Interviewsජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා

ජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා

-

spot_img

ජීවිතේ පුරාම වේදනාව තිබුණත් මම නටනවා – Shakira

සිය දිව්‍යමය හඬින්, කොළොම්බියානුවන්ට උරුම වූ ආකර්ෂණීය නර්තන විලාශයෙන් සේම සුන්දර පෙනුමෙන් ලොවම වසඟ කරන්නට ඇයට හැකි වුණා. ශකිරා යනු ලොවක් වසඟ කෙරූ පොප් ගායිකාවක් පමණක් නොවේ. ජාත්‍යන්තර සංගීතයේ නිම් වළලු පුළුල් කෙරූ අපූර්වතම සළකුණක්. ශකිරාගේ නවතම ඇල්බමය Las Mujeres Ya No Lloran (Women No Longer Cry) ලොව පුරා මිලියන ගණන් රසිකයින් වසඟ කළ අතර ඒ සමග සිදු කළ ලෝක සංචාරය ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයන ලතින් සංචාරවලින් එකක් බවට පත්වුණා. මේ ඇය Vanity Fair Italia සමගින් සිදුකළ කතාබහක්.

• ඔයාගෙ අලුත්ම world tour එක ඉතිහාසය වෙනස් කරා. ලෝකෙ පුරා අලෙවි වාර්තා බිඳ දැම්මා වගේම Billboard award එක හිමි කරලා දුන්නා. ඒ Tour එකෙන් ඔයාට මොනවද ලැබුණෙ?

මතකයේ රැඳෙන ගොඩක් දේවල්.

• ඒ කිව්වෙ?

ආටිස්ට් කෙනෙක්ට තමන්ගෙ රසිකයොත් එක්ක ගැඹුරු බැඳීමක් තියෙනවා. මේ tour එක ඒ ගැන මට තව තවත් තේරුම් කරලා දුන්නා. ඒක සෑහෙන කාලෙක ඉඳලා දැනෙන ආදරයක්. බැඳීමක්.

Shakira

• සාමාන්‍යයෙන් බැඳීම්වලට දීමක් සහ ගැනීමක් ඇතුළත් නෙ. ඔයා රසිකයින්ට හැඟීම් ගොඩක් දුන්නා. ඔවුන්ගෙන් ඔයාට ලැබුණෙ මොනවද?

මගෙ අමාරුම මොහොතවල පවා ඔවුන් මට ලොකු ශක්තියක් වුණා. ඔවුන් මාව විශ්වාස කරා. ආදරේ දුන්නා වගේම මාව තේරුම් ගත්තා.

• ඔයා එයින් අදහස් කරන්නේ මොකක්ද?

අවුරුදු 30 කට පස්සෙ වුණත්, තවමත් නොවෙනස්ව ආදරය ලැබීම වෙලාවකට පුදුමයක්. ඒ ආදරේ ගැන දන්න නිසාම මට මගේ වෘත්තීය ජීවිතේ ගැන හොඳ අවබෝධයක් ලැබුණා. හැම රෑකම ස්ටේජ් එකට නැග්ගම එයාලගෙ මුහුණු සතුටින් දිලිසෙනව, ඔවුන් හැඟීම්බර වෙනව, විනෝද වෙනව, එතකොට මට මම ජීවත්වෙනව කියලා දැනෙනවා.

• ඉතින් සංචාරය කරන එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා?

හැමෝම වගේ මාත් පාඩු, බලාපොරොත්තු සුන්වීම, දුක, පාවාදීම වගේ අමිහිරි දේවල් විඳලා තියෙනව. ඒත් නොලැබුන දේවල් ගැන දුක් වෙනවට වඩා ලැබිල තියෙන දේවල්වලට මම ස්තුතිවන්ත වෙනවා. මම ධනාත්මකව හිතන්න උත්සාහ කරනවා. සෑහීමට පත් නොවන එක මිනිස් ස්වභාවය. අපි හැමෝටම තව තවත් අවශ්‍යයි. අපට කාර් එකක් තියෙනවා, නමුත් අපට ඕන ඊට වඩා හොඳ එකක්. ගෙයක් තියෙනවා, අපට ඕනෙ ඊට වඩා ලොකු එකක්. ඉතින් අපි කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නැහැ.

Shakira

• දැන් මොකද වෙන්නේ?

මට දැනටමත් ගොඩක් දේවල් තියෙනවා කියලා මට දැනෙනවා. මගේ දරුවන්ගේ ආදරය, මගේ රසිකයන්ගේ ආදරය. මම හැම රාත්‍රියකම වේදිකාවේ මා ආදරය කරන දේ කරනවා. මම මේ මොහොත උපරිමයෙන් භුක්ති විඳීමට කැමතියි. ඉතින්, ඔව්.මේ ප්‍රසංග මට ජීවිතය ගැන අලුතෙන් හිතන්න කියල දෙනවා.

