Artඝාතකයන් හදන්නෙ සමාජය විසින්මයි

ඝාතකයන් හදන්නෙ සමාජය විසින්මයි

-

spot_img

ඝාතකයන් හදන්නෙ සමාජය විසින්මයි – Maargan (2025)

මිනිස්සු අතර වෛරය පැතිරෙන්න සමාජය විසින් පනවන විවිධ සීමා හේතු වෙනවා. උස් – පහත්, සුදු – කළු , ජාතීන්, ආගම් කාරණා මුල් කරගෙන මිනිසුන් තමන් අනිත් අයට වඩා උසස් බව හිතමින් කටයුතු කරනවා. ආසියානු සමාජයේ විශේෂයෙන්ම කාන්තාවො අතරෙ සම සුදු කරගැනීමේ උන්මාදයක් තියනව. වෙළඳ දැන්වීම්, රූපලාවණ්‍ය සමාගම් වගේ තැන්වලින් සුදු පැහැ සම බොහොම සුන්දර බවට කාන්තාවන් අතරෙ ප්‍රචලිත කරලා තියෙන නිසා සුදු වීමේ උන්මාදයට ඔවුන් ගොදුරු වෙනවා වැඩියි. සඟරාවක, රූපවාහිනී තිරයේ, වෙළඳ දැන්වීම්වල මේ හැම තැනකම ඉන්නෙ සුදු පැහැ සමක් ඇති ගැහැණුන්. 

Maargan

අභිරහස් ලෙස මරා දැමුන රම්‍යා කියන තරුණියගෙ මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පරීක්ෂක Dhruv ට භාර වෙනව. නගරයේ කසළ ගොඩක තිබිලා හමුවුණ, ඇගේ සිරුර අඳුරගන්න බැරි තරමට විරූපී වෙලා තිබුණා. ඒ විතරක් නෙමේ පැහැපත් තරුණියක් වුණ ඇගේ සිරුර අඟුරු කැටයක් තරමට කළු වී තිබුණා. මේ අන්දමින් මරා දැමුණ තරුණියන්ගේ සිරුරු මීට පෙරද හමුවී ඇති නිසා පරීක්ෂක Dhruv මෙය දාම ඝාතකයෙකුගේ ක්‍රියාවක් බව සිතනවා.

Maargan

CCTV දර්ශන වල දක්නට ලැබෙන තැනැත්තා ඝාතකයා බව අනුමාන කරන ඔවුන් ඔහුව සොයා ගන්නවා. ඒ අනුව ඔවුන් Tamilarivu කියන තරුණයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අරඹනවා. නමුත් ඔහු ඝාතකයා නොවන බව ඉක්මනින්ම ඔප්පු වෙන අතර පිහිනුම් ක්‍රීඩකයෙක් වුණ ඔහුගේ සහයෝගයෙන් පරීක්ෂණය ඉදිරියට මෙහෙයවීමට Dhruv තීරණය කරනවා. මිනිස් සිරුර විරූපී කරමින් ඝාතන සිදුකරන මේ ඝාතකයා කවුරුන්ද?

Maargan

සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව,සැලසුම් සහගතව, නාඳුනන කෙනෙක් වුව මරණයට පත්කළ හැකි අයෙක්. දාම ඝාතකයෙක්. බොහෝවිට ඔවුන් ඒ තැනට පත් වෙන්නේ, පත් කරන්නේ සමාජය විසින්. සුන්දරත්වයට හෝ වෙන කිසිම දෙයකට මිනුම් නොමැති බවත්, විවිධත්වය බොහෝ සුන්දර බවත් මිනිසුන් තේරුම් ගත් දිනෙක, ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්වෙනු නිසැකයි. එවැනි දිනක් කවදාම හෝ උදාවෙයි ද?

Maargan

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you