ArtElio පිටසක්වළකින් හරි අපිට ඕනෙ හිත හදන බැඳීමක්

Elio පිටසක්වළකින් හරි අපිට ඕනෙ හිත හදන බැඳීමක්

-

spot_img

Elio – දෙනෝදාහක් අතර හිටියත් සමහරවිට අපිට ලොකු තනිකමක් දැනෙන වෙලාවල් තියෙනවා. අපි වෙනුවෙන් කවුරුවත් නැහැ කියන ඒ හැඟීම මනුස්සයෙක්ට දරාගන්න අමාරු හැඟීමක්. ඒ වෙලාවට අපිට හිතෙනව පිටසක්වළට ගිහින් හරි යාළුවෙක් හොයාගන්න. අපේ හිත සනසන බැඳීමක්.

Elio

එකොළොස් හැවිරිදි Elio ට ත් මේ හැඟීම දැණුනා. එයා ජීවත්වුණේ එයාගෙ නැන්දා Olga එක්ක. ඇය ඔහුට ආදරේ වුණත් ඇගේ වැඩ රාජකාරි එක්ක ඔහුට ඒක ඒතරම් දැණුනෙ නැහැ. Elio ගෙ ලොකුම ආසාව වුණේ අභ්‍යවකාශයට යන්න, පිටසක්වළ ජීවීන් ඉන්නවද කියලා හොයාගන්න එක. පිටසක්වළ ජීවීන් ඇවිත් තමාව පැහැරගන්නවනං කියලා ඔහු හිතුවා. හිතුව විතරක් නෙමේ ඔවුන්ගෙ අවධානය ගන්න එක එක දේවල් කළා. මේ ලෝකේ යාළුවො නැති ඔහු හිතුවා එහෙන් හරි යාළුවෙක් හොයාගන්න. ටිකක් විතර මුරණ්ඩු Elio දිගටම උත්සාහ කළා. එක දවසක්, ඇත්තටම පිටසක්වළ ජීවීන් ඇවිත් ඔහුව අරගෙන ගියා. මේ කතාව Elio ගෙ ඒ Journey එක ගැන.

Elio

 

 

I Just Wanna Belong Somewhere …

Elio

ජීවිතේ ඇතුලෙදි අපි හොයන්නෙ හිමිකමක්. අයිතිවෙලා ඉන්න තැනක්. ජීවත්වෙන බව දැනෙන්නෙ එතකොට. බැඳීමක්, යහළුකමක් නැතිවුණාම අපිට හිස්කමක්, අරමුණු රහිත බවක් දැනෙනවා. හරියට space එකේ පාවෙනව වගේ. වෙනත් ග්‍රහලෝකයක් තරම් ඈතට හිතුවත්, අපිට ඕනෙ කෙනා ඉන්නෙ පිටසක්වළ කියලා හිතුවත් අපි තේරුම් නොගත්තට ඒ ආදරෙ අපිට ආදරෙන් අපි ළඟම ඉන්නව. විශ්වය පුරාම හොයලා හරි අපි, අපිව අයිති තැන සොයාගන්න ඕනෙ. ආදරේ තියෙන්නෙ එතැන, අපි අයිති එතැනට!

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

රත් දෝතළු – 67

රත් දෝතළු - 67 විහඟ මේ කුමක් කියනවාද කියා මට සිතාගන්නට නොහැකිය. ඔහු කරන්නේ විහිළුවක් නොවන බව ඔහුගේ මුහුණින්ම මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you