• ඇත්තටම!

ඉස්සර මම “මට මේක ඕනේ, මට ඒක ඕනේ” වගේ දේවල් කිව්වා. නමුත් ජීවිතේ මට සමහර පාඩම් ඉගැන්නුවා. සමහර වෙලාවට ඔයාට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ, නමුත් ඔයාට පුළුවන් ඒ දේවල් ලබාගන්න. මට ලැබෙන්නෙ ඒක. මට අවශ්‍යම දේ.

• මොනවද ඔයාට අවශ්‍ය ?

ජීවිතය ගැන දැක්මක් සහ පැහැදිලි බවක්. ආටිස්ට් කෙනෙක් විදිහට ඒක මගෙ වගකීමක් කියල මම විශ්වාස කරනවා. මේ සංචාරයේදීත් අපට අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. මගේ මුළු ජීවිතේටම තිබුන ලොකුම ටුවර් එක. නමුත්, මම දැන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙන නිසා අවුරුදු කිහිපයකට කලින් මම ළඟ නොතිබුනු විදිහේ දැක්මක් සහ පැහැදිලි බවක් තියෙනවා.

• Spotify මෑතකදී ඔබේ සංගීත දිවියේ ප්‍රධාන සන්ධිස්ථාන දෙකක් සැමරුවා. ආපසු හැරී බලන විට, ඔයාව වඩාත් පුදුමයට පත් කරන්නෙ මොකක්ද?

අලුත් පරම්පරාව. මගේ අලුත් සිංදු අහන තරුණ අය මම දකිනව. මගේ පැරණි ජනප්‍රිය ගීත සහ මගේ වර්තමාන ගීතවලට ආස යෞවනයන් දැකීමත් ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ දෙමාපියන් දැකීම, මේ පරම්පරා වලින් ලැබෙන ආදරේ නිසා මට දැනෙන්නෙ මම ඩයිනසෝර් කෙනෙක් කියලා. ප්‍රසංගවලදී මම පරම්පරා තුනක අය දකිනව. අම්මලා, තාත්තලා, දරුවො, සමහරවෙලාවට ආච්චිලා සීයලත්. ඒක හරියට ඩිස්නි චිත්‍රපටයක් වගේ අත්දැකීමක්. [සිනාසෙයි]

Shakira

• ඔයා ජීවිතේ විශිෂ්ඨ දේවල් අත්කරත් කෙනෙක්

Barranquilla වගේ තැනක ඉඳන් ඇවිත්, ලතින් මියුසික් ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවලින් එහාට ජනප්‍රිය නොවූ සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා නොවූ කාලෙක මම කිසිවක්ම නොතිබුණ කොලොම්බියානු පවුලක කෙල්ලෙක්. මගේ තාත්තාගේ ව්‍යාපාරය නැති වෙලා තිබුණා. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න, මට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මගේ දෙමව්පියො මට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. මම සුඛෝපභෝගී ජීවිතයක හැදී වැඩුණේ නැහැ, මට සම්බන්ධතා තිබුණේ නැහැ. සමාජ මාධ්‍ය තිබුණේ නැහැ, මගේ ඉලක්ක සපුරා ගන්න ශෝට් කට් තිබුණේ නැහැ. අව්වේ ගල් කැටයම් කරනවා වගේ මට සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා.

• හැමදේම අතාරින්න හිතුන අවස්ථා තිබුණද?

මම සිහින මැව්ව හැම දෙයක්ම ළඟා කර ගන්න බැරි බවක් දැනුනා. ඒත් මගේ ඇතුලෙ විශ්වාසය තිබුණා. මම මාව විශ්වාස කරන එක නතර කරේ නැහැ.

• ඒ පුංචි ගෑණු ළමයව ආයෙ හමුවෙන්න පුළුවන් නම් ඔයා ඇයට මොනවද කියන්නෙ?

ඔයා හරි මාර්ගයේ යනවා. දිගටම යන්න. ඒක වටිනවා. ඔයාව විශ්වාස නොකරන අයට ඇහුම්කන් දෙන්න එපා. දිගටම ඉස්සරහට යන්න. දවසක ඔයා සාර්ථක වෙනවා.

• අද ඔයාට කොහොමද දැනෙන්නේ?

