Featuresලෝකයේම අවධානය දිනු වඳුරු පැටියාගේ කතාව

ලෝකයේම අවධානය දිනු වඳුරු පැටියාගේ කතාව

-

spot_img

ලෝකයේම අවධානය දිනු වඳුරු පැටියාගේ කතාව

සමහරවෙලාවට වචන දාහකට වඩා අපිට ඕනෙ එකම එක උණුසුම් වැළඳ ගැනීමක්. ආදරේ කියන්නෙ එවැනි හිත නිවන, සනසන හැඟීමක්. හුස්ම ගැනීම තරම්ම, ආදරය, කරුණාව, තවකෙකුගේ උණුසුම අපිට අවශ්‍යයි. මිනිස්සුන්ට විතරක් නෙමේ, මේ ලෝකෙ ඉන්න හැම ජීවියෙක්ටමත්. ආදරේ කියන්නෙ අපි කාටත් දැනෙන දෙයක්. විශ්වයේ භාෂාව ආදරේ. ආදරේ පාඩම අපි ඉගෙන ගන්නෙ අම්මගෙන්. කුස තුළට ආව දවසෙ ඉඳලම උණුසුමත්, රැකවරණයත් දීලා අපිව ලොකු මහත් කරන්නෙ අම්මා. දරුවෙකුට මවකගේ උණුසුම අහිමිවීම තරම් වේදනාවක් වෙන කොහෙන් ද? 

punch

තමන්ටත් වඩා ලොකු, දුඹුරුපාට සෙල්ලම් ඔරංඔටන් කෙනෙක් අරන් එහෙ මෙහෙ යන පුංචි වඳුරු පැටියෙක් ගැන social media වල මේ දවස්වල හැමෝම කතා වෙනව. කවුද මේ වඳුරු පැටියා? දැක්ක ගමන් හරිම හුරතල් දර්ශනයක් කියලා හිතුනත්, මේ වඳුරු පැටියගෙ කතාව ගොඩක් දුක්බරයි.

පන්ච් (Punch) කියන මේ වඳුරු පැටියා ඉපදෙන්නෙ 2025 ජූලි 26 වැනිදා ජපානයේ ටෝකියෝවල ඉචිකාවා නගර සත්වෝද්‍යානයේ. අම්මලා තමන්ගෙ දරුවන්ට පණටත් වඩා ආදරේ වුණත් අම්මගෙ ආදරේ ලබන්න තරම් පන්ච් වාසනාවන්ත වුණේ නැහැ. ඉපදුණ ගමන්ම වගේ පන්ච්ගෙ අම්මා තමන්ගෙ පැටියව අත්හැරලා දැම්මා. සාමාන්‍යෙන් මේ macaque කියන වඳුරු විශේෂය තමන්ගෙ පැටවුන්ට බොහොම ආදරේ කරමින්, රැකවරණය සපයමින්, විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරමින් සහ, උණුසුම, පෝෂණය ලබා දෙමින් පැටවුන්ව උස් මහත් කරත්, පන්ච් සම්බන්ධ තත්වය වෙනස් වෙලා තිබුණා. මවගෙ උණුසුම නොමැතිකම නිසා පැටියා හිටියෙ ජීවිත අවදානමක. ඒ නිසා සත්වෝද්‍යානය කාර්ය මණ්ඩලය පන්ච්ව බලා කියාගත්තා. වඳුරු අම්මෙක් තමන්ගෙ පැටියෙක්ට ලබා දෙන ආදරේ දෙන්න ඔවුන් හැකි උපරිම උත්සාහ කරා. ඒත් මේ ලෝකෙ මොන දේටද අම්මෙක්ගෙ ආදරේ සම කරන්න පුළුවන් වෙන්නෙ?

punch

කෑම බීම, බෙහෙත් මේ දේවල් ලබා දුන්නත් පන්ච්ට උවමනා මව් සෙනෙහස සපයන්න විදිහක් නොමැති නිසා ඔවුන් දුඹුරු පැහැ විශාල ඔරංඔටන් සෙල්ලම් බඩුවක් පන්ච්ට ගෙනවිත් දුන්නා. එතැන් පටන් පන්ච්ගෙ යාළුව වුණේ මෘදු, දිග ලොම් තියෙන සෙල්ලම් ඔරංඔටන්ව. පන්ච් නිතරම ඒක ළඟ තියාගත්තා. එහෙ මෙහෙ අරන් ගියා. ගොඩක් වෙලාවට එයට තුරුල්වෙලා නිදාගත්ත, අම්මගෙ තුරුලෙ නිදියනව වගේ. සෙල්ලං ඔරංඔටන් පන්ච්ගෙ ජීවිතේම වෙලා තිබුණා. සෙල්ලම් බඩුවත් අරන් එහෙ මෙහෙ යන, තුරුල්වෙලා ඉන්න පන්ච්ව social media වල viral වුණේ ඊට පස්සෙ. ලෝකය පුරාම මිනිස්සු මේ පුංචි වඳුරු පැටියගෙ කතාව අහල බලලා සංවේදී වුණා. පන්ච්ගෙ ඡායාරූප හැම තැනම share වෙන්න ගත්තා. පන්ච් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත්වුනේ බොහොම ඉක්මනට.

punch

කණගාටුවට කරුණ වෙන්නෙ පන්ච්ව අත්හැරල දාලා තියෙන්නෙ ඔහුගෙ මව පමණක් නෙමේ. රැලේ අනිත් වඳුරනුත් පැටියව ප්‍රතික්ෂේප කරා. සමහරවෙලාවට වැඩිහිටි වඳුරන් පන්ච්ට හිරිහැර පවා සිදුකළා. හුදකලාව සිටීම හැර තමන්ගෙ අය හා එක්වීම පැටවාට කළ නොහැකි දෙයක් වී තිබුණා. වඳුරන්ගෙ සමහර හැසිරීම් පන්ච්ට ආදරේ අයව කෝපයට පත් කළත්, සත්වෝද්‍යාන කාර්යමණ්ඩලය පවසා තිබුණේ එය බරපතළ දෙයක් නොවෙන බවයි. එමෙන්ම මේ වෙනකොට පන්ච් ක්‍රම ක්‍රමයෙන් තම රැලට හැඩ ගැසෙමින් සිටින බවත් ඔවුන් පවසනවා. සමහරවිට ඉදිරියේදී පන්ච් සිය ආදරණීය ඔරංඔටන්ව අමතක කර දමාවි.

මේ කතාව viral වීමත් සමග, ලොව පුරා ජනතාව ඉචිකාවා නගර සත්වෝද්‍යාන වෙත පැමිණියා. තෑගිද රැගෙන ඔවුන් පන්ච්ව බැලීමට පැය ගණන් පෝලිම්වල කල් ගත කළේ මේ පුංචි වඳුරු පැටවාට මොන තරම් ආදරයක් ලැබී ඇතිද යන්න සනාථ කරමින්. ඇතැමුන් පවසන්නේ පන්ච්ගේ කතාව ඔවුන්ගේ ජීවිතවලට ශක්තියක් එකතු කෙරූ බවයි. පන්ච්ගේ කතාව ලෝකයට සිහිපත් කරන්නේ ආදරය ගැන නොවේද? ඩිජිටල් ලෝකයක, කාර්යබහුල, සොබාදහම ගැන නොසිතන ලෝකයක, දෙනෝදාහක් දෙනා මැද වුවද තනිකමේ සිරව, බැඳීමක උණුසුම සොයනා මිනිසුන් ගැනම නොවේද? මෙලොව හැම ජීවියෙකුටම අවැසි ආදරයයි.

Latest news

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...
- Advertisement -spot_img

අපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ

අපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ - Suniel Shetty  90 දශකයේ බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල වීරයා ඔහුයි. මතක හිටින රංගනය, සටන්...

රත් දෝතළු – 62

රත් දෝතළු - 62 කම්මුල් තෙමාගෙන ගලායන කඳුළු නවතාගන්නට නොහැකිය. විශාකා මහත්මියගේ කම්මුල් පහරේ වේදනවාට වඩා මා සිත වේදනාවට පත්වූයේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you