More
    InterviewsKatrina Kaif බොලිවුඩයේ සෙක්ස් තිබුණත් නැතත් මට වැඩක් නෑ

    Katrina Kaif බොලිවුඩයේ සෙක්ස් තිබුණත් නැතත් මට වැඩක් නෑ

    -

    spot_img
    Katrina Kaif බ්‍රිතාන්‍යයේ සිට බොලිවුඩ් සිනමාව වෙත පිවිසි බොලිවුඩයේ සාර්ථකම රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙකු ලෙස හැඳින්වෙනවා. සුප්‍රකට Reebok සමාගමේ සන්නාම තානාපතිනිය වන ඇය, කලක් සල්මන් ඛාන්ගේ පෙම්වතිය බවට බොලිවුඩය තුළ උණුසුම් පුවත් මවනු ලැබුවා. මේ ඇය සමගින් MW සිදුකළ කතාබහක්.
    • ඔබ පෞද්ගලිකත්වයට ගොඩක් කැමතියි වගේ?

    මම දේවල් දකින්නේ මගේම ක්‍රමයකට. අනිත් අයට මාව පෙනෙන විදිහ ගැන මං එච්චර හිතන්නෙ නැහැ. මම මට අවංක වෙමින් ජීවත්වෙනවා. හරියි කියලා මට හිතෙන දේ කරනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු ගණනාවක් ගෙවී ගිහින්. ප්‍රේක්ෂකයන් මා සමග සිටියා. එය ශක්තියක්. පුදුමාකාර හැඟීමක්.

    • ඔබ චිත්‍රපට තෝරාගන්නෙ කොහොමද?

    අලුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් කතාවකට මම කැමතියි. මාව දියුණු කරන දෙයක්. ශක්තිමත්,සිත් ගන්නා සුළු චරිතවලට මම කැමතියි. එය අපූරු අත්දැකීමක්.

    Katrina Kaif

    • ක්ෂේත්‍රය තුළ ඔබව හැඳින්වෙන්නේ සාර්ථක නිළියක් වශයෙන්. මේ ඇගයීම නිසා ඔබට ප්‍රධාන චරිත ලැබෙනවා කියලා මං කිව්වොත්..?

    “තරු” සහ නළු නිළියන් අතර වෙනස තේරුම් ගන්න මම උත්සාහ කරනවා. මම හොඳම දේ තෝරාගන්නවා. චරිතයක් තුළින් අනවශ්‍ය ප්‍රතිරූපයක් ඉස්මතු කරන්න මම උත්සාහ කරන්නෙ නැහැ. මම උත්සාහ කරන්නේ ඇත්ත නිරූපනය කරන්න. සාර්ථක අසාර්ථක බව තීරණය කරන්න පුලුවන් ප්‍රේක්ෂකයන්ටම පමණයි.

    • චිත්‍රපටයක වැඩකටයුතු ඔබ බලාපොරොත්තු නොවන අයුරින් සිදුවෙන විට ඔබ මොකද කරන්නෙ ?

    මම මට තෘප්තිමත් වෙන්න පුලුවන් අයුරෙන් මගේ වැඩ ටික කරනවා. මම නිරතුරුවම අනපේක්ෂිත අවස්ථාවන්ට සූදානම්ව සිටිනවා.

    • මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා සිතුන දේවල් ඔබේ සිනමා ගමන හෝ ජීවිතය තුළ තිබුණාද?

    සත්තකින්ම. අපි කවුරුත්ම 100% ක් නිවැරදි නැහැ. අපිට පුලුවන් නැවත උත්සාහ කරන්න. අපේ උපරිමය වෙනුවෙන්.

    Katrina Kaif

    • ඔබ වැඩ කරන්න කැමති අය ඉන්නවද?

    ගොඩක් ඉන්නවා. ඒ අතර අළුත් අධ්‍යක්ෂකවරුත් ඉන්නවා. රාජු හිරානි, ආදිත්‍ය චොප්රා, සංජේ ලීලා බන්සාලි ට මම කැමතියි. ඔවුන් විශිෂ්ඨ අධ්‍යක්ෂකවරුන්. සෝයා අක්තාර් සමග ආයෙම වැඩ කරන්න මම කැමතියි.

    • ඔබ බොලිවුඩය තුළ නමක් දිනූ නිළියක්. ඉතිං නවක අධ්‍යක්ෂකවරුන් සමග වැඩ කිරීම අවදානම් නැද්ද?

    නැහැ. සෑම විශාල සිනමාකරුවෙක්ම බිහිවුනේ කුඩා ඇරඹුමකින්.

    • බොලිවුඩයේ ලිංගිකත්වය ඕනෑ තරම් තියෙනවා නේද?

    නැහැ. ඔබ එහෙම තිබෙනවා කියලා හිතනවනං බොලිවුඩ්වල ලිංගිකත්වය තියෙනවා. ඔබ එය එහෙම නැහැ කියලා විශ්වාස කරනවනං එහෙම නැහැ. ඔබට කරන්න ඕන දේ ඔබ දන්නවනං,ඔබේ ජීවිතය,රැකියාව පිළිබඳව දැක්මක් ඔබ සතුයි නං ඔය ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ.

    Katrina kaif

     

    • ඔබේ අනාගත බලාපොරොත්තු?

    මම දන්නෙ නැහැ. හොඳ නිර්මාණවල කොටසක් වෙන්න කැමතියි. මගේම නිෂ්පාදන සමාගමක් යටතේ චිත්‍රපටයක් හදන්න කැමතියි.

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page