මට තාමත් පටන් ගත්තා විතරයි වගේ දැනෙනවා. ඒක පිස්සුවක් නේද? මට පළමු දිනයේ තිබුණු ආශාව, ශක්තිය සහ උද්යෝගයම තාමත් තියෙනවා. වෙනදටත් වැඩියෙන්. දුක් විඳින අතරතුර පවා, කිසිදා සම්පූර්ණයෙන් සුව නොවන තුවාලයකින් පවා සතුටක් දැනෙන්න පුළුවන් බව මම ඉගෙන ගත්තා.

• ඒ තුවාලය දැන් සුව වෙලාද?

සුව කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නැහැ. මම හිතන්නෙ ඒක පරිණාමය වෙනවා. ආදරයක්, මිතුරනුත් අවශ්‍යයි. මිතුරෙකු මුණගැසෙන තුරු මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. ඔවුන් ඇත්තටම අපේ ජීවිතේ බේර ගන්නවා. මට පුදුමාකාර මිතුරන් ඉන්නවා.

• කුණාටුවකට මුහුණ දුන් කාන්තාවක් විදිහට අපිට ඔයාව හඳුන්වන්න පුළුවන්ද?

මම ආදරය කළ අය, මම විශ්වාස කළ අය මට අහිමි වෙලා තියෙනව. මම රැවටීමේ, පාවාදීමේ වේදනාව දන්නවා. අපි ඒ වේදනාවලට බයයි. මම ඒ හැමදේම අත්විඳලා ජීවිතේ බේරගත්තා. ඒවා මාව තව තවත් ශක්තිමත් කරා.

• නමුත් ඒ තුවාල සුව වෙලාද එහෙම නැද්ද?

සමහර විට නැහැ.

• ඔහ්!!

සමහර විට මම කවදාවත් සම්පූර්ණයෙන්ම සුව වෙන එකක් නැහැ. මතක් කිරීම පවා වේදනාවක් වෙන දේවල් තියෙන්න පුළුවන්. නමුත් වේදනාවක් මැද වුණත් තාමත් සතුටින් ඉන්න පුළුවන් වග මම ඉගෙන ගත්තා. හරියට ඔයා පාටි එකකට යනකොට වගේ. ඔයාගෙ කකුල්වල බිබිළි තියෙනව. ඒත් ඔයාට තාමත් නටන්න පුළුවන් නේද? මට දැනෙන්නෙ එහෙම. ජීවිතේ පුරාම, වේදනා තිබුණත් මම නටනවා.

Shakira

• වේදනාව බොහෝ ආකාරවලින් පැමිණෙනවා

එක එක විදිහෙ වේදනාවන් තියෙනව. සමහරක් අමතක කරන්න අමාරුයි. තවත් සමහරක් දරාගන්න පුළුවන්. මම හිත හදාගත්තෙ මට ලැබිලා තියෙන දේවල් ගැන හිතලා. ජීවිතේ හරියට ගණිත සමීකරණයක් වගේ. එක පැත්තකින් අඩු වෙන දේවල් අනිත් පැත්තට එකතු වෙනවා.

• ඔයාට සතුටක් දැනෙනවද?

සතුට කියන්නෙ තෝරා ගැනීමක්. බාහිර දේවල් සමග ඒකට තියෙන්නෙ සුළු සම්බන්ධකමක්.

• වේදනාව ඇති විට පවා?

ඔව්. වේදනාව ඇති විට පවා. ඔයාගෙ කළකිරීම, බලාපොරොත්තු සුන්වීම ඉක්මවලා හිනාවකින් හෙට දවස දිහා බලන්න පුළුවන් වුණොත් ඔයා ඇත්තටම නිදහස්.

• අද වෙනකොට ශකීරා කියන්නෙ කවුද?

ඒ ප්‍රශ්නය මාව හිතන්න පොළඹවනවා. ඔයා දන්නවද? පුහුණුවේදී මම කපිතාන්වරියක් කියල හිතනවා. කුණාටුවක් මැද, හිරු තියෙන ස්ථානය සහ අයහපත් කාලගුණය ඇති තැන ගැන තෝරගන්න තරම් බුද්ධිමත් වෙමින් නැව මෙහෙයවන හැටි මම ඉගෙන ගනිමින් ඉන්නවා. මම සූදානමින් ඉන්නවා. ජීවිතේ විශිෂ්ඨ ගුරුවරයෙක්. කාලය හැමදේම යහපත් කරනවා.

Shakira

• ලතින් ජාතිකයෙකු විදිහට සංගීත ලෝකයේ තැනක් හදා ගැනීමේදි මුහුණ දුන් අභියෝග මොනවද? ඒ කාලෙ සහ දැන් ක්ෂේත්‍රය මොනතරම් දුරට වෙනස් වෙලාද?

