම් ලෑස්ති වෙන්නෙපා…එහෙම වුණොත් මාලක ගැන තියන කේන්තිය ඔයාගේ පිටින් යයි..ඔයාට මං හොඳ යාළුවෙක් කියලා හිතන්න තරං මං ගැන පැහැදීමක් නැත්තං..ජස්ට් ටේක් දිස් ඈස් අ ලෝන්..”

ඒ මොහොතේ ඇයත් සමඟ තර්ක කිරීම හෝ මුදල් ප්‍රතික්ෂේප කිරීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවේයැයි හැඟුණු බැවින් තමා එම මුදල් බාරගත්තද, මේ මොහොත වන තෙක් ඉන් කිසිඳු මුදලක් වියදම් නොකොට තබාගන්නට ඔහු වග බලාගත්තේය. මාලකගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් හේතුවෙන් ඇය රෝහලෙන් පිටව ගියේ අද තමා නැවත මුණ ගැසෙන පොරොන්දුව මතය. එහෙත් ඇය මුණගැසීමෙන් වැළකීම සඳහා මිහිර මේ වනතෙක් සිය සොහොයුරා බැලීමටවත් රෝහල වෙත නොයන්නට වග බලාගත්තේය. සිය මවගේ ඇමතුමෙන් ඔහු හිඳ සිටි බැම්මෙන් පැන ගෙතුළට දිව ගියේය. මව ඇඳෙහි සිටම ඔහුට අත වැනීය.

“ලොකු එකායෙ ටිකට් කපන්නෙ කවදැයි පොඩි එකෝ…”

“අද හෙට කපයි අම්මේ..ඒ හැටි අමාරුවක් නෑනේ..අපි මේ බයට ඉස්පිරිතාලෙ අරං ගියාට..”

“අනේ මයෙ කොල්ලට ගම්භාර දෙයියන්ගේම පිහිටයි..”

මිහිරගේ මව ඇඳෙහි සිටම දොහොත් මුදුන් දී ඉහලට අත් ඔසවා ප්‍රාර්ථනයක් කළාය. මිහිර සිය මව දෙස බලා සිටියේ ශෝකයෙනි. ඇය මෙසේ සිටිය යුතු ගැහැණියක නොවේ. තමා දන්නා කාලයේ පටන් ඇය තරම් කාර්‍යක්ෂම ගැහැණියක් සිය පවුල තුළ නොවූවාය. නමුත් අද ඇගේ තත්වය බෙහෙවින් වෙනස්‍ ය. කියන්නට තරම් අසනීපයක් ඈ කෙරෙන් පෙනෙන්නට නොවූවත්, එදා මෙන් දුව පැන වැඩ කිරීමට තරම් ඇයට ශක්තියක් නොමැත. සාමාන්‍යයෙන් ගෙදර දොර අස්,පස් කිරීම, ඉවුම්,පිහුම් කළද, පැයක් එක දිගට වැඩ කළහොත් පැය කිහිපයක් මෙලෙස ඇය සිටින්නේ ඇඳේ දිගාවී වෙහෙස නිවා දමමින් ය.

“වාහනයක් නේද ආවෙ පොඩි පුතේ..”

අම්මාගේ හඬින් මිහිර ගෙයින් එළියට බැස්සේය. කඩුල්ල අසල නතර කරන ලද වාහනයෙන් මුලින්ම බිමට බැස්සේ ඔහුගේ සොහොයුරා වූ මධුරය. මිහිර තුෂ්නිම්භූතව ගියේ අනෙක් පසින් නිම්නා එළියට ආ මොහොතේය.

තාරා රෝහල් කාමරයට ඇතුල් වන විට සදෙව්ගේ ඇඳ හිස්ව තිබුණාය. තාරා මොහොතක් කල්පනාවක නිරත වූයේ, පෙරදා මුහුණ දෙන්නට සිදුවූ අකරතැබ්බය සිහිපත් වීමෙනි. අදත් තමා ඔහුගේ කාමරයට ඇතුල් වූයේ අඩුම තරමේ දොරටවත් තට්ටුවක් නොදමා බව ඇයට සිහියට ආවාය. තම හිසට තමන්ගේම අතින් ටොක්කක් ඇන ගනිමින් ඇය ආපසු දොර වෙත පිය මැන්නේ එහෙයිනි.

“කොහෙද මේ ආපු ගමන් ආයෙ දුවන්නේ..”

සදෙව් එසේ ඇසූයේ නාන කාමරය දෙස සිට ඇඳ වෙත එන අතරවාරයේය. තාරා ඒ හඬට දොර අසළ නතර වූවද ආපසු හැරී නොබැලුවාය. කෙටි ෂෝටක් හැඳ උඩුකය නිරුවත්ව සිටි සදෙව් සිනාසෙමින් පැමිණ ටී ෂර්ටයක් ඇඟලා ගත්තේය.

“හරි..හරි..මෙහේ බලන්න..මං නේකඩ් නෑ…”

තාරා සෙමෙන් සදෙව් දෙස බැලුවාය. සදෙව් මෙලෙස සරල ඇඳුමකින් සැරසී සිටිනවා ඇය දුටුවේ පළමු වතාවටය. ඇගේ මතකයට සැනෙන් නැඟ ආයේ, මුහුදු වෙරලක ඇවිදින යුරෝපීය ජාතිකයෙකි.

