Deshabandhu Tennakoon – දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඒ අනුව, එම යෝජනාවට පක්ෂව ඡන්ද 177 ක් හිමිවූ අතර යෝජනාවට විරුද්ධව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.



