More
    spot_img
    NewsMP Seat සනත් නිශාන්තගේ තැන ජගත් ප්‍රියංකරට

    MP Seat සනත් නිශාන්තගේ තැන ජගත් ප්‍රියංකරට

    -

    spot_img

    MP Seat – හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මන්ත්‍රී පුරප්පාඩුවට, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන එල්.කේ. ජගත් ප්‍රියංකර පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදු කරන ලද දැනුම්දීමෙන් අනතුරුව මෙම තෝරාපත් කිරීම සිදු කළ බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

    2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 5ක් හිමිවූ අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ අභාවප්‍රාප්ත සනත් නිශාන්තය. එල්.කේ ජගත් ප්‍රියංකර මනාප ඡන්ද 40,527ක් හිමි කර ගෙන මනාප ලැයිස්තුවේ 6වන ස්ථානයේ පසුවිය. ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කරයි. ඔහු එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම ලබන මස 8 වැනිදා සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page