More
    NewsGHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

    GHF ඊශ්‍රායල හමුදාවෙන් කුසගින්නේ පෙලෙන ජනතාවට වෙඩි

    -

    spot_img

    GHF නොහොත් ගාසා මානුෂීය පදනම පසුගිය මැයි මස අගදී ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීම ඇරඹීමත් සමගින් ඊශ්‍රායල හමුදාව කුසගින්නේ පෙලෙන ජනතාව වෙඩි තබා මරාදැමීමට පටන් ගත් අතර ඒ හේතුවෙන් මේ වන විට 400 කට අධික පිරිසක් ඝාතනයට ලක් වී තිබේ. එමෙන්ම 1000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට තුවාලකරුවන් නිතර රැගෙන එන අතර රෝහලේ හදිසි වාට්ටුව ලේ විලක් බවට පත් ව ඇති බවත් ප්‍රතිකාර නොලැබ මිය යන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් වාර්තා වෙනවා.

    ආධාර ට්‍රක් රථ සමීපයට මිනිසුන් ළඟා වෙද්දී පූර්ව දැනුම්දීමකින් තොරවම ඊශ්‍රායල හමුදා ඔවුන්ට වෙඩි තබන බව සාක්ෂිකරුවන් පවසනවා. පලස්තීන සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNWRA) ප්‍රධානියා මෙය “මරණයේ උගුලක්” බව ප්‍රකාශ කර සිටියා. UNWRA ප්‍රධානියා වන Phillippe Lazzarini අඟහරුවාදා ( ජුනි 24) ප්‍රකාශ කර සිටියේ ගාසා තීරයේ ආහාර බෙදා දීමේ ක්‍රියාවලිය මානුෂීයත්වයට අවමන් කරන පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය GHF හා වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එය හමුදා අරමුණුවලට ඉඩ සලසන බව පවසමින්. මේ අතර ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම තවත් කණ්ඩායම් 14 ක් හා එක්ව ගාසා තීරයේ හමුදාකරණය වූ මානුෂීය ආධාර මෙහෙයුම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටියා.

    Al Jazeera ඇසුරිනි –

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page