More
    spot_img
    FeaturesNPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

    NPP එළියට දාන්න පරක්කු අනුරගෙ ෆයිල් ටිකත් උස්සලාද දන්නෑ?

    -

    spot_img

    NPP – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන් කරමින් තිබු වාහනයට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඇති බවට ප්‍රවෘත්තීන් පළ වේ. එම ප්‍රවෘත්ති වාර්තා තව දුරටත් සඳහන් කරනුයේ සිද්ධියෙන් කිසිඳු ජිවිත හානියක් වාර්තා වී නැතත්, තුසිත හල්ලොලුව සහ ඔහුගේ වාහනයේ ගමන් ගත් නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ තුවාල ලබා ඒ මොහොතේ වාහනය තුළ තිබු රහස්‍ය ලිපි ගොනුවක් අතුරුදන්ව ඇති බවයි.

    Thusitha Halloluwa

    මෙම සිද්ධිය වාර්තා වනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ ප්‍රධාන ආයෝජනයක් කළ බවට හල්ලොලුව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් පවත්වමින් සිටින අතරතුර ය. මෙම සිදුවීම ආණ්ඩු හිතවාදීන් මෙන්ම ආණ්ඩු ප්‍රතිවාදීන්ද වෙන, වෙනම කියවාගන්නා අයුරු දක්නට ලැබේ. මේ වනවිට සමාජ මාධ්‍ය කතිකාවතේ එය සමාන කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ උද්දික ප්‍රේමරත්නගේ වාහනයට මෙලෙසම එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයත් සමඟ ය. ආණ්ඩු හිතවාදීන් දැනටමත් එය තුසිත හල්ලොලුව විසින් කරන ලද රංගනයක් බවට ෆේස්බුක් සහ යු ටියුබ් තීන්දු ලබාදී හමාර ය. එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) නම් තාමත් ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බව නිවේදනය කර තිබේ.

    Uddika Premaratne

    ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ආණ්ඩුව පුන, පුනා කියද්දී, රට හතරවටේ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පත්තු වේ. පත්තුවෙන වෙඩි හා අහිමිවෙන ජිවිත පසුගිය ආණ්ඩුවල සහ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ගිණුමට බැර කොට ආණ්ඩුවට අත පිසදා ගත හැකිද..? පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක් අපේක්ෂාවෙන් ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ එවැනි ළඳ, බොළඳ කතා අසන්න නොවේ. රිය අනතුරකට, ලුණු හිඟයකට පවා ආණ්ඩුවට දොස් නැගිය යුතු නැතැයි ආණ්ඩු හිතවාදීන් පවසන්නේනම්, අප කළ යුත්තේ මෙවැනි සිද්ධීන් හුදෙකළා කොට “සතියේ සමාජ මාධ්‍ය විනෝද සමය” නැටීමද..? නැත. සෙල්ලම් තුවක්කු වලින් අහසට වෙඩි තියා ෆයිල් හොරකම් කරන නාඳුනන ක්‍රීඩකයින් මෙල්ල කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත්, අනුර කුමාර දිසානායක එළියට දමන්නට වෙලාව එනතුරු හංගාගෙන සිටින ෆයිල් ටිකත් ළඟදීම අතුරුදන් විය හැකිය.

    පැවති සියලු ආණ්ඩුවල සිටියේ හොරුන්, දුෂිතයින් බැවින් මේ ආණ්ඩුව පැමිණියේ හොරු එළවා දුෂණය නැති කරන්නට ය. රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම බැවින්, නීතිය නැවෙන සුළු හෙයින් මේ ආණ්ඩුව පැමිණියේ කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇතිකර නීතිය අපක්ෂපාතී කරනු පිණිස ය. ඒ සඳහා රටේ මහජනතාව 42%ක ජනවරමකින් ජනාධිපතිවරයෙකුත්, 3/2ක පාර්ලිමේන්තුවකුත්, බහුතර බලය සහිත පළාත් පාලන ආයතනත් ලබාදුන් පසු ආණ්ඩුවට කෙඳිරි ගාන්නට තවත් හේතු නැත. ජනතාවට දැන් කිරීමට ඉතිරිව ඇත්තේ පළාත් සභාවල බලයත් ආණ්ඩුවටම ලබාදී ඉන් සෑහීමකට පත් නොවේනම්, ගමේ මරණාධාර සමිති, ගොවිජන සමිති, කුලඟන සමිති, මහිලා සමිති සියල්ලේම බලය ආණ්ඩුවට දී මේ කන් කෙඳිරිය නිමා කිරීම පමණි. ඊළඟ ජන්දයෙන් පසු තවදුරටත් මේ ජනතා කරදරයෙන් ගැළවෙන්නට නම් ආණ්ඩුවට කළ හැකි වන්නේ ජගත් මනුවර්ණ රිලවුන් දමන්නට සුදානම් කළාක් මෙන් දුපතක් ඉන්දියාවෙන් හෝ ඉල්ලාගෙන ලංකාවේ මිනිසුන් එහි පදිංචි කිරීම පමණි.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page