අමෙරිකානු – ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින්
හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හිටපු ජනපතිවරයා ටෙහෙරානයේ පිහිටි සිය නිවසේ රැඳී සිටි බවයි පවසන්නේ. මෙම ප්‍රහාරය හේතුවෙන් අහමදිනෙජාඩ් ජනපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙක් මිය ගොස් තිබෙන නමුත් ඉරාන රජය තවමත් මේ පිළිබඳ තහවුරු කිරීමක් සිදු කර නැහැ.
ඉරානයේ හයවෙනි ජනපතිවරයා වශයෙන් 2005 සිට 2013 දක්වා ඉරානයට නායකත්වය ලබා දුන් මහමුද් අහමදිනෙජාඩ් ලෝක දේශපාලනය තුළ විප්ලවකාරී නායකයෙක් ලෙසින් හැඳින්වෙනවා. ඊශ්‍රායලය සහ බටහිර රටවල් කෙරෙහි විරෝධයක් දැක්වූ ඔහු දැඩි ස්ථාවරත්වයකින් කටයුතු කෙරූ නායකයෙක්. ජාත්‍යන්තරය කුපිත කරවන ප්‍රකාශ සඳහා අහමදිනෙජාඩ් ප්‍රකට වූයේ වරක් දෙවරක් නම් නොවේ. අමෙරිකාව සහ යුරෝපය සමඟ ඉරානයේ සබඳතා බොහෝ සෙයින් පළුදු කිරීමටත් එම ප්‍රකාශ හේතු වුණා.
ටෙහෙරානය ඇතුළු නගරවලට එල්ල කෙරූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුධ ගැටුම් මැඩ පැවැත්වීමට ජාත්‍යන්තරය මැදිහත් වෙමින් තිබෙනවා. ඉරානය දිගින් දිගටම මැද පෙරදිග ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ වන විට ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.