අද ඒක ලේසියි. ඉක්මනින් පිළිගන්නවා. මම පටන් ගත්ත කාලෙට වඩා ලෝකය ගොඩක් පුංචි තැනක් බවට පත්වෙලා තියෙනවා. ඒ කාලෙ මට ගුවන් විදුලි මධ්‍යස්ථාන වලට යන්න වුණා. එක්සත් ජනපදයේ, කොලොම්බියාවේ, දකුණු ඇමරිකාවේ, ඉතාලියේ හැම තැනකම. මම මට කරන්න පුළුවන් හැමදෙයක්ම කරා. ශෝට් කට් තිබුනෙ නැහැ. මගේ පෞද්ගලික අත්දැකීම් ගැන ගීත ලිව්වා. නිෂ්පාදනය කරා. ඇල්බම් හැදුවා. මේවට ලොකු කාලයක් වැය වුණා. ඇල්බම් එකක් රිලීස් වුණාම මාස ගාණක් ඒක ප්‍රමෝට් කරන්න වැඩ කළා. සංචාරය කරා. ඒක සර්කල් එකක් වගේ. නතර වීමක් තිබුණෙ නැහැ.

• ඔයා හිතන විදිහට ඔයා ලබා ගත්තෙ මොනවද?

මම ඉස්සෙල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් ලියල සිංදු කිව්වා. ඒ කාලෙ ලතින් හෝ කොලොම්බියානු කලාකරුවන් අඩුයි. එක්සත් ජනපදයෙන් පිටත උපන් ගායිකාවන් ගැන සඳහන් නොකරම බැහැ. එක්සත් ජනපදයේ හෝ ඉංග්‍රීසි කතා කරන වෙළඳපොළවල සංගීතය ප්‍රවර්ධනය කළේ ඔවුන්. මම ඇත්තටම බාධක බිඳලා දාන්න උත්සාහ කළා. ලතින් ජාතිකයින්ට තිබුණ බාධක.

• ඒක කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා මට හිතාගන්න පුළුවන්.

මම මුලින්ම ක්ෂේත්‍රයට ආවම “ශකිරා තමයි කොලොම්බියාවේ දෙවන හොඳම අපනයනය” වගේ කැත කතා තිබුණා. ඔයා දන්නවා ඔවුන් අදහස් කළේ කොලොම්බියාව ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා පමණක්ය කියන කතාව. ඒවගෙන් මට රිදුණා. ඒත් ඒවා මට ශක්තියක් වුණා.

• ශක්තියක් වුණා?

ඒක මගේ එන්ජිමට ඉන්ධන වගේ. මට ඇත්තටම ඕන වුණා ඔවුන් වැරදි බව ඔප්පු කරන්න. මගේ රටේ ජනතාවගේ වෙනස් පැත්තක් පෙන්වන්න කොලොම්බියානුවන්, ලතින් ජාතිකයන්. මගේ මුළු ගමනම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ගැන. ඒ වගේම මගේ පදනම වෙන Fundación Pies Descalzos දරුවන්ට උපකාර කරනවා. අද වෙනකොට ස්පාඤ්ඤ සංගීතය ලෝකය වසඟ කරලා තියෙනව. නමුත් මම පටන් ගන්න කාලේ ඒක වෙනස්ම තැනක තිබුණෙ.

• ශකිරා, මට කියන්න ඔබ තාමත් ආදරය විශ්වාස කරනවාද?

ඔව්, මගේ අම්මා මගේ තාත්තා දිහා බලන විදිහ දකින විට ආදරේ කියන්නෙ සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියල මට දැනෙනවා.

• හරි, ඒත්..?

ඒත්, ආදරේට විවිධ ආකාර තියෙනවා. මා වටා ඇති තරම් ආදරේ තියෙනව. දැන් මට සැමියෙක් නැහැ. නමුත් රසික ආදරේ ලැබෙනවා. ජීවිතේ එක් පැත්තකින් ගන්නව අනෙක් පැත්තෙන් ආපහු ලබා දෙනව. මම කලින් කිව්වා වගේ, ඒක ගණිත සමීකරණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...
- Advertisement -spot_img

රත් දෝතළු – 58

රත් දෝතළු - 58 විහඟ මා සිටි දෙසට එනු දුටු මම වහා බංකුව මතින් නැඟී සිටියේ ඔහු මඟහැර ගෙතුළට ඒමට...

කෑම මේසයට රසවත් වෙනසක් – පොලොස් අච්චාරු

කෑම මේසයට රසවත් වෙනසක් - Polos pickles පෝෂණ ගුණයෙන් වගේම රසෙනුත් ඉහළ කෑමක් තමයි පොලොස්. සාමාන්‍යයෙන් පොලොස් හදන්නෙ කරි විදිහටනේ....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you