“ඇයි ඔහොම බලාගෙන ඉන්නේ..මේ ඇඳුම අවුල්ද..”

තමා මෙතෙක් වේලා සදෙව් දෙස බලා සිටියාය යන්න ඇයට වැටහුණේ, ඔහුගේ ප්‍රශ්නයෙනි.

“නෑ…ලස්සනයි..”

“තැන්කියු..”

තමා මොන මෝඩ උත්තරයක් දුන්නේද කියා සිතමින්, තාරා එය අමතක කරන්නට තමා ඇසිය යුතු ප්‍රශ්නයක් සොයමින් සිටියාය.

“ඔයා මොබයිල් එකක් පාවිච්චි කරන්නැද්ද..”

සදෙව් තාරාගෙන් එසේ ඇසූයේ ඇය පත්ව ඇති තත්වය වටහා ගනිමිනි.

“නෑ…”

“ඇයි..”

“වුවමනාවක් දැනිලා නෑ…”

“මටනම් ඊයේ රෑ ඔයාට මොබයිල් එකක් තිබ්බනම් කියලා හිතුණා…”

“ඇයි..”
තාරා එය අසන්නට ඉක්මන් වූයේ යැයි ඇයටම සිතුණු බැවින්

“මොනාහරි ප්‍රශ්නයක් වුණාද ඊයේ රෑ.”

කියා ඊට ඌණපූර්ණයක් කළාය.

“නෑ…අදත් ඔයාට කියලා අර කැඳ එකක් ගෙන්නගන්න ඕනේ කියලා හිතුණා…ඉට්ස් සෝ ටේස්ටි..”

“අනේ….”

ඇත්තෙන්ම ඒ වචන කිහිපය තාරාගේ පපුව පුච්චා දැමීමට සමත් වූවාය.

“අම්මගෙ ෆෝන් එකට ගන්නෙපැයි අනේ..”

ඇය එසේ කීයේ අවංකවමය. පළමුව ඇයට තමාට ඒ ගැන සැළකිල්ලක් නොවූ එක ගැන දුක සිතුණාය. දෙවැන්න ඇය කිසිසේත්ම සදෙව්ගෙන් එවැනි ඉල්ලීමක් බලාපොරොත්තුව නොසිටියාය.

“ඉට්ස් ඕකේ තාරා…”

“මං හෙට අරං එන්නං..”

“තැන්කියු..”

සදෙව් එසේ කියමින් ඇඳේ වාඩිවූයේය. සිය ජංගම දුරකතනය අතට ගෙන එහි තිරය ඇඟිලි තුඩුවලින් එහා, මෙහා කරන්නට වූයේය.

“නිම්නා ආවේ නෑනේ දවස් දෙකකින්..කෝල් එකක්වත් නෑ…ඇට් ලීස් නෝ ටෙක්ස්ට් මැසේජ්..”

තාරා සෘජුවම සදෙව් දෙස බැලුවාය. ඔහු එසේ කියන ලද්දේ දුකකින්,ශෝකයකින්ද යන වග දැනගන්නට ඇයට වුවමනා වූවාය. එහෙත් පහසුවෙන් එය හඳුනාගන්නට තරම් ලකුණු, සඳෙව්ගේ මුහුණෙහි නොවූයේය.

“මට මාලකවනම් හම්බවුණා ඊයේ..”

සදෙව් ජංගම දුරකතනයෙන් හිස ඔසවා තාරා දෙස බැලූයේය. ඒ බැල්මෙහි තිබූ ප්‍රශ්නය ඇය ක්ෂණිකව වටහාගත්තාය.

“පහල කොරිඩෝවෙදි..නිම්නා බලන්න යනවා කියලා තමා කීවේ..”

තාරා එසේ කියමින් සදෙව් නිරීක්ෂණය කරමින් සිටියාය. කියවාගන්නට තරම් විශේෂ හැඟීමක් නොවූ එම මුහුණට සුපුරුදු ළමා දඟකාරයාගේ පෙනුම ආරූඪ වෙමින් තිබුණේය. එය තාරා පිරිමියෙකු තුළ දකින්නට ආසාම පෙණුමය.

“හැබැයි නිම්නට මාලකයව සෙට් වෙන්නෑ…”

“එහෙනම් කවුද සෙට් වෙන්නේ..”

“මිහිරයා තමා…”

සදෙව් කීයේ ජංගම දුරකතන තිරය නැවතත් එහා, මෙහා කරමිනි.

“ඔයා හඳහන් බලනවද..”

“නෑ..මේ ෆේස්බුක්..”

කියා සිනාසෙමින් සිටි සදෙව්ගේ මුහුණ එක්වරම වෙනස් වී ගියේය. ඒ මුහුණු පොතෙහි තිබූ එක්තරා පිංතූරයක් දැකීමෙනි.

“තාරා…මේහ්ං..”

සදෙව් තමා දෙසට දිගු කළ දුරකතන තිරය වෙත දෑස් යොමු කළ තාරා තිගැස්සී පිටුපසට වීසී වී ගියාය. එහි තිබුණේ තමාගේ සහ මිහිරගේ පිංතූරයකි. එය දියතලාව සංචාරක බංගලාවේදී ගත් එකකි. මිහිර විසින් තමාව වත්තන් කරගෙන සිටිනා ආකාරයේ පිංතූරයකි. ඇය බියපත්ව සදෙව් දෙස බැලුවාය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you