More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsElectricity and Fuel විදුලි බිල පහළට ඉන්ධන මිළ ඉහළට

    Electricity and Fuel විදුලි බිල පහළට ඉන්ධන මිළ ඉහළට

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Electricity and Fuel – අද [ජුලි 1] සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර,ඔක්ටේන් 92 පෙට්‍රල් මිළ සහ සුපිරි ඩීසල් මිළ ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

    මේ අනුව, පහත පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කෙරේ.

    ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා සියයට 65 කින් ගාස්තු පහළ යන අතර, ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වාත්,ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා ත් පහළ දමා තිබෙනවා. මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙන අතර ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙනු ඇත. මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා පහළ දැමීමට තීරණය කර තිබෙනවා. . ආගමික ස්ථාන සදහා සියයට 16 ක ගාස්තු අඩු වීමක් ද, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 30 සිට 10 දක්වා පහළ දැමීමක් සිදු කර තිබෙන අතර හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්ද ,කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්ද, සිදු කර ඇත. ,වාණිජ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 5කින් සහ රජයේ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 1කින් පහළ දමන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    ඉන්ධන මිළ ඉහළ යෑම සහ පහළ දැමීම සිදුවන්නේ පහත පරිදිය.

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දමා දැමෙන අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද, ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ක්ද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක්ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත්වනවා.

    Latest news

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 11

    Hima Mal Renu හිම මල් රේණු නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක්...

    Hima Mal Renu හිම මල් රේණු – 10

    Hima Mal Renu හිම මල් රේණු පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page