FeaturesMathaka BanawaraMathaka Banawara – 03 මතක බණවර

Mathaka Banawara – 03 මතක බණවර

-

spot_img

Mathaka Banawara – 03 මතක බණවර

සිකුරාදා කියන්නේ මං ඉන්න රටේ සති අන්තය. වෙහෙසකර සතියක අවසානයේ දාඩිය හෙලන උන්ගේ නිදහසේ දවස. පීඩනය මුදාහරින,සැල්ලුවේ දවස. ඒත් මට ඒක මහ කරුමක්කාර දවසක්.
තනිකම,පාළුව,හිස්කම උපරිමයට දැනෙන දවසක්. මේ නවාතැන් පල මට හැමදාම දැණුනේ එළිමහන් හිරගෙයක් වගේ. මට හම්බවෙලා තියෙන්නේ උඩ තට්ටුවක්. සමහර වෙලාවට මං එතන ඉඳලා
මේ නවාතැන් පල දිහා බලනවා. මට පේන්නෙම පෑළියගොඩ පාලම උඩ ඉඳලා සේදවත්තෙ කන්ටේනර් අංගනය දිහා බලනවා වගේ හැඟීමක්. කන්ටේනර් පෙට්ටි දෙකක් එක උඩ තියලා උඩ එකට නඟින්න ඉනිමඟක් තිබ්බා වගේ එකම ප්‍රමාණයේ, එකම හැඩයේ නිවස්න දාහක් විතර තියෙනවා. මිනිස්සු පන්දාහකට වඩා මෙතන ජීවත්වෙනවා. ඒත් මොන හේතූවකටද දන්නෑ ආපුදා ඉඳලා මට දැනෙන්නෙම මං මැරිලා මේ දැන් ඉන්නේ මනෝකාය එක්ක කියලා.
හිටපු ගමං මං මිනිස්සුන්ගෙ ඇඟේ හැප්පිලා බලනවා සැක ඇරගන්න මං ජීවත්වෙනවා කියලා. හයියෙන් කෑගහලා, හිනාවෙලා බලනවා. කණ්නාඩියෙන් මාව පේනවද බලනවා.මිනිස්සු මං දිහා බලන්නෙ “ට්‍රැක් අවුට්” වෙච්චි එකෙක් දිහා බලන ගානට. සමහර උන් නෝන්ඩියට හිනාවෙනවා. සමහරු මූණටම අහනවා “උඔට අසනීපයක්ද” කියලා. මං කාටවත් උත්තර දෙන්න යන්නෑ ඉතිං. සිකුරාදා දවසෙ හුඟක් උන් දවල් වෙනකං නිදාගන්නවා. රෙකරේෂන් රූම් වල ෆිල්ම් බලනවා. එළියෙ තියන “කොමන් කිචන්” වල උයනවා. ඉන්දියාවෙ,පකිස්ථානෙ,ලංකාවේ උන් එකතුවෙලා ක්‍රිකට් ගහනවා. අරාබි,අප්‍රිකානු උන් ෆුට්බෝල් ගහනවා.
ෆිලිපීන්, ඉන්දුනීසියානු වගේ රටවල උන් බාස්කට් බෝල් ගහනවා. ඔය ඔක්කොම බල,බලා මං පිස්සෙක් වගේ සිකුරාදා දවසම අකමඩේෂන් එක වටේ ඇවිදිනවා.

මගේ ආසම තැනක් තියෙනවා මේ අකමඩේෂන් එකේ.ඒ ගෑණු,පිරිමි අකමඩේෂන් දෙක වෙන්කරලා තාප්පයක් ගහලා, සෙකිරියුටි ගාඩ් කෙනෙක් දාලා තියන තැන. සිකුරාදාට ප්‍රේමවන්තයො එතන ඉඳලා කෑම හුවමාරු කරගන්නවා. උයාපු කෑම බාස්කට් අරං ඇවිත් තණ බිස්ස උඩ සෙකුරිටිට පේන මානේ ඉඳගෙන,බෙදාගෙන කනවා. අත් අල්ලං මොනාදෝ දිග කතා කියවනවා. හයියෙන් හිනාවෙවී ඉන්නවා. මං හිනාවෙවී ඒ දිහා බලාගෙන ඉද්දි සමහරු අසහනකාරයෙක් දිහා බලන ගානට කින්ඩි හිනා දාගෙන යනවා. සෙකුරිටි අපරාධකාරයෙක් දිහා බලන ගානට මං දිහා බලනවා. මේකට පිට කාටවත් ඇතුල් වෙන්න බෑ. ඉන්න අයත් ඇතුළට ගන්නෙ බෑග් චෙක් කරලා. ඇල්කොහොල් ඇතුළට ගේන්න සම්පූර්ණයෙන්ම තහනම්. මං බ්‍රහස්පතින්දා රෑට එනකොට කාලේ බෝතල් දෙකක් ඉන දෙපැත්තෙ ගහගෙන අරං එනවා. මොකද සෙකුරිටි එකට ඇඟ අතගාලා චෙක් කරන්න බැරි නිසා. මං මේ සිකුරාදා දවස ගෙවන්නෙ ඒ කාලෙ බෝතල් දෙක කලුපාට වතුර බෝතලේකට දාලා අතේ තියාගෙන යන,එන ගමන් බොන අතරේ.ලොකු රවුම් ඇස් තියන සුදු කොට කෙල්ලෙක්, කලු හීන්දෑරි කොල්ලෙක්ගෙ අතෙන් අල්ලගෙන ගිහිං කුරු කොහොඹ ගහක් යට වාඩිවුණා. මං ඊට ටිකක් එහා සිමෙන්ති බංකුවක් උඩට වෙලා සිගරට් එකක් බිබී හිටියේ. බාස්කට් කීපයක අරං ආපු කෑම ලොකු පොලිතීන් එකක් එලලා ඒ උඩ පිළිවෙලකට බෙදපු කෙල්ල, ඉස්සෙල්ලාම කරේ අර කොල්ලට අන,අනා කවනෙක. කීපසැරයක් කොල්ලා කෙල්ලට කවන්න හැදුවත්, කටවල් හතර පහක් කොල්ලටම කවන කෙල්ල වදෙන්,පොරෙන්කෑවෙත් එක කටයි.

හිත දුවගෙන ගියේ විහාරමහාදේවී පාර්ක් එකට සුදු නෝනා.. ඉස්සර ඔයත් ගෙදරින් ලොකු බත් එකක් කෙහෙල් කොලේක ඔතාගෙන ඉරිදට ගෙදරින් එනවා. කෑම දෙකක් ගේන්න බෑ ගෙදරින් ප්‍රශ්න අහන නිසා. අපි රාජගිරියේ ඉම්පාලා එකෙන් 10.30 ෂෝ එක බලලා කෙලින්ම එන්නේ විහාරමහාදේවී පාර්ක් එකට. ඔයා ඉස්සර කරෙත් ඒකමයි. පුළුවන් තරම් කවන්න දඟලන්නෙ මට. මං වගේම ඔයත් එහෙමට කෑමට,බීමට උනන්දු අය නෙවේ. ඒත් ඒ ඉරිදා බත් මුල ජීවිතයේ තාම සිහිවටනයක්. අපි විහාරමහාදේවී එකට බිම් කරුවල වැටෙනකං ජීවිතේ හීන ඇහින්දා… සෙකුරිටි එකේ විසිල් එක ඇහෙනකං බංකු උඩ,තණ බිම් උඩ ඔයාගේ තොරතෝංචියක් නැති කතන්දර ඇහුවා. වෙඩින් ගැන, මල් කුමාරියො ගැන,පෝරුව,අෂ්ටක ගැන විතරක් නෙවී හදන ළමයි ගානත් ගණං හැදුවා. දවසක් මං ඒ පාක් එකේ විවාහ ගිවිසුම කියවලා බොරුවට ඔයාව කසාදත් බැන්දා. ඔයාට ඉස්සෙල්ලාම දුවෙක් ඕනෑ කීවා. මං ආස වුණේ පුතෙක්ට. අද වෙද්දි ඔයාගේ හීනෙනම් හැබෑවෙලා. මං තාම ඉතිං හීන දකිනවා. මේ හීනෙන් ඇහැරෙන්න තව කල් යයි. ජීවිතේ මට දුන්නෙ එහෙම අයිතියක් සුදු නෝනා. ඒත් මට පුළුවන් තාම ඔයා දිහා බලලා හිනාවෙන්න. මං උගුර පාදන හඬකින් ඔලුව ඉස්සුවා. අර කෑම කකා හිටපු කොල්ලා සෙකුරිටි එකත් එක්ක මගේ ළඟ. වෙච්චි දේ හිතාගන්න පුළුවන් නිසා, මං හිනාවෙවී නැඟිටලා එතනින් ඈතට ගියා.

“මිනිහට පොඩි අවුලක් තියනවා… ගණං ගන්නෙපා…”

සෙකුරිටි අර ජෝඩුවට එහෙම කියනවා මට යන ගමං ඇහුණා. රෑවෙලා කියලා තේරුණේ ලයිට් කණුවල එළිය නිසා. පලාතම එළිය වෙන්න කොච්චර විදුලි ලාම්පු පත්තු වුණත්, ඔයාගෙ මතකෙන් ඇරෙන්න හිත එළිය වැටෙන්නෑ කිසිදේකින්. පපුව මැද පිච්චෙනවා වගේ දැණුනා. ඒ අද දවසටම කිසි කෑමක් නැති නිසා. බෝතලේ තිබ්බ අවසාන අරක්කු ටිකත් උඩ බලාගෙන කටේ හලාගත්තා. යන ගමන් කැපටේරියා එකෙන් “එග් පෆ්” එකක් අරගත්තෙ, බඩගින්නට අත,පය වෙව්ලන නිසා. උදේ හදපු නිසා පිළුණු ගතිය කටට හොඳින් දැණුනත් මං රහ බලන්නැතුව ඒක ගිලලා දැම්මා. බඩ අකුළවගෙන වේදනාවක් ආවත් මං ගණන් ගත්තෙ නෑ.උඩට නඟින්න යද්දි පල්ලෙහා තිබ්බ කුණු බක්කි දෙක ඇතුලේ ඉඳලා පූසෝ දෙන්නෙක් පැනලා දිව්වා. මං කුණු බක්කි දෙක උස්සලා අරං ගිහිං වහලා තිබ්බ දොරකට එක පිට එක එන්න හේත්තු කරලා, දොරට හයියෙන් තඩිබාලා, දුවගෙන ගිහිං කාමරේට රිංගුවා. ඊට පස්සෙ පොඩි වෙලාවක් ඇතුලෙ ඉඳලා එළියට කන් දීගෙන හිටියා. කවුරුහරි එළියට ඇවිත් හින්දියෙන් තද කුණුහරුප කියලා බනිනවා ඇහෙනවා. අර අමන සතුට ආයේම දැණුනා. මං හිනාවෙවී ගිහිං ඇඳුම් පිටින්ම ෂවර් එකට ඔලුව අල්ලාගෙන හිටියා.

ආල පිරුවා තරම් පිරුමක් වෙන කොහේ
ඔයා කීවා මතක තියනවා මේ හිතේ
දාලා ගියදා තමයි සේරම වැටහුණේ
දීලා ගියදේ වැඩියි කියලා ජීවිතේ…..

දැණුනු හින්දා නොවෙද ප්‍රේමය මා කෙරේ
ඔයා රැඳිලා ඉදං ඒ හැටි වද කරේ
හීන තිබුණා තමයි හිත යට හීතලේ
ඒවා බිඳුණා කියා ඇයි අපි වෙන්වුණේ…..

ආයේ හැරිලා ගිහිං මුලටම ජීවිතේ
රිදුණු සේරම අවුලුවා ගිනි ගින්දරේ
මතක සෑයේ තියා යටගිය අන්දරේ
දැවෙන එකටද කියන්නේ අපි ආදරේ……

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you