ArtHrithik Roshan තාත්තගෙයි පුතාගෙයි අලුත්ම රංගනය

Hrithik Roshan තාත්තගෙයි පුතාගෙයි අලුත්ම රංගනය

-

spot_img

Hrithik Roshan සහ Rakesh Roshan යනු බොලිවුඩයේ ජනප්‍රිය පිය පුතු යුවලකී. ඔවුන් දෙදෙනා තිරය මත නැවත එක්ව දැකගැනීමේ අවස්ථාව රසිකයන්ට උදා වී තිබෙනවා. ඒ වාහන ලිහිසි තෙල් සන්නාමයක් සඳහා නිර්මාණය කළ වෙළඳ දැන්වීමක් තුළින්. මීට වසර 25 කට පෙර චිත්‍රපට නිෂ්පාදක රිතික්ගේ පියා රකේෂ් රොෂාන් තම පුතු බොලිවුඩයට හඳුන්වා දුන්නේ Kaho naa pyar hai චිත්‍රපටය තුළින්. රිතික් රොෂාන්ව එක් රැයකින් තරුවක් බවට පත් කිරීමට එය සමත් වූවා. මේ පිය පුතු යුවළ චිත්‍රපට කිහිපයකම එක්ව කටයුතු කළා. ඉන්පසු දිගු කළකින් ඔවුන්ව එක්ව දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදා වූයේ නැහැ. තම පුතු සමගින් වෙළඳ දැන්වීමකට දායක වීමට ලැබීම සතුටක් බව රිතික්ගේ පියා සඳහන් කළා. නුදුරේදීම ක්‍රිෂ් 4 සමගින් රිතික් රොෂාන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් රසිකයන් හමුවට එනු ඇත. චිත්‍රපටයේ වැඩකටයුතු සමගින් ඔහු මේ දිනවල කාර්යබහුලයි.

Hindustan Times ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you