More
    spot_img
    PoemsLoyalty බෙදීමක් නැති බැඳීමක්

    Loyalty බෙදීමක් නැති බැඳීමක්

    -

    spot_img

    Loyalty බෙදීමක් නැති බැඳීමක්

    ආව ගිය මඟවත් නොයා
    මතකයන් හළුකර දමා
    රිදෙන විට පිරිමැද තවා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    කදුළු හොරැහින් පිසදදා
    දිග සුසුම් තනිවම හෙලා
    පෙර මතකයන් විඳ, විඳා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    නොදැකි ගානට මඟ හැරා
    ගැටෙන ඇස ගෙන ඉවතලා
    සිහිවටන මැද ගිණි කකා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    උමතු තනිකම කියවලා
    ඔහේ තනි මඟ ඇවිදලා
    කුස නොකා එය රවටලා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    සියළු වැඩ හෙටටම දමා
    ලෙයක් ළයකට හිරවෙලා
    ලොවට දුක ගැන සඟවලා
    ප්‍රේමයක් ඇත පේ වෙලා..

    බැඳීමට ලොබ බැඳීමක
    පිදීමක් ලඟ තිබේමය
    බෙදීමක් නැති බැඳිමක
    වෙළිමත් හරි අගේමය……

    ✍ ඩිලානි ඩී. ලියනගේ

    Latest news

    Anura Kumara Dissanayake ශක්තිමත් ආණ්ඩුවක් ඉල්ලන්නෙ ඇයි..?

    Anura Kumara Dissanayake - සිය ධූරයට පත්වී පැය 24ක් ඇතුළත, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ හදිසි මහ මැතිවරණයක් කැඳවීමට තීරණය...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 72 අවසන් කොටස

    Hima Mal Renu හිම මල් රේණු කිසිවෙකු තවම කතා බහ අරඹා නොතිබිණි. දැරණියගල අංකල් සිනහවක් පාමින් නැන්දා දෙස බැලුවේය. ඈ...

    Hima Mal Renu හිම මල් රේණු – 71

    Hima Mal Renu හිම මල් රේණු මම තාත්තාට කෑමකවන අතර තුර ආච්චි අම්මාද අප අසළට වී සිටියාය. "අ...නු...රා...ග්...හො...ඳ...කො...ලෙ...ක්..." තාත්තා අපහසුවෙන් වචන එකතු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page