Interviewsරැලි කොණ්ඩයක් තිබුන ඒ පුංචි කෙල්ල දිහා මං බලාගෙන...

රැලි කොණ්ඩයක් තිබුන ඒ පුංචි කෙල්ල දිහා මං බලාගෙන හිටියා – Gangubai Kathiawadi

-

spot_img

ඇය ලිංගික ශ්‍රමිකයෙක්. මාෆියා නායිකාවක්. මේ කතාව ඇය ගැන. සුප්‍රකට Gangubai Kathiawadi ගේ කතාව රැගත් Gangubai Kathiawadi චිත්‍රපටය ගැන. සංජේ ලීලා බන්සාලිගේ Gangubai වූයේ ආලියා භාත්. මේ චරිතය සඳහා ඇයව තෝරාගැනීම බොහෝ අයට ප්‍රශ්නයක් වූ අතර ඒ ප්‍රශ්නයට පිළිතුරු දැන් ලැබී තිබේ. ඒ පසුගිය Filmfare සම්මාන උළෙලේ දී හොඳම නිළිය ඇතුළු සම්මාන රැසකින් Gangubai Kathiawadi චිත්‍රපටය පිදුම් ලැබීමත් සමගින්.මේ, සංජේ ලීලා බන්සාලි සමගින් අනූපමා චොප්රා Film Companion සඳහා සිදුකළ කතාබහක්.

• ආලියා මට කිව්වා ඇයට ඔබව මුල්වරට මුණගැහෙනකොට ඇගේ වයස අවුරුදු නවයයි කියලා.    ඔබ ඇයව ගංගුබායි ලෙසින් දකින්න පටන්ගත්තෙ කුමන අවස්ථාවක දී ද?

ඇය ඇගේ අම්මත් එක්ක මං හමුවෙන්න එනකොට (පළමු වරට) ඇගේ වයස අවුරුදු නවයයි. රැලි කොණ්ඩයක් තිබුන ඒ පුංචි කෙල්ල දිහා මං බලාගෙන හිටියා. ඇයත් මා දෙස බලා සිටියා. ඈ තුළ විශේෂත්වයක් තිබුනා. ඒ අවස්ථාවෙ අපි ගත්තු ෆොටෝ එකක් මම ආලියාගෙ පහුගිය උපන්දිනයට යැව්වා. ඈ සිටියේ මා සමග වැඩ කිරීමේ උනන්දුවෙන්. ඉතිං මං තීරණය කළා ගංගුබායි විය යුත්තේ ඇය කියා. ගොඩක් අයට ඒක ගැටළුවක් වුනා. ආලියා මේ වැඩේ භාර ගන්න එකක් නැහැ කියලා සමහරු හිතුවා. ගංගුබායි පිටපත මම ලිව්වෙ මීට අවුරුදු හතකට කලින්. මම මේ ගැන ඇයට කිව්වාම ආලියා තුශ්නිම්භූත වුනා.’මට එය කරන්න පුලුවන් කියලා ඔබ හිතනවාද?’ ඇය මගෙන් ඇසුවා. මම කිව්වා ‘අනිවාර්යයෙන්ම පුලුවන් ‘ කියලා. පහුවෙනිදා ඇය මාව හමුවෙන්න ඇවිත් ‘ඔබ මට කරන්න කියන දේ මම හරියටම කරන්නම්,ඔබ එය විශ්වාස කරන්න. එතකොට මටත් ඒ ගැන විශ්වාසයක් දැනේවි’ යැයි පැවසුවා. මම ඇගේ ඇස්වලින් ගංගුබායි ව දැක්කා. මට අවශ්‍ය දේ ආලියා හරියටම තේරුම් ගත්තා. ඇය බුද්ධිමත්. අපහසුතාවන්ට ඈ නොබියව මුහුණ දුන්නා. රංගන ශිල්පිනියෙකුට ශිල්පියෙකුට චරිතයට පිවිසීමට නිදහස ලබා දෙන්න ඕනේ. මම ඒ නිදහස දුන්නා,ඇයව වැඩි දියුණු කලා. ඇය මා ගැන විශ්වාසය තැබුවා. තරුවක් කියලා විශේෂ පැවැත්මක් නැති,අනවශ්‍ය බඩු බාහිරාදිය නැති තරුවක් සමගින් දින 150ක් වැඩ කරන්න ලැබීම,සත්‍යවශයෙන්ම විශිෂ්ඨ අත්දැකීමක්!

• ඒත් සංජේ,ඇත්තටම හැමෝම කියන්නෙ ආලියා පුංචි ගැහැණු ළමයෙක් වගේ කියලා. ඒ ගැන      ඔබේ අදහස මොකක්ද?

මට ඈ ගැන විශ්වාසයක් තිබුනා.අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම කැමති නෑ නිතරම උපදෙස් දෙන්න. මං හිතන්නෙ ඒකෙන් රංගන ශිල්පියාගේ පරිකල්පනය සීමාවෙනවා. මම චරිතය ගැන විස්තර කර දෙනවා. චරිතය පැමිණිය යුත්තේ ඈ තුළින්. ඇයට ජාත්‍යන්තරය ජය ගත හැකියි. ඉන්දියාව අභිමානයට පත් කිරීමේ හැකියාවක් ඈ සතුයි. මං හිතන්නේ ඈ ආලියා භාත් යනු කවුරුන්දැයි නිවැරදිව දැනගත්තා.

 

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you