More
    InterviewsLana Del Rey ජෙරමි වගේම මමත් කිඹුලො එක්ක පීනනවා

    Lana Del Rey ජෙරමි වගේම මමත් කිඹුලො එක්ක පීනනවා

    -

    spot_img

    Lana Del Rey ගායනයට අමතරව ගීත රචනයටත් ගොඩක් දක්ෂ සුප්‍රකට අමෙරිකානු ගායිකාවක්. රොමෑන්තික ගීත සඳහා ඇය වඩාත් ප්‍රකටයි. සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය ග්‍රැමී සම්මාන එකොළහක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සඳහාත් නිර්දේශ වුණා. සුප්‍රකට රෝලිං ස්ටෝන් ඇයව “21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ඇමරිකානු ගීත රචිකාව” ලෙසින් නම් කළා.                       මේ W magazine ඇය සමග සිදුකළ කතාබහක්. 

    Lana Del Rey

    • ඔයා ඔයාගේ Husband ගැන සිංදු ලියලා තියෙනවද? 

    Lana Del Rey

    ” Stars fell on Alabama”. මම සංදර්ශනයක් ආරම්භ කරන්නෙ ඒ ගීතයෙන්. ජෙරෙමි තමයි මගේ ජීවිතේ වටිනම, බලපෑම් සහගතම කෙනා. ඔහු නිහඬයි. ඒත් මම එක්ක එහෙම නෑ. සමහරවෙලාවට අපිට දැනෙනව අපි මේ ලෝකෙ එකම එක දේකට විතරමයි ආදරේ කරන්නෙ කියලා. අපි වගේම හිතන පතන කෙනෙක් මුණගැහුණම.

    • ඔයා කිඹුලන්ට කැමතියි නේද?

    මුලින් නම් මට බයක් දැණුනා. ඒත් ලුසියානාවල ෆ්ලොරිඩාවට වඩා ලස්සන කිඹුලො ඉන්නවා. ජෙරමි කිඹුලන් එක්ක පිහිනනවා. මමත් පිහිනනවා. හැබැයි තනියම නෙමේ.

    • ඔයාට ලොස් ඇන්ජලීස් මග හැරුණද? මොකද ඔයා L.A ගැන හරිම ලස්සනට ලියනවා. 

    Lana Del Rey

    මම නිව්යෝර්ක් වලට ගොඩක් ආදරෙයි. ලොස් ඇන්ජලීස් මට ආදර හැඟීම් ඇති කරනවා. එහි භූමි දර්ශන. මම කාර් එකට නැගලා සන්සෙට් බලන්නත් බීච් එකටත් යනවා. මෙක්සිකානු Hot Chocolate බොනවා. මට L.A වලින් සිංදු ලියන්න ගොඩාක් තනු ලැබුණා.

    • ඔයා රඟපාන්න කැමතිද?

    ඔව්, මම චිත්‍රපටයක රඟපාන්න කැමතියි. මම ක්වෙන්ටින් ටැරන්ටිනෝට ආදරෙයි. ඔහු සහ ඩේවිඩ් ලින්ච් මම කැමතිම දෙන්නෙක්. ඒත් මම චිත්‍රපටි විතරක් බලන්නෙ නැහැ. හෝල්මාර්ක් නාලිකාවේ වැඩසටහන් වලට මම ආසයි. හෝල්මාර්ක් චිත්‍රපට විශිෂ්ටයි.

    • හෝල්මාර්ක් චිත්‍රපට නිව් යෝර්ක්වල බුකෝලික් ලේක් ප්ලැසිඩ් හි ඔයාගෙ පුංචි කාලය මතක් කරලා දෙනවද? 

    Lana Del Rey

    ටිකක්. පුංචි කාලෙ මම හැමතිස්සෙම සිංදු කිව්වා. ලොස් ඇන්ජලීස් වලට යන්න කලින් ජර්මනියේ, ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ වගේ තැන්වල මම වැඩ කළා.

    • ඔයා පූසෙක් වගේද බල්ලෙක් වගේද?

    නිසැකවම පූසෙක් වගේ. ලොකු තැඹිලි පාට පූසෙක්. මම ඉක්මන් වගේම හරිම හුරතල්.

    • ඔයා කවදා හරි ස්වයං චරිතාපදානයක් ලියනවද?

    කොහෙත්ම නැහැ. මට කතා කරන්න බැරි තරම් පුද්ගලික දේවල් තියෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා මට වෛර කරන අය සහ මගේ වැඩවලට ගරු කරන අය 50-50 ප්‍රතිශතයක ඉන්නව කියලා. මම ඒ ගැන හිතන්න ගොඩක් කාලයක් ගත කළා. නමුත්, අවංකව කිව්වොත්, ඒ ගැන ඕනෑවට වඩා හිතන්න ඕනෙ නෑ. දැන් මම ධනාත්මක වෙන්න උත්සාහ කරනවා. මට හොඳ පවුලක් සහ ප්‍රීතිමත් ජීවිතයක් ගැන හීනයක් තිබුණා. මට ආදරේ හොයාගන්න ඕනෙ වුණා. ඉතින් මම එහෙම කළා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page