SportsICC Under 19 World Cup සිම්බාබ්වේ සමග තරඟයෙන් ශ්‍රී...

ICC Under 19 World Cup සිම්බාබ්වේ සමග තරඟයෙන් ශ්‍රී ලංකා පිලට ජය

-

spot_img

ICC Under 19 World Cup තරගාවලියේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ සිම්බාබ්වේ 19 න් පහළ කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි හිදී ඊයේ (21) පැවැති තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබාගත්තා. පන්දුවට පහරදීමේදී දිනුර කළුපහණ පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 60 ක් ලබාගත්තා. ලකුණු 88 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශාරුජන් ශන්මුගනාදන් සමග එක්ව පන්දු 72 කදී ලකුණු 80 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනුර සමත් විය. පන්දු 40 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 41 ක් ලබාගත් ශන්මුගනාදන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය අතර ඕවර 13.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව නැවත තරගය ආරම්භ වන අවස්තාවේ සිම්බාබ්වේ පිලට ඕවර 24 කදී ලකුණු 129 ක් ලබාගැනීමට තිබු අතර, ඕවර 21.1 ක් අවසානයේ ඔවුන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති ඕවර 4 ක් යවා ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. රුවිෂාන් පෙරේරා සහ විෂ්ව කඩුලු 2 බැගින් දවාගත්තා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා - The Death of Robin Hood රොබින්හුඩ් යනු දශක කිහිපයක පටන් ලෝකයේ සෑම තැනකම ලොකු...